Posts

Showing posts from June, 2020

ගුරුත්වය අඩුම ස්ථානය ලංකාව ද?

Image
මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව. බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15. මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු... A) ලෝකයේ මැද ශ්‍රී ලංකාව. B) ලෝකයේ අඩුම ගුරුත්වය ඇති තැන ලංකාව. C) එබැවින් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව. D) බුදු බව ලබාගැනීමට, මාර්ගඵල ලබාගැනීමට ගුරුත්වය අඩු වෙන්න ඕනේ. E) නාසා ආයතනයේ සිතියමේ විදියට ලංකාවේ තමයි අඩුම ගුරුත්වය තියෙන්නේ. මේ කරුණු ගැන එකින් ඒක සාධක සාක්ෂි සමග සලකා බලමු. 1. පෘතුවිය යනු සමකයෙන් මදක් එළියට නෙරා ගිය ගෝලයකි. 2. ගෝලයක පෘෂ්ඨයේ ඒක ස්ථානයක් එහි හරි මැද ලෙස පැවසීය නොහැක. 3. ගෝලයක හරි මැද ඇත්තේ එහි අභ්‍යන්තරයේ මධ්‍ය ලක්ෂයේ ය. 4. එබැවින් ශ්‍රී ලංකාව පෘථිවි ගෝලයේ මැද ඇති බව පැවසීම මිථ්‍යාවකි. දැන් ගුරුත්වය ගැන සලකා බලමු. 5. ගුරුත්වය අධ්‍යනය කිරීමට හා සිතියම් ගත කිරීමේ අන්තර්ජාතික ව්‍යාපෘති දෙකකි. a) නාසා ආයතනයේ GRACE ව්‍යාපෘතිය. මෙය 2002 වසරේදී ආරම්භ කර 2017 වර්ෂයේදී අවසන් කරන ලදී. b) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE ව්‍යාපෘතිය. මෙය 2009 වර්ෂයේදී ආරම්භ කර 2013 වර්ෂයේදී...

ගංගා නම් ගඟ ලංකාවේ ද?

Image
බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස ඉදිරිපත් කරන සාක්ෂි වල මිත්‍යාව- (01කොටස) පහත ඉදිරිපත් කර ඇති පොටෝ එකේ සඳහන් පරිදි ඔවුන් ගංඟා නම් ගග පිළිබඳව සංයුක්ත නිකායේ ගංඟා නදී සූත්‍රයේ සඳහනක් සහ ග්‍රීක පඬිවරයෙකු වන ටොලමි විසින් ඇඳ ඇති සිතියමක් භාවිතා කරයි.  ඔවුන් මෙහෙදි තහවුරු කිරීමට අදහස් කරන්නේ ගංඟා නම් ගඟ ලංකාවේ පිහිටා ඇති මහවැලි ගඟ වන බවයි.  සංයුක්ත නිකායේ සඳහන් වන පරිදි පෙරදිගට නැමී, පෙරදිගට හැරී පෙරදිගට බරව ගමන් කරයි යන විස්තරය ලංකාවේ මහවැලි ගඟට ආදේශ කිරීමයි.  නමුත් මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණ නම් මහවැලි ගඟ ගලන්නේ ඊසාන දෙසට නැමී ඊසාන දෙසට හැරී ඊසාන දෙසට බරව වන බවයි.  එසේම ගංඟා නම් නදිය පෙරදිගට නැමී, පෙරදිගට හැරී පෙරදිගට බරව ගමන් කරන බව ඔවුන් ඉදිරිපත් කරන පොටෝ එකේද පැහැදිලිව පෙනේ.  එමගින් ඔවුන්ගේ තර්කය බිඳී යයි. ඔවුන් ඉදිරිපත් කරන අනිත් තර්කය නම් ටොලමි ගේ ශ්‍රී ලංකා සිතියමේ gange යන්න ලෙස හඳුන්වා ඇත්තේ ගංඟා නම් නදිය වන බවයි. නමුත් ටොලමි විසින් ඇඳ ඇති සිතියම් දැනට සොයාගැනීමට නොමැති අතර විවිධ අය විසින් එම මුල් සිතියම් වල ...

