Posts

හියුන් සියැන් හිමියන්ගේ දඹදිව චාරිකාව - 2

Image
  හියුන් සියැන් හිමියන්ගේ සංචාරය පිළිබඳව අභුත කතා ගොතමින් සත්‍ය විකෘති කරමින් කටයුතු කරන හෙළ බුදුන් කණ්ඩායම් වලට පිළිතුරු ලෙස උන්වහන්සේ ගේ සංචාරය ගැන පුරාවිද්‍යාත්මක සාධක සමග නිවැරදි විස්තරයක් ඉදිරිපත් කිරිම මේ ලිපි පෙලේ අරමුණයි. ඉන් පළමු ලිපියෙන් හියුන් සියැන් හිමියන් පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කළෙමි. මින් ඉදිරියට උන්වහන්සේ ගේ සංචාරය පිළිබඳව පිළිවෙලින් විස්තර කිරිමට බලාපොරොත්තු වෙමි.  ක්‍රිව 630 වන විට හියුන් සියැන් හිමියන්ට වයස අවුරුදු 26 කි. උන්වහන්සේ එවකට චීනයේ අගනුවර වන චාන්ග් ආන් (Chang'an) හී සිය ගමන ආරම්භ කිරිමට සුබ ලකුණක් බලාපොරොත්තුවෙන් රැඳි සිටියේය. එහිදි උන්වහන්සේ සිහිනයෙන් මහා සමුද්‍රය මැද පිහිටි සුමේරු පර්වතය දැක සමුද්‍රය තරණය කොට සුමේරු පර්වතය මතට නැග හාත්පස දර්ශනය කරන ආකාරය දුටුවේය. මෙම සිහිනය දඹදිව බලා යන සිය දීර්ඝ ගමන ආරම්භ කිරිමට මංගල සළකුණක් සේ උන්වහන්සේ සැලකුවේය.  ~~ හියුන් සියෑන් හිමියන් චීනයේ සිට ගොඩබිම් මාර්ග වලින් සේද මාවත ඔස්සේ දඹදිවට පැමිණි අතර මුහුද හරහා ගමන් නොකලේය. ප්‍රධාන ගොඩබිමෙන් මුහුදෙන් වෙන්වු දූපතක් වන ලංකාවට උන්වහන්සේ පැමිණීමට නම් මුහු...

හියුන් සියැන් හිමියන්ගේ දඹදිව චාරිකාව. ( 01 )

Image
  චීන ඉතිහාසය පුරාවටම වරින් වර චීනයේ සිටි බෞද්ධ භික්ෂුන් වහන්සෙලා රාශියක් බුද්ධ දේශය සොයා ඉන්දීය උපමහද්වීපයට වැඩම කළ අතර උන්වහන්සේලා අතුරින් වඩාත් වැදගත් චරිතයක් ලෙස හියුන් සියෑන් හිමියන් ( Xuanzang) හැඳින්විය හැක. එම චීන භික්ෂුන් වහන්සේලා ලියූ වාර්තා අතරින් වඩාත් සවිස්තරාත්මක හා මෑත කාලිනව බුදු රජාණන් වහන්සේට අදාළ ස්ථාන සොයාගැනිමට ඉමහත් රුකුලක් ලබාදුන් වාර්තාව උන්වහහන්සේ ලියු The Great Tang Dynasty Record of the Western Regions නම් සටහනයි. "හියුං සියැන් භ්‍රමණවෘත්තාන්තය" නමින් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් එහි සිංහල සංස්කරණයක් සකස් කර ඇත. හියුන් සියැන් හිමියන් ක්‍රිව 600 දි චෙන් (Chen) පවුලේ සාමජිකයෙක් ලෙස උපත ලබන්නේ චීනයේ චෙන්ලියු (Chenliu) ප්‍රදේශයේදිය. එම ප්‍රදේශය වර්තමානයේ හේනාන් පළාතේ [Henan province] කායිෆෙන්ග් නගර සභාවට [Kaifeng municipility] අයත් ප්‍රදේශයක් වේ. දරුවන් හතර දෙනෙකු ගෙන් යුතු පවුලේ බාලම දරුවා වූ හියුන් සියෑන් හිමියන් අවුරුදු විසිදෙක  වන විට අධ්‍යාපනය අවසන් කර ක්‍රිව 622 දි චෙන්ග්දු (Chengdu) හිදි බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් බවට පත්වි ඇත.  උන්වහන්සේ අධ්‍...

වස් කාලයෙන් හෙලිවන හෙල බුදු මිථ්‍යාව.

