යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

 යොදුන සහ ගව්ව සිංහල දීපවංසය ඇසුරින්.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක 23.


මහාවංසය ඇසුරින් යොදුන සහ ගව්ව ආසන්න වශයෙන් ගණනය කළ අපහට දළ වශයෙන් කීමි 14 ( 13.8km) ක පමණ අගයක් ලැබිණි.


පහත ලින්ක් එකෙන් එම ගණනය කළ ආකාරය බලා ගත හැක.

https://www.facebook.com/groups/311232793326531/permalink/355531615563315/


එසේනම් යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින් ගණනය කර බලමු.


දීපවංසය ලංකාද්වීපයේ දිග, පළල සහ වට ප්‍රමාණය යොදුන් වලින් සඳහන් කර ඇත.


එනම් ලංකාද්වීපයේ

දිග යොදුන් = 32

පළල යොදුන් = 18 

වට ප්‍රමාණය යොදුන් = 100 





දැන් මෙම ප්‍රමාණය වර්තමාන ලංකාවේ දිග පළල සහ වට ප්‍රමාණයට ආදේශ කර බලමු.


වර්තමාන ලංකාවේ

දිග කීමි = 435

පළල කීමි = 240

වට ප්‍රමාණය කීමි = 1340 






මෙම යොදුන් ප්‍රමාණය කීමි වලට පරිවර්තනය කර බලමු.


දිග = යොදුන් 32 = කීමි 435

එනම්

යොදුන = 435 ÷ 32 = 13.5 km


පළල = යොදුන් 18 = 240 කීමි

එනම්

යොදුන = 240 ÷ 18 = 13.33km


වටප්‍රමාණය  = යොදුන් 100 = 1340කීමි

එනම් 

යොදුන = 1340 ÷ 100 = 13.4km


මෙම ගණනයන් මගින් ලැබෙන යොදුන ආසන්න වශයෙන් සමාන වන බැවින් ( 13.5- 13.33 - 13.4) අතීත මිනුම් නිරවද්‍ය බව සනාථ වෙයි.


එසේම මෙයින් යොදුන පිළිබඳව ද ආසන්න වශයෙන් සමාන අගයක් ලබා ගත හැක. 

මෙම අගයන් මහාවංසය ඇසුරින් ලබාගත් යොදුන් අගය වන 13.8කීමි  හෙවත් ආසන්න වශයෙන් 14කීමි සමග  මානව ගැලපෙයි. 


මෙයින් තහවුරු වන ප්‍රධානම කරුණ නම් සියක් යොදුන් ලංකාද්වීපය ලෙස අතීත වංශකතා ආදී මූලාශ්‍ර වල සඳහන් කර ඇත්තේ මේ මුළු දිවයිනම ගැන වන බවයි.


දැන් ඇතිවන ගැටලුව නම් සියක් යොදුන් ලංකාද්වීපය මේ මුළු දිවයින ම වන කළ ජම්බුද්වීපය කට  ඉඩ කඩක් කොහිද යන්නයි.


එසේ නම් මේ මුළු දිවයින ම ලංකාද්වීපය වන බව තහවුරු වන විට බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිසගේ ජම්බුද්වීපය සහ ලංකාද්වීපය දෙකම මේ දිවයින තුල තිබූ බවට කරන ප්‍රකාශය අමූලික බොරුවක් බව පැහැදිලි වෙයි.


එනම් ජම්බුද්වීපය ලංකාව යන ප්‍රකාශය හිතළු වක් බව සහ බුදු රදුන් ලංකාවේ බව පවසන මිථ්‍යා මතය තහවුරු කිරීමට වලිකන පිරිස ගොතන ලද බොරුවක් බවත් තහවුරු වෙයි.


මහාවංසය ඇසුරු කරගෙන සහ දීපවංසය ඇසුරු කරගෙන කළ මේ ගණනයන් දෙකෙන්ම යොදුන පිළිබඳ ආසන්න වශයෙන් සමාන අගයන් ලැබීම අපේ පැරණි මුලාශ්‍ර වල සත්‍යතාවය ඉතා කදිමට තහවුරු වීම මෙන්ම බුදු රදුන් පිළිබඳ ඉතිහාසය විකෘති කරන්නන්ට මූලාශ්‍ර වලින් දෙන පිළිතුරක් ද වෙයි.


තවද මේ මූලාශ්‍ර ඇසුරින් කල ආසන්න වශයෙන් සමාන අගයන් අනුව බුදු රදුන් ලංකාවේ බව පවසන අසාන් සජීවන් ප්‍රමුඛ පිරිස ගෙන එන, මූලාශ්‍ර සාධක කිසිවක් නැති 1.6km අඟුටු මිටි යොදුන විය නොහැක්ක ක් බව යළිත් වරක් තහවුරු වෙයි.


Comments

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?