ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ ද?
ෆාහියන් හිමියන් චීනයේ සිට බුද්ධ දේශය සොයා ක්‍රිව 5 වන සියවසේ දි ඉන්දිය උප මහද්වීපය බලා කල ගමනේ සංචාරක සටහනේ එම ගමන අතරමග ස්ථානයක දි උන්වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ ගේ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් බව සටහන් කර ඇත. හෙල බුදුන් කණ්ඩායම් මූලාශ්‍ර වල ඇති විස්තර විකෘති කරමින් සමහර විස්තර සඟවමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වමින් එම ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු ලංකාවේ ඇති බුදු රජාණන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ බවත්, ඒ නිසා උන්වහන්සේ ඉන්දියාවට වැඩම කල කතාව අසත්‍යයක් බව සහ උන්වහන්සේ වැඩම කළේ ලංකාවට බවත් මතයක් සමාජ ගත කරමින් සිටි.
මූලාශ්‍ර වල ඇති කරුණු සලකා බලමින් මේ කාරණයේ සත්‍ය අසත්‍යතාව විසඳා බලමු.
▪️ ෆාහියන් හිමියන් ගේ ගමන් වාර්තාවේ උන්වහන්සේ චීනයෙන් පිටත්ව අනුපිළිවෙළින් ගොඩ බිම් සේද මාර්ගය ඔස්සේ බටහිරට ගමන් කොට පසුව වර්තමාන ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ප්‍රදේශ වලින් ඉන්දිය භූමියට ඇතුල් වූ අකාරය පැහැදිලිව විස්තර කර ඇති අතර, එම ගමනේ දි හමුවන නගර සහ රාජධානි අනුපිළිවෙළින් සටහන් කර ඇත. ඉන් අනතුරුව පිළිවලින් ඉන්දිය භූමිය හරහා ගමන් කරන ආකාරය සටහන් කර ඇත.
මීළඟට ගංඟා නම් නදියේ ගමන් මාර්ගය ඔස්සේ තාම්‍රලිප්ති දක්වා පැමිණි ෆාහියන් හිමියන් එහි දි නැව් නැග ලංකාවට පැමිණ ඇත.
~~ following the course of the Ganges, and descending eastwards for eighteen yojanas, he found on the southern bank the great kingdom of Champa, with topes reared at the places where Buddha walked in meditation by his vihara, and where he and the three Buddhas, his predecessors sat. There were monks residing at them all. Continuing east for nearly fifty yojanas, he came to the country of Tamralipti, ( the capital of which is) a seaport.~~
~~ After this he embarked in a large merchant vessel and went floating over the see to the south west. It was the beginning of the winter, and the wind was favourable, and, after fourteen days sailing, day and night, they came to the country of singhala. The people said that it was distant (from Tamralipti) about 700 yojanas.~~
(Fa-hien's Record of Buddhistic Kingdoms - Legge, chap- XXXVII p. 100. )
ඉහත සටහන අනුව ෆාහියන් හිමියන් ලංකාවට පැමිණි ආකාරය ඉතාම පැහැදිලිව සටහන් කොට ඇත.
එම ගමන් විස්තරයේ පැහැදිලි අනුපිළිවෙළ අනුව උන්වහන්සේ මේ අකාරයට නැව් නැග සමුද්‍රය හරහා යාත්‍රා කරමින් ලංකාවට පැමිණීමට බොහෝ කලකට පෙර ඉහත කී ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වන්දනා මාන කල බව සටහන් කර ඇත. එබැවින් උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමට ප්‍රථම දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ වන්නේ කෙසේ දැයි හෙල බුදුන් කණ්ඩායම් තර්කානුකූලව පෙන්වා දිය යුතුයි.
එමෙන්ම ගමනේ ඉතා පැහැදිලි එම අනුපිළිවෙළ නො බිඳ උන්වහන්සේ වන්දනා කළ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ යැයි පැවසිය නොහැකිය. තවද උන්වහන්සේ ඉන්දියාව හරහා නො