බාහිය දාරුචීරිය රහතන් වහන්සේ ගේ කතාවේ මිත්‍යාව
බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ කතාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව - අංක 19 බාහිය දාරුචීරිය රහතන් වහන්සේ රහත් වීමට පෙර බුදු රදුන් සොයා සුප්පාරක සිට පැමිණි ගමන ගැන සඳහනක් උපුටා දක්වන මේ පිරිස a) උන්වහන්සේ එක් දිනකින් සුප්පාරක සිට සැවැත් නුවරට ඒක රැයකින් ගමන් කර ඇති බව දක්වයි. b) ඒ්වැනී දුරක් ඒක රැයකින් ගමන් කළ නොහැකි බව පවසයි. c) එබැවින් මේ ඉන්දියාවේ නොවන බවත් ලංකාවේ බවත් ප්‍රකාශ කරයි. මේ සත්‍ය ද?? බාහිය දාරුචිරිය තෙරුන් වහන්සේගේ කතාව ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ උදාන පාළියේ බෝධි වර්ගයේ ඇති බාහිය සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇත. එහි සුප්පාරක සිට සැවැත් නුවරට ගමන් ගත් අයුරු සඳහන් වන අතර එහි පැහැදිලිව මෙසේ සඳහන් කර ඇත. "ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය". පාලි පෙළ. "අථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකම්හා පක්කාමි. සබ්බත්ථ එකරත්ති...