කැනොන් බොල් ගස සල් ලෙස හඳුන්වා තිබේද?

Image
Cannon ball ගස 1881 බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට ගෙන ආ බව තහවුරු කළ පසු ගෙන ආ පැනයක් නම් ඊට පෙර සල් යනුවෙන් හැඳින්වූ ශාකය කුමක්ද යන්නයි. එයට පිළිතුරක් Shantha Kumara මහතාගෙන් උපුටා දක්වමි. ●●● "සල්" කී පමණින්        කැනන්බෝල් ( cannon ball)                   "සල් " වේ ද? ●●● ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ " සුරක්සිතව ඇති කළාට උරුලෑවා බළල් වේ ද"  යන පැරැණි උපදේශ කවියක කී ලෙස බළලකු බව සිතමින් කියමින් හදා වඩා ගත්ත ද උරුලෑවා බළලෙකු කළ නොහැකිය. එ පරිද්දෙන් ම විදේශීය ශාකයන්ට දේශීය නම් යොදා හැඳින් වූ මුත් ඒවා කිසි කලෙක දේශීය ශාක වන්නේ හෝ දේශීය ශාකවලින් ලබා දෙන ප්‍රයෝජන අත්කර දෙන්නේ නැත. ඇතැමෙකුට මේ බව නොවැටහෙන නිසා ද තවත් අය ඒ බව දැන දැන නමුදු සිතා මතා ජනයා මුලා කිරීමේ අරමුණෙන් ද දැන් දැන් විදේශීය ශාක දේශීය ශාක බව හුවා දැක්වීමට තැත් කරන බව පෙනේ. ඒ සඳහා පැරැණි පොත්පත්වල ඇති සඳහන් ප්‍රකාශන ඉදිරිපත් කරනවා පමණක් නොව ඒ ඇසුරෙන් ඉතා ළපටි බොළඳ ප්‍රශ්න ඉදිරිපත් කරති. පෝස්ටර් තනති. තව පිරිසක් කිසිදු වග විභාගයකින් තොරව ම ඒම පෝස...

සීගිරි චිත්‍ර වල ඇත්තේ සල් මල් ද?

Image
සීගිරි චිත්‍ර වල ඇත්තේ සල් මල් ද?? බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව - අංක 14 බුදු රදුන් ලංකාවේ බවට සාක්ෂි ඉදිරිපත් කරන පිරිස, අප විසින් ඔවුන් සල් යනුවෙන් හඳුන්වන cannon ball tree (කාලතුවක්කු උණ්ඩ ගස) හෙවත් Couroupita guianensis ශාකය,  1. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට 1881 හඳුන්වා දුන් ගසක් බවත්  2. ත්‍රිපිටකයේ සඳහන් වන සල් ශාකය එය නොවන බවත්,  සාධක සාක්ෂි ඇසුරින් තහවුරු කර පෙන්වා දුන් පසු, 1881 ට පෙර ඔවුන්ගේ cannon ball ගස් ලංකාවේ තිබුණ බවත් සීගිරි චිත්‍ර වල එම මල් සිත්තම් කර ඇති බවත් සාවද්‍ය මතයක් ගෙන යමින් සිටියි. සීගිරි චිත්‍ර වල ඇත්තේ cannon ball මල් ද?? ඔවුන් පවසන ආකාරයට මේ අගනුන් රැගෙන යන මල් cannon ball හෙවත් ඔවුන්ගේ සල් මල් වන්නේය. එම රූප සටහන් බැලීමේදී එම මල් කිසිසේත් cannon ball මල් නොවන බව ඕනෑම අයෙකුට පෙනී යන නමුත් මොවුන් තරයේම සිය මතය ප්‍රකාශ කරන බැවින් ඒ ගැන විමසා බලමු. සීගිරි චිත්‍ර බලා ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කිව හැකි බැවින් මොවුන් තම සාවද්‍ය අදහස ප්‍රකාශ කරයි. නමුත් මොවුන් අමතක කරන දෙය නම් එසේ ...