මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
පහුගිය සති 3නේ මිථ්‍යාර්ථය නාලිකාවේ කවුද කෙනෙක් පොතක් ලියා ගෙන, මහවැලි කථාව තවත් කියවනව.
ReplyDeleteමේ ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.
බුදුරජාණන් වහන්සේ ලංකාවේ කියා ගන්නා විකෘතිකයන්ට ලොකු අභියෝගයක් වෙලා තිබ්බ ෆාහියන් භික්ෂුණ් වහන්සේගේ වාර්තාවට දැන් කතන්දරයක් හදා ගෙන.
ඔවුන් හැම විටම කරන්නේ යම් අක්‍රමිකතාවයන් හොයා ගෙන එව්ව තවත් විකෘති කරල ඉදිරිපත් කරනව මිනිස්සුන්ව රවට්ටන්න.
අර ඇලොයිස් ෆියුරෙගේ කථාව වගේ එකක් කදිමෙට ගොතා ගෙන ෆාහියන් භික්ෂූණ් වහන්සේගේ වාර්තාව ගැනත්. ඒ විකෘතිය කෙටියෙන් මෙසේයි.
ලේඩ්ලි සහ කනින්හැම් අතර මිත්‍ර සම්බන්ධයක් තිබ්බනේ, ඒ ෆාහියන් භික්ෂූණ් වහන්සේගේ වාර්තාව, කනින්හැම්ට අවශ්‍ය විධිහටලු පරිවර්තනය කරල තියෙන්නේ කියල.
මරු ඒක බලන්න වටිනව ඔවුන් කථා ගොතා ගන්න හැටි බලා ගන්න. ඒ කථා කොහොම හරි ගොතා ගෙන පොතුත් ලියගන්නව.
ඒ ඉදිරිපත් කරන පුද්ගලයා කියන්නේ නෑ ජේම්ස් ලෙගේගේ බෞද්ධ රාජධානී කියන පරිවර්තනය ගැන.
ඒක අපරාධයක්. ඒවගේම ඔහුගේ පොතෙත් තියෙන්නේ බොරු.
A RECORD OF BUDDHISTIC KINGDOMS ::
https://www.gutenberg.org/files/2124/2124-h/2124-h.htm
ඒ ගැන තමයි මහත්මා මේ ලිපිය. නම් සඳහන් කර නෑ
Deletegodak watinawa me karana de
ReplyDeleteස්තුතියි
Deleteපාහියන් හිමි ලංකාවට ආවා කියලා දේශාටන වාර්තාවල සඳහන් වී තිබෙනවාද..? එසෙ නම් කරුණාවෙන් ඒවා දක්වන්න පුලුවන්ද....?
ReplyDeleteපාහියංගල ට ආවයි කියලා වාර්‍ය්හාවල සඳහන්ද..?
Deleteපාහියන් හිමි වැඩියයි කියලා නිවැරදි වෙන්න ඕනෙ.. රත්නත්‍රය මාහට සමාවේවා..
Deleteකරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ, කකුළුවා දඟලන්නේ වතුර රත් වෙනකම් විතරයි ඩයස්පෝරාවේ කවුරු කව්රුත් ආන්න ඒක මතක තියා ගත්තොත් හොඳයි!!⚠☸🙃😶👍
Deleteෆාහියන් හිමියන් ලංකාවට වැඩිය. චීනයේ සිට වැඩම කළ ආකාරය බොහොම පැහැදිලිව අනුපිළිවෙලට තිබෙනවා. ඉන්දියාවේ බුදු රදුන්ට අදාල ස්ථාන වලින් පසුව උන් වහන්සේ නැව් මගින් ලංකාවට වැඩම කළා. ලංකාවේ ඉඳන් තමයි ආපහු චීනයට ආපසු වැඩම කරේ
Delete