Image
  විනය පිටකයේ මහාවග්ග පාළියේ  වස්සූපනායිකක්ඛන්‍ධකයෙ බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස් වැසිම අනු දැන වදාර ඇත්තේ මෙසේය. ~~ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.  එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.  “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.~~ එනම් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ වස්සාන ඍතුවෙහි වස් වෑසිය යුතු බවයි. එමෙන්ම එම සූත්‍ර දේශනාවේම වස්සාන හේමන්ත සහ ගිම්හාන ලෙස ඍතු තුනක් ගැන ද සඳහන් වේ.  මේ බුද්ධ දේශනාව ලංකාවට ආදේශ කර බැලීමේදි වර්ෂය පුරා බොහෝ දුරට ඒකාකාරව විහිදි ගිය වර්ෂාපතනයක් සහිත ලංකාවේ දේශගුණයට නොගැලපෙන බව පැහැදිලිව දැක ගත හැක. එමෙන්ම ලංකාවේ එලෙස පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් ද දක්නට නොමැත.  නමුත් ඉන්දිය උප මහද්විපය සැලකීමේදි වස් කාලයට සමානුපාතික වන පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් දක්නට ලැබේ. ඒ බව මාසික වර්ෂාපතන වාර්තා සලකා බැලීමේදි ද පැහැදිලිව දක්නට ලැබේ.  මේ අ...

ෆාහියන් හිමියන්ගේ වාර්තාව අනුව රජගහනුවර.

Image
  ෆාහියන් හිමියන් ගේ සංචාරක සටහන් වාර්තාව අනුව ඒ හිමියන් ගංගා නම් නදිය තරනය කිරිමෙන් පසුව දකුනු දෙසට යොදුනක් පමණ ගමන් කොට පාටලිපුත්‍ර නගරයට පැමින ඇත. අනතුරුව පාටලිපුත්‍රයේ සිට ගිණිකොණ දෙසට යොදුන් 9 ක් ගමන් කොට ඉන්දසාල ගුහාව පිහිටි හුදකලා කඳු වැටියට ළඟා වෙයි. එහි සිට නිරිත දිසාවට යොදුනක් සහ බටහිරට යොදුනක් ගමන් කොට රජගහනුවර අලුත් නගරයට ළගා වෙයි. අලුත් නගරයේ දකුණු දොරටුවෙන් පිටවි දකුනට ගමන් කොට පැරණි නගරය පිහිටි කඳු වලින් වටවු නිම්නයට ඇතුළු වේ. නිම්නයට ඇතුළු වන ස්ථානයේ සිට කඳු වැටිය පාමුලින් ගිණිකොණ දෙසට ගමන් කොට ගිජ්ජකූටයට ළඟා වෙයි. අනතුරුව නිම්නයේ උතුරු දොරටුවෙන් පිටවි නව නගරය දෙසට ගමන් කොට වේළුවනයට ළඟා වෙයි. අනතුරුව කඳු වැටියේ උතුරු පැත්තේ බටහිර දෙසින් ඇති සප්තපර්ණි ගුහාව ට පැමිනේ. අවසානයේ රජගහනුවර සිට යොදුන් 4 බටහිර දෙසින් ඇති ගයා නගරයට ගමන් කරයි. මෙම විස්තරයට කදිමට ගැලපෙන ඉන්දියාවේ පිහිටි රජගහ නුවර, එහි විස්තර සහ ගයාව පහත සිතියම් වල දක්වා ඇත. හෙළ බුදුන් කණ්ඩායම් කළ යුතු වන්නේ රජගහ නුවර රැගෙන ලංකාව වටේ යැම නොව ඉහත විස්තරයට ගැලපෙන පරිදි ගංගා නදිය සහ පාටලිපුත්‍රය, ඉන්දසාල ගුහාව, නව ...

ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ පැවතිය නො හැකි ද?

Image
  ෆාහියන් හිමියන් සිය සංචාරය අතර තුර දි දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු උන්වහන්සේ වැඩම කරන කාලයට ශතවර්ෂ හතකට පෙර කාවන්තිස්ස රජතුමා විසින් ලංකාවේ සේරුවාවිල මංගල මහා සෑයේ නිදන් කල ලලාට ධාතුන් වහන්සේ නොවන බව මීට පෙර ලිපියෙන් සාධක සහිතව තහවුරු කර පෙන්වා ඇත.  එම ලිපියට සබැඳිය https://vikurthiyataerehiwa.blogspot.com/2024/05/blog-post_8.html ඉහත කාරණයට අමතරව ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේලා පිලිබඳව හෙල බුදුන් කණ්ඩායම් තවත් විකෘති මත කිහිපයක් ඉදිරිපත් කරන බැවින් ඒවා පිලිබඳව ද සත්‍ය පැහැදිලි කිරිම මේ ලිපියේ අරමුණයි. ඔවුන් එහි දි රැගෙන එන ප්‍රධානතම මතය නම් බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමක් පමණක් ඉතිරි වූ බවත් ඒ හත අතර ශීර්ෂ කපාල ධාතුවක් ගැන සඳහන් නොවන බැවින් එවැනි ධාතුන් වහන්සේ නමක් තිබිය නොහැකිය යන මතයයි. ඒ පිලිබඳව මූලාශ්‍ර වල කරුණු සලකා බලමු. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වු නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව සඳහන් වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ අටුවාවයි. අටුවාවේ ඒ කොටස පහත උපුටා දක්වමි...

ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ ද?

Image
  ෆාහියන් හිමියන් චීනයේ සිට බුද්ධ දේශය සොයා ක්‍රිව 5 වන සියවසේ දි ඉන්දිය උප මහද්වීපය බලා කල ගමනේ සංචාරක සටහනේ එම ගමන අතරමග ස්ථානයක දි උන්වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ ගේ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් බව සටහන් කර ඇත. හෙල බුදුන් කණ්ඩායම් මූලාශ්‍ර වල ඇති විස්තර විකෘති කරමින් සමහර විස්තර සඟවමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වමින් එම ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු ලංකාවේ ඇති බුදු රජාණන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ බවත්, ඒ නිසා උන්වහන්සේ ඉන්දියාවට වැඩම කල කතාව අසත්‍යයක් බව සහ උන්වහන්සේ වැඩම කළේ ලංකාවට බවත් මතයක් සමාජ ගත කරමින් සිටි. මූලාශ්‍ර වල ඇති කරුණු සලකා බලමින් මේ කාරණයේ සත්‍ය අසත්‍යතාව විසඳා බලමු. ▪️ ෆාහියන් හිමියන් ගේ ගමන් වාර්තාවේ උන්වහන්සේ චීනයෙන් පිටත්ව අනුපිළිවෙළින් ගොඩ බිම් සේද මාර්ගය ඔස්සේ බටහිරට ගමන් කොට පසුව වර්තමාන ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ප්‍රදේශ වලින් ඉන්දිය භූමියට ඇතුල් වූ අකාරය පැහැදිලිව විස්තර කර ඇති අතර, එම ගමනේ දි හමුවන නගර සහ රාජධානි අනුපිළිවෙළින් සටහන් කර ඇත. ඉන් අනතුරුව පිළිවලින් ඉන්දිය භූමිය හරහා ගමන් කරන ආකාරය සටහන් කර ඇත.  මීළඟට ගංඟා නම් නදි...

මගධය පිලිබඳව සෙල්ලිපි සාධක.

Image
 හෙල බුදුන් කණ්ඩායම් ලංකාවේ මගධය පෙන්වීම සඳහා සෙල්ලිපි සාධක නොමැති බැවින් දෙගම මගද කිරිම වැනි සිල්ලර වැඩ වලින් මගධය ලංකාවේ පෙන්වීමට සැරසෙන නමුත් ඉන්දියාවේ මගධය පිලිබඳව සෙල් ලිපි සාධක රාශියක් පවති. මේ ඒ අතරින් මගධය ලෙස සඳහන්ව ඇති සෙල් ලිපි කිහිපයක් පහත ඉදිරිපත් කරමි. 1.) අශෝක අධිරාජ්‍යයා ගේ බෛරාට් සෙල් ලිපිය. අශෝක අධිරාජ්‍යයා ගේ සුළු සෙල් ලිපි අංක තුන (minor rock edict no 3) නමැති බෛරාට් විහාරය අසල හමුවු ක්‍රිපු 3 වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියු සෙල් ලිපියේ පැහැදිලිව මගධ යන නාමය සටහන් කර ඇති අතර මගධයේ රජ ප්‍රියදර්ශි ලෙසද වැඩි දුරටත් එහි සඳහන් වේ.  Inscriptions of Asoka. New Edition by E. Hultzsch 1925 p.172  2.) සාංචි සෙල් ලිපිය ( Sanchi pillar edict)  අශෝක රජු විසින් පිහිටවු සාංචි පුදබිමේ පිහිටි අශෝක කුළුණේ පිහිටි මේ සෙල් ලිපියේද මගධය ලෙස සඳහන් කර ඇත. බ්‍රාහ්මි අක්ෂර වලින් ලියු ක්‍රිපු 3 වන සියවසට අයත් වන එහි පලමු පේළියේ මගධ නාමය සටහන් වේ. The Bhilsa topes, or, Buddhist monuments of central India by Alexander Cunningham. p. 261 3.) Hathigumpa inscription...