ගුරුත්වය අඩුම ස්ථානය ලංකාව ද?

මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව.

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 15.


මේ පිළිබඳව මෙම පිරිස ගෙන එන කරුණු...


A) ලෝකයේ මැද ශ්‍රී ලංකාව.


B) ලෝකයේ අඩුම ගුරුත්වය ඇති තැන ලංකාව.


C) එබැවින් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව.


D) බුදු බව ලබාගැනීමට, මාර්ගඵල ලබාගැනීමට ගුරුත්වය අඩු වෙන්න ඕනේ.


E) නාසා ආයතනයේ සිතියමේ විදියට ලංකාවේ තමයි අඩුම ගුරුත්වය තියෙන්නේ.


මේ කරුණු ගැන එකින් ඒක සාධක සාක්ෂි සමග සලකා බලමු.


1. පෘතුවිය යනු සමකයෙන් මදක් එළියට නෙරා ගිය ගෝලයකි.


2. ගෝලයක පෘෂ්ඨයේ ඒක ස්ථානයක් එහි හරි මැද ලෙස පැවසීය නොහැක.


3. ගෝලයක හරි මැද ඇත්තේ එහි අභ්‍යන්තරයේ මධ්‍ය ලක්ෂයේ ය.




4. එබැවින් ශ්‍රී ලංකාව පෘථිවි ගෝලයේ මැද ඇති බව පැවසීම මිථ්‍යාවකි.




දැන් ගුරුත්වය ගැන සලකා බලමු.


5. ගුරුත්වය අධ්‍යනය කිරීමට හා සිතියම් ගත කිරීමේ අන්තර්ජාතික ව්‍යාපෘති දෙකකි.


a) නාසා ආයතනයේ GRACE ව්‍යාපෘතිය.

මෙය 2002 වසරේදී ආරම්භ කර 2017 වර්ෂයේදී අවසන් කරන ලදී.


b) යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE ව්‍යාපෘතිය.

මෙය 2009 වර්ෂයේදී ආරම්භ කර 2013 වර්ෂයේදී අවසන් කරන ලදී.


6. මෙම ව්‍යාපෘති දෙක මගින්ම ලෝකයේ ගුරුත්වය අධ්‍යයනය කර සිතියම් ගතකිරීම සිදුකර ඇත.


7. එමගින් ලෝකය පුරා ගුරුත්වය ඒකාකාරී නොවන බවත් අඩු හා වැඩි ගුරුත්ව කලාප රාශියක් සෑම මහද්වීපය කම සහ මුහුදේ විසිරි ඇති බවත් තහවුරු කර ඇත.








8. ලංකාව ආසන්නයේද මෙවැනි අඩු ගුරුත්ව කලාපයක් ඇති අතර Indian Ocean Geoid Low (IOGL) ලෙස එම කලාපය හඳුන්වයි. 


9. මෙම කලාපයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ලෙස ලංකාව තුළ නොව ලංකාවට පිටතින් ලක්ෂදිව් මුහුදේ ලෙස හඳුනා ගෙන ඇත.




10. එසේම මෙම GRACE හා GOCE ව්‍යාපෘති දෙකේම සම්පූර්ණ දත්ත හා ගොඩබිම් රේඩාර් මගින් ලබාගත් භූවිෂමතා දත්ත සියල්ල එකතු කර විමර්ශනය කළ ඕස්ට්‍රේලියාවේ කර්ටින් සරසවිය වඩාත් සවිස්තරාත්මක සිතියමක් ගොඩනගා ඇත.


ලින්ක් 👇👇👇

https://www.newscientist.com/article/dn24068-gravity-map-reveals-earths-extremes


👇👇👇

Geophysical Research Letters, DOI: 10.1002/grl.50838

11. එම සිතියම අනුව ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය දකුණු ඇමරිකාවේ පිරූ රජ්ජ්‍යයේ Nevado Huascarán කඳු වැටිය බව තහවුරු කර ඇත.




12. එසේම ලංකාව අවට ඇති අඩු ගුරුත්ව කලාපයේ (IOGL) අඩුම ගුරුත්වය ඇති ස්ථානය ලෙස ලංකාවෙන් බැහැර ලක්ෂදිව් මුහුද හඳුන්වා ඇත.


13. එසේම නාසා ආයතනයේ යැයි කියන මොවුන් පෙන්වන සිතියම GRACE ව්‍යාපෘතියේ සිතියමක් නොවන අතර යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE ව්‍යාපෘතියේ මුල් මාස දෙකක පමණ දත්ත උපයෝගී කරගෙන සෑදූ මුල් කාලීන සිතියමකි.




14. මෙම කරුණු සියල්ල සලකා බැලීමේදී ගෝලයක් වන පෘතුවි පෘෂ්ඨයේ හරි මැද ශ්‍රී ලංකාව පිහිටා ඇතැයි කීම බොරුවකි.


15. එසේම අඩුම ගුරුත්වය ඇති තැන ලංකාවේ පිහිටා ඇති බව කීම සත්‍ය කරුණු වසංකර ගොතා ඇති බොරුවක් බව ද පැහැදිලිවේ.


16. එබැවින් මේ බොරු තර්ක දෙක මත පවසන බුදු වරුන් පහළ වන මධ්‍ය මණ්ඩලය/ මධ්‍ය දේශය ලංකාව බව පෑවසිමද කිසිදු පදනමක් නැති බොරු මතයක් බව තහවුරු වෙයි.


17. එසේම මේ අඩු ගුරුත්වය බුදු බව ලබාගැනීමට හෝ මාර්ගඵල ලබාගැනීමට අවශ්‍ය වනවා යන කරුන ත්‍රිපිටක බුද්ධ දේශනා කිසිවක කිසිම අයුරකින් සඳහන් නොවන සහ බෞද්ධ සාහිත්‍යයේ ද කිසිදු තැනක සඳහන් නොවන මිත්‍යාදෘෂ්ටිය ක් බවද පැවසීය යුතුයි.




18. එසේම මෙය සත්‍යයක් නම් මෙවැනි වැදගත් අත්‍යවශ්‍ය කරුණක් බුදු රජාණන් වහන්සේ දේශනා නොකර සිටියිද??


19. අඩු ගුරුත්වය මාර්ගඵල ලබාගැනීමට හේතුවක් නම් ශුන්‍ය ගුරුත්වය ඇති අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වැනි ස්ථානවල මාස ගණන් ගත කරන අභ්‍යවකාශ ගාමින් මාර්ගඵල ලබාගත යුතු නොවේද?


20. රුසියානු මිර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 1994 ජනවාරි මාසයේ සිට 1995 මාර්තු මාසය දක්වා (දින 438) වර්ශයකටත් වඩා අධික කාලයක් ගත කර වාර්තාවක් පිහිටවූ රුසියානු අභ්‍යවකාශගාමි වැලරි පොල්යාකොව් මාර්ගඵල ලබාගත යුතු නොවේද?




21. ශුන්‍ය ගුරුත්වයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකර සියලු දෙනා මාරුවෙන් මාරුවට එහි යැවීමෙන් හෝ පොළවේම ශුන්‍ය ගුරුත්ව ඇති මධ්‍යස්ථාන ඇති කර හැකි සියලු දෙනාට මාර්ගඵල ලබාදීමට ව්‍යාපෘති ඇති කළ යුතු නොවේද???


22. බුද්ධ දේශනාවේ සඳහන් නොවන හා නූතන විද්‍යාව මගින්ද බොරුවක් වන මේ මිථ්‍යාවන් වලින් බෞද්ධ ඔබ සැම නොමග යා යුතුද???


සම්පූර්ණ වීඩියෝව 👇👇👇👇



බුද්ධියෙන් විමසුමට සැබෑ බෞද්ධ ඔබ සැමට..


තෙරුවන් සරණයි. 


මනෝජ් කුමාර.


Comments

  1. ඔබතුමා සදහන් කර ඇති Links පිළිගත හැකි ඒවා නොවේ.කරුණාකර blog sites වලින් උපුටා නොගන්න.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?