Posts

Showing posts from June, 2021

ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය

Image
 ජය ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය. ගෞතම බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත් ජය ශ්‍රී මහා බෝධිය පිළිබඳ නොයෙකුත් අසත්‍ය අපවාද, මිථ්‍යා මත හා විකෘතීන් බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස විසින් සමාජ ගත කරන බැවින් ඒ පිළිබඳ නිවැරදි ඉතිහාසය ඉදිරිපත් කිරීම කාලෝචිත බව අදහස් කළ බැවින් මේ සටහන තබමි. ජය ශ්‍රී මහා බෝධිය, බෝධි චෛත්‍ය, බෝධි ද්‍රැමය යන නම් වලින් හඳුන්වන සිදුහත් බෝසතුන් ට බුදු බව ලබාගැනීමට සෙවන දුන් ඇසතු වෘක්ෂය පාරිභෝගික චෛත්‍යක් වශයෙන් බෞද්ධයන්ට වැදගත් පූජනීය වෘක්ෂයකි. ශ්‍රී මහා බෝධිය පිළිබඳ පැරණිම වාර්තා වන්නේ ත්‍රිපිටකයේ ඇති සඳහන් ය. විනය පිටකයේ මහාවග්ග පාලියේ සහ අරියපරියේෂණ සූත්‍ර වල බෝධිය පිළිබඳව සඳහන් වන අතරම මගධ රාජ්‍යයට අයත් උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසල පිහිටි බව මේ සූත්‍ර වල සඳහන් වන්නේය. ඉන් අනතුරුව අශෝක රජු විසින් කළ ගිරිනාර් සෙල් ලිපියේ (VIII Girinar rock edict) එතුමා ගේ අභිෂේකයෙන් දහවන වර්ෂයේ දී ශ්‍රී මහා බෝධිය වැඳපුදාගත් බව සටහන් කර තිබේ.   එසේම කල්සී සෙල් ලිපියේ ද (VIII Kalsi rock edict) මේ කරුණම සටහන් කර ඇත. ඉන් පසුව ක්‍රිව පළවෙනි සියවසේ ආශ්වගෝෂ යන් විසින් රචිත "...