මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
ඉන්දියාවෙ උන් බොරු තැන් වලත් නම් දාල උන්ගෙ ආර්තිකය හදා ගන්නවා. ලන්කාවෙ ඔබතුමන් වගෙ අය සාදක තිබිලත් ඒව ගැන හොයන්නෙ නැතුව උන්ගෙ ඒවම හරි කියලා දානවා, ඔබතුමන් හරි සාදක නොදැන මෙවගෙ ලිපි ලියන්න එපා. වැඩිවිස්ත කියන සියල්ල ඔබවගෙ අය සකස් කරපුවා, නමුත් සෙල් ලිපි තියනවා ඔප්පු කල හැකි. තවද ඉන්ඩියාවෙ බුද්ද ස්පා, බුද්ද රෙස්ටුරන්ට් ගැනත් ටිකක් ලියන්න. බුදුන් ගේ දෙශය මෙ හෙල දිවයි සක්විති රජවරුන් පහල වෙන්නෙත් මෙ හෙලදිවයි. එවැනි පින් බිමක ඉපිද ජාන කලවන් වූවන් ලෙස ලිපි ලියන්න එපා
ReplyDeleteඔබතුමාත් මෙතුමා වගේ සාදක තියනවා නම් ඒවා දාල මේවගේ ලිපියක් ලියන්න. ලංකාවේ බුදුන් ඉපදුනු බව තියන සාක්ෂි ඉදිරිපත් කරන්න. විස්වාස කරන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න පිළිවෙලකට.
Deleteඔබත් DNA පරීක්ෂණයක් කරගන්න එවිට ජන කලවම් වීම පිලිබඳ දන ගත හැකි. විශේෂයෙන්ම ලංකාවේ කලවම් නොවූ ජන ඇති පුද්ගලයෙක් සිටිනම් එය මහා පුදුමයකි.
DNA ටෙස්ට් කරගැනීමට: https://www.ancestry.com/dna/
ලංකාවේ සාධක සාක්ෂි මූලාශ්‍ර ඉදිරිපත් කරන ලෙස මේ මතය අරන් එන අයට අපි ඕනේ තරම් අභියෝග කරලා තියෙනවා. නමුත් තවම ඒ්වනි පිළිගත හැකි කිසිම සාධක සාක්ෂියක් ඉදිරිපත් කර නැහැ.
Deleteඔබ ළඟ තිබේ නම් ඉදිරිපත් කරන්න. ඒ ඕනෑම ඒකක ඇත්ත හෝ බොරුව පෙන්වන්න අපි සූදානම්.
ඒ වගේම කලවම් නැති පිරිසිදු ජාන කියන එකම තනිකරම බොරුවක්.
Deletevery well written :). Thank you for your effort
ReplyDeleteThank you very much 😍😍
Deleteආගමයි දේශාභිමානයයි පටලවාගෙන දගලනවා...තව කාලෙකින් ක්‍රිස්තියානි මිනිස්සු කියයි ජේසු තුමන් හිටියෙත් මෙහෙ කියල...අපේ මිනිස්ස්සුත් විශ්වාස කරයි... මේ වගේ ලිපි ගොඩක් වටිනවා...මේ ඔබල කරන්නේ සමාජ මෙහෙවරක්
ReplyDelete