Posts

Showing posts from May, 2024

ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ පැවතිය නො හැකි ද?

Image
  ෆාහියන් හිමියන් සිය සංචාරය අතර තුර දි දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු උන්වහන්සේ වැඩම කරන කාලයට ශතවර්ෂ හතකට පෙර කාවන්තිස්ස රජතුමා විසින් ලංකාවේ සේරුවාවිල මංගල මහා සෑයේ නිදන් කල ලලාට ධාතුන් වහන්සේ නොවන බව මීට පෙර ලිපියෙන් සාධක සහිතව තහවුරු කර පෙන්වා ඇත.  එම ලිපියට සබැඳිය https://vikurthiyataerehiwa.blogspot.com/2024/05/blog-post_8.html ඉහත කාරණයට අමතරව ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේලා පිලිබඳව හෙල බුදුන් කණ්ඩායම් තවත් විකෘති මත කිහිපයක් ඉදිරිපත් කරන බැවින් ඒවා පිලිබඳව ද සත්‍ය පැහැදිලි කිරිම මේ ලිපියේ අරමුණයි. ඔවුන් එහි දි රැගෙන එන ප්‍රධානතම මතය නම් බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමක් පමණක් ඉතිරි වූ බවත් ඒ හත අතර ශීර්ෂ කපාල ධාතුවක් ගැන සඳහන් නොවන බැවින් එවැනි ධාතුන් වහන්සේ නමක් තිබිය නොහැකිය යන මතයයි. ඒ පිලිබඳව මූලාශ්‍ර වල කරුණු සලකා බලමු. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වු නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව සඳහන් වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ අටුවාවයි. අටුවාවේ ඒ කොටස පහත උපුටා දක්වමි...

ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ ද?

Image
  ෆාහියන් හිමියන් චීනයේ සිට බුද්ධ දේශය සොයා ක්‍රිව 5 වන සියවසේ දි ඉන්දිය උප මහද්වීපය බලා කල ගමනේ සංචාරක සටහනේ එම ගමන අතරමග ස්ථානයක දි උන්වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ ගේ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් බව සටහන් කර ඇත. හෙල බුදුන් කණ්ඩායම් මූලාශ්‍ර වල ඇති විස්තර විකෘති කරමින් සමහර විස්තර සඟවමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වමින් එම ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු ලංකාවේ ඇති බුදු රජාණන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ බවත්, ඒ නිසා උන්වහන්සේ ඉන්දියාවට වැඩම කල කතාව අසත්‍යයක් බව සහ උන්වහන්සේ වැඩම කළේ ලංකාවට බවත් මතයක් සමාජ ගත කරමින් සිටි. මූලාශ්‍ර වල ඇති කරුණු සලකා බලමින් මේ කාරණයේ සත්‍ය අසත්‍යතාව විසඳා බලමු. ▪️ ෆාහියන් හිමියන් ගේ ගමන් වාර්තාවේ උන්වහන්සේ චීනයෙන් පිටත්ව අනුපිළිවෙළින් ගොඩ බිම් සේද මාර්ගය ඔස්සේ බටහිරට ගමන් කොට පසුව වර්තමාන ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ප්‍රදේශ වලින් ඉන්දිය භූමියට ඇතුල් වූ අකාරය පැහැදිලිව විස්තර කර ඇති අතර, එම ගමනේ දි හමුවන නගර සහ රාජධානි අනුපිළිවෙළින් සටහන් කර ඇත. ඉන් අනතුරුව පිළිවලින් ඉන්දිය භූමිය හරහා ගමන් කරන ආකාරය සටහන් කර ඇත.  මීළඟට ගංඟා නම් නදි...

මගධය පිලිබඳව සෙල්ලිපි සාධක.

Image
 හෙල බුදුන් කණ්ඩායම් ලංකාවේ මගධය පෙන්වීම සඳහා සෙල්ලිපි සාධක නොමැති බැවින් දෙගම මගද කිරිම වැනි සිල්ලර වැඩ වලින් මගධය ලංකාවේ පෙන්වීමට සැරසෙන නමුත් ඉන්දියාවේ මගධය පිලිබඳව සෙල් ලිපි සාධක රාශියක් පවති. මේ ඒ අතරින් මගධය ලෙස සඳහන්ව ඇති සෙල් ලිපි කිහිපයක් පහත ඉදිරිපත් කරමි. 1.) අශෝක අධිරාජ්‍යයා ගේ බෛරාට් සෙල් ලිපිය. අශෝක අධිරාජ්‍යයා ගේ සුළු සෙල් ලිපි අංක තුන (minor rock edict no 3) නමැති බෛරාට් විහාරය අසල හමුවු ක්‍රිපු 3 වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියු සෙල් ලිපියේ පැහැදිලිව මගධ යන නාමය සටහන් කර ඇති අතර මගධයේ රජ ප්‍රියදර්ශි ලෙසද වැඩි දුරටත් එහි සඳහන් වේ.  Inscriptions of Asoka. New Edition by E. Hultzsch 1925 p.172  2.) සාංචි සෙල් ලිපිය ( Sanchi pillar edict)  අශෝක රජු විසින් පිහිටවු සාංචි පුදබිමේ පිහිටි අශෝක කුළුණේ පිහිටි මේ සෙල් ලිපියේද මගධය ලෙස සඳහන් කර ඇත. බ්‍රාහ්මි අක්ෂර වලින් ලියු ක්‍රිපු 3 වන සියවසට අයත් වන එහි පලමු පේළියේ මගධ නාමය සටහන් වේ. The Bhilsa topes, or, Buddhist monuments of central India by Alexander Cunningham. p. 261 3.) Hathigumpa inscription...