Posts

Showing posts from May, 2021

ෆාහියන් හිමියන් දුටුවේ වජිරසනයක් ද??

Image
 ෆාහියන් හිමියන් දුටුවේ වජීරාසනයක් ද? බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 36 බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස අතුරෙන් විශේෂයෙන් මීරිගම කණ්ඩායම පතුරවන බොරුවක් නම් ~~ හිරිවඩුන්නේ ඇති ගල් ආසනය බුදු රදුන් බුද්ධත්වයට පත් වූ ආසනය හෙවත් වජිරාසනය බවයි~~ එසේම මේ පිරිස ඉන්දියාවේ වර්තමාන බුද්ධගයාවේ බෝධිය අසල ඇති ආසනය සුද්දන් විසින් නිර්මාණය කළ එකක් බව පවසා පහත තර්ක ඉදිරිපත් කරයි. 1.) ෆාහියන් හිමියන් දුටු වජිරාසනය හතරැස් එකකි දිග සහ පළල අඩි හයකුත් උසින් අඩි දෙකකුත් ඇත. 2.) කනින්හැම් මහතා ගේ 1861-62 වාර්තාවේ සඳහන් ව ඇත්තේ රවුම් ආසනයකි. 3.) 1861-62 තිබූ රවුම් ආසනය ෆාහියන් හිමියන්ගේ වාර්තාවට ගැලපෙන ලෙස සුද්දන් විසින් දැන් වෙනස් කර ඇත. 4.) ෆාහියන් හිමියන්ගේ වාර්තාවට ගැලපෙන වජිරාසනය ඇත්තේ හිරිවඩුන්නේ පමණි. දැන් මේ කරුණු සතර ෆාහියන් හිමියන්ගේ වාර්තාව සහ කනින්හැම් මහතා ගේ 1861-62 වාර්තා සමග විග්‍රහ කර බලමු. මුලින්ම කානින්හැම් මහතා ගේ වාර්තාවේ යැයි මේ පිරිස පෙන්වන කොටස පහත දක්වමි. ~~The Holly place at buddhagaya were visited between AD 390 and 414 by another Chinese pilgrim fahian, but h...

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

Image
ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගංගාව ද.... බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 35 ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා විකෘති කර පෙන්වමින් ෆාහියන් හිමියන් වැඩි බුද්ධ දේශය ලෙස ලංකාව පෙන්වන අයෙක් උන් වහන්සේ තරණය කල වාලුකා කාන්තාරය, ලංකාවේ මහවැලි ගඟ හෙවත් මහා වාලුකා නදිය බව යථාර්ථය නමැති වීඩියෝ චැනලයක කරන ප්‍රකාශයක් මේ දිනවල මුහුණු පොතේ දැකගත හැක. එයට සාධකය ලෙස ඔහු පෙන්වන්නේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති ~The river of sand~ යන පාදක සටහනකි. River of sand හෙවත් වැලි වලින් සැදුණු ගංගාව යන අර්ථය ගෙන කිසිම පදනමක් නැතුව එය මහවැලි ගඟට අතීතයේ භාවිතා කළ වාලුකා නදිය යන්නට සමාන කර ෆාහියන් හිමියන් තරණය කළේ වාලුකා කාන්තාරයක් නොව ලංකාවේ මහවැලි ගඟ බව එහිදී ප්‍රකාශ කරයි. එසේම ෆාහියන් හිමියන් විස්තර කර ඇත්තේ මහවැලි ගඟ දෙපස ඇති රටවල් ගැන බවද පවසයි. නමුත් මේ කාන්තාර තරණය ගැන ඇති සඳහන සලකා බලන කළ එය ඇත්තේ දේශාටන වාර්තාවේ චාන් -  ආන් (Chang' an) සිට වාලුකා කාන්තාරය දක්වා, යනුවෙන් හඳුන්වා ඇති පළමුවැනි පරිච්ඡේදයේ ය. චාං - ආන් යනු චීනයේ එකල අගනුවර වන අතර එහි සිට ගමන ආරම්භ කළ උන් වහන්සේ චීනය...