ෆාහියන් හිමියන් දුටුවේ වජිරසනයක් ද??

 ෆාහියන් හිමියන් දුටුවේ වජීරාසනයක් ද?


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 36


බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස අතුරෙන් විශේෂයෙන් මීරිගම කණ්ඩායම පතුරවන බොරුවක් නම්


~~ හිරිවඩුන්නේ ඇති ගල් ආසනය බුදු රදුන් බුද්ධත්වයට පත් වූ ආසනය හෙවත් වජිරාසනය බවයි~~


එසේම මේ පිරිස ඉන්දියාවේ වර්තමාන බුද්ධගයාවේ බෝධිය අසල ඇති ආසනය සුද්දන් විසින් නිර්මාණය කළ එකක් බව පවසා පහත තර්ක ඉදිරිපත් කරයි.


1.) ෆාහියන් හිමියන් දුටු වජිරාසනය හතරැස් එකකි දිග සහ පළල අඩි හයකුත් උසින් අඩි දෙකකුත් ඇත.


2.) කනින්හැම් මහතා ගේ 1861-62 වාර්තාවේ සඳහන් ව ඇත්තේ රවුම් ආසනයකි.


3.) 1861-62 තිබූ රවුම් ආසනය ෆාහියන් හිමියන්ගේ වාර්තාවට ගැලපෙන ලෙස සුද්දන් විසින් දැන් වෙනස් කර ඇත.


4.) ෆාහියන් හිමියන්ගේ වාර්තාවට ගැලපෙන වජිරාසනය ඇත්තේ හිරිවඩුන්නේ පමණි.




දැන් මේ කරුණු සතර ෆාහියන් හිමියන්ගේ වාර්තාව සහ කනින්හැම් මහතා ගේ 1861-62 වාර්තා සමග විග්‍රහ කර බලමු.


මුලින්ම කානින්හැම් මහතා ගේ වාර්තාවේ යැයි මේ පිරිස පෙන්වන කොටස පහත දක්වමි.


~~The Holly place at buddhagaya were visited between AD 390 and 414 by another Chinese pilgrim fahian, but him as almost 6 feet in length and breadth and 2 feet in height. Now there is a large circular stone 5 feet 7 1/2 inches in diameter and 2 feet high. Alexander Cunningham, former director general, Archeological department, India ~~


ඔවුන් මෙලෙස දක්වන ආකාරය අනුව ෆාහියන් හිමියන් විස්තර කළ ආසනය කණින්හැම් මහතා විස්තර කරන අසනයට වෙනස් බව ඇඟවෙයි.


නමුත් ඔවුනගේ මෙම විකෘති බොරු අදහස එන පරිදි කනින්හැම් මහතා ගේ වාර්තාව කොපමණ විකෘති කර ඇත්ද යන්න දැන් බලමු.


මෙන්න එහි සත්‍ය ලෙස ඇති ආකාරය.


~~ The holly place of buddha-Gaya were visited between AD 390 and 414 by another Chinese pilgrim Fa-Hian but his account of them is unfortunately very brief. It is however, sufficient to show that there was no temple in existence at that date. Fa-Hian notes the spot where Buddha seated on a stone under a great tree, eat some rice presented to him by two maidens. The stone still existed, and is described him as about 6 feet in length and breadth and 2 feet in height. Now there is a large circular stone 5 feet 7 1/2 inches in diameter and about 2 feet high, in the small temple of Vageswari Devi, which from it's dimensions would seem to be the identical stone described by Fa-Hian. ~~



මොවුන් සත්‍ය මූලාශ්‍රයෙන් හලා ඇති කොටස් බලන්න. මේ කියන ආසනය ඇත්තේ බෝ මැඩ ද?


කිසිසේත් නැත. 

මේ කනින්හැම් මහතා විස්තර කරන්නේ අජපල් නුග රුක මුල සිදුහත් බෝසතුන් කිරිපිඩු අනුභව කළ තැන පිහිටුවා ඇති ආසනයක් පිළිබඳවයි. එය සඳහන් කොටස මොවුන් සිතා මතා ඉවත් කර විකෘතියක් ඇති කර ඔවුන්ගේ බොරුවට ගැලපෙන පරිදි සකස් කර ඉදිරිපත් කර ඇත.


දැන් අපි බලමු ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ මේ ගැන ඇති සඳහන.


~~ Two li to the north from this, Buddha, sitting on a stone under a great tree and facing the east ate the milk and rice water. The tree and the stone both are there still, the latter being about six feet in length and breadth by over two feet in height.~~




මෙලෙස ෆාහියන් හිමියන් ද සඳහන් කරන්නේ බෝ මැඩ ඇති ආසනයක් නොවන අතර කිරිපිඩු වැළඳු ස්ථානයේ ඇති ගලක් පිළිබඳවයි. 


එසේම එම ගල් ආසනයේ ඇති කැටයම් ගැන විස්තරයක් ෆාහියන් හිමියන් නොකරන බැවින් එය පසුකාලීනව කැටයම් කර ආසනයක් ලෙස සකස් කරන්නට ඇති බව සැලකිය හැක.


එසේනම් මේ ෆාහියන් හිමියන් සිය දේශාටන වාර්තාවේ සඳහන් කරන සහ එය උපුටා දක්වමින් කනින්හැම් මහතා සිය වාර්තාවේ දක්වා ඇති ගල/ ගල් ආසනය බුදු රදුන් බුද්ධත්වය ලැබූ බෝ මැඩ පිහිටි ආසනයක් නොවන බවත් එය සිදුහත් බෝ සතුන් කිරිපිඩු වැලඳු ස්ථානයේ ඇති එකක් බවත් මැනවින් පැහැදිලිය.



 

එසේම බුද්ධගයාවේ වර්තමානයේ දක්නට ලැබෙන අශෝක රජු විසින් ගොඩනැගූ බව සැලකෙන වජිරාසනය කැණීම් කර මතුකර ගත්තේ 1880 වර්ෂයේ බැවින් කනින්හැම් මහතා සිය 1861 - 62 වාර්තාවේ ඒ ගැන සඳහන් කර ඇතැයි පැවසීම කෙතරම් විහිළුවක් ද?





එසේ නම් මේ විකූර්තිකයන් බෝ මැඩ නැති එකක් සිය ව්‍යාජ බෝ මැඩ වන හිරිවඩුන්නේ ඇති මල් ආසනයට සමාන කරන්නේ කෙසේද?


එසේ නම් ඔවුන්ගේ ව්‍යාජ හිරිවඩුන්නේ ඇත්තේ ඔවුන් පවසන බොරුවේ ආකාරයට ව්‍යාජ වජිරාසනයක් නොවේද? 


හිරිවඩුන්න යනු ඔවුන්ගේ බෝ මැඩ නම් එහි බුදු රදුන් කිරිපිඩු වැළඳු තැන ඇති ගල් ආසනය ඇතැයි ඔවුන්ම පවසන්නේ ඇයි??


මෙවැනි බොරු තව දුරටත් බෞද්ධයන් විදියට ඔබ සැම පිළිගන්නවා ද?


මූලාශ්‍ර වල ඔවූන්ගේ මතයට එරෙහි කොටස් ඉවත් කර අනෙකුත් කොටස් විකෘති කර බෞද්ධ ජනතාව නොමග යවමින් සිදු කරන මේ මෙහෙයුම සහ එහි යටි අරමුණ කුමක්ද??


සැබෑ බෞද්ධයන් ගේ අවධානයට....


තෙරුවන් සරණයි.


මනෝජ් කුමාර.




Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්