ඉන්දියාවේ නැතැයි පවසන ප්‍රකාශ වලට පිළිතුරු.
බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 20 බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස ඒ බව තහවුරු කිරීමටත් ඉන්දියාවේ නොවන බව පෙන්වීමට ත් ප්‍රකාශ 10ක් ඉදිරිපත් කර ඇත. මෙම ප්‍රකාශ විමසා බැලීමට ප්‍රථමයෙන් ඔබ සැමගේ අවධානය මෙම ප්‍රකාශ වල ඇති සුවිශේෂී කරුණක් කෙරෙහි යොමු කිරීමට කැමැත්තෙමි. මෙම ප්‍රකාශ සියල්ලේම බුදු රදුන් හැඳින්වීමට බුදු රදුන්, බුදු රජාණන් වහන්සේ හෝ බුදු හාමුදුරුවන් වැනි ගෞරව නිය වදන් වෙනුවට "බුදුන්" යනුවෙන් පමණක් භාවිතා කර ඇත. ඒ ඇයි?? සිතා බලන්න මඳක්..... දැන් මේ ප්‍රකාශ 10 සත්‍ය අසත්‍ය බව පිළිවෙලින් සලකා බලමු. 1. ඉන්දියාවේ පිරිසිදු බුදු දහම නැත. ගෞතම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ජීවමානව වැඩ සිට වසර 45 බුදු දහම දේශනා කළ, සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක දෙනම ප්‍රමුඛ අසූමහා ශ්‍රාවකයන් වැඩ සිට ධර්ම දේශනා කළ, පළමු දෙවන හා තෙවන ධර්ම සංගායනා සිදුකළ, එතැන් සිට ලංකාවට ද ථෙරවාදී බුදු දහම සහ ත්‍රිපිටකය ලබාදුන් භූමියක පිරිසිදු බුදු දහම පැවතියේ නැතැයි පැවසීම විහිළුවකි. එසේම මෙතෙක් සොයාගෙන ඇති පැරණිම ත්‍රිපිටක ලේඛන වන ක්‍රිව පළවෙනි සියවසට පමණ අයත් Gandhariyan ...