මගධය පිලිබඳව සෙල්ලිපි සාධක.

 හෙල බුදුන් කණ්ඩායම් ලංකාවේ මගධය පෙන්වීම සඳහා සෙල්ලිපි සාධක නොමැති බැවින් දෙගම මගද කිරිම වැනි සිල්ලර වැඩ වලින් මගධය ලංකාවේ පෙන්වීමට සැරසෙන නමුත් ඉන්දියාවේ මගධය පිලිබඳව සෙල් ලිපි සාධක රාශියක් පවති. මේ ඒ අතරින් මගධය ලෙස සඳහන්ව ඇති සෙල් ලිපි කිහිපයක් පහත ඉදිරිපත් කරමි.


1.) අශෝක අධිරාජ්‍යයා ගේ බෛරාට් සෙල් ලිපිය.

අශෝක අධිරාජ්‍යයා ගේ සුළු සෙල් ලිපි අංක තුන (minor rock edict no 3) නමැති බෛරාට් විහාරය අසල හමුවු ක්‍රිපු 3 වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියු සෙල් ලිපියේ පැහැදිලිව මගධ යන නාමය සටහන් කර ඇති අතර මගධයේ රජ ප්‍රියදර්ශි ලෙසද වැඩි දුරටත් එහි සඳහන් වේ. 

Inscriptions of Asoka. New Edition by E. Hultzsch 1925 p.172 





2.) සාංචි සෙල් ලිපිය ( Sanchi pillar edict) 

අශෝක රජු විසින් පිහිටවු සාංචි පුදබිමේ පිහිටි අශෝක කුළුණේ පිහිටි මේ සෙල් ලිපියේද මගධය ලෙස සඳහන් කර ඇත. බ්‍රාහ්මි අක්ෂර වලින් ලියු ක්‍රිපු 3 වන සියවසට අයත් වන එහි පලමු පේළියේ මගධ නාමය සටහන් වේ.

The Bhilsa topes, or, Buddhist monuments of central India by Alexander Cunningham. p. 261





3.) Hathigumpa inscription 

ඉන්දියාවේ Odisha හි බබුනේශ්වර් හි උදයගිරි කන්දේ කාරවේල ( King Kharavela ) නම් කාලිංගයේ ජෛන රජු විසින් ක්‍රිපු 2-1 සියවස් වලදි කරවු Hathigumpa සෙල් ලිපියේද මගධ නාමය පැහැදිලිව සටහන් කර ඇත. බ්‍රාහ්මි අක්ෂර වලින් ලියවුන ලිපියක් වන එහි 12 වන පේළියේ මගධ නාමය සටහන් කර ඇත.

Corpus Inscriptionum Indicarum vol 1 Plate xvii


ඉහත උදාහරණ ලෙස පෙන්වූ සෙල් ලිපි තුනේම මගධය යන්න දැක්වීමේ දි "මගද" (𑀫𑀕𑀤𑁂) ලෙස නොදක්වා නිවැරදිව "මගධ" (𑀫𑀕𑀥) ලෙස "ධ" ( 𑀥𑁂 ) අක්ෂරය යොදා තිබිම ඉතා වැදගත් වේ. එය ලංකාවේ මීන්විල සෙල් ලිපියේ දෙගම > මගදේ ලෙස දක්වන අයට ඉතා හොඳ පිළිතුරකි.

4.) සිර්පුර් සෙල් ලිපිය (Sirpur inscription )

ක්‍රිව 8-9 සියවස් වලට අයත් මහාසිවගුප්ත රජු විසින් කරවු සෙල් ලිපියක් වන මෙය සිර්පුර් ග්‍රාමයේ පිහිටා ඇත. නාගරි අක්ෂරයෙන් ලියවුන ලිපියක් වන මෙහි 16 වන පේලියේ මගධ නාමය සටහන් කර ඇත.

Epigraphia Indica vol xi p. 184




5.) ගෝවින්දපුර සෙල් ලිපිය

ඉන්දියාවේ ගයා දිස්ත්‍රික්කයේ පිහිටි ගෝවින්දපුර ප්‍රදේශයේ පිහිටා ඇති ක්‍රිව 11-12 සියවස් වලට අයත් නාගරි අක්ෂරයෙන් ලියවුන සෙල් ලිපියක් වන මෙය මග බ්‍රාහ්මන කුලයට අයත් ගංගාධාර් නැමති කවියෙකු විසින් කරවු බව සැලකේ. එහි 15 වන පේළියේ මගධ නාමය සටහන් කර ඇත.

Epigraphia Indica vol 2 p. 330




මෙවැනි සත්‍ය සෙල් ලිපි සාධක නොමැති බැවින් දෙගම > මගද කිරිම වැනි බොළඳ ක්‍රියා මගින් ලංකාවේ මගධය පෙන්වීමට යාම කොතරම් නම් හාස්‍යජනක ද යන්න බුද්ධිමත් බෞද්ධ ජනතාව තීරණය කරනු ඇත.


මනොජ් කුමාර 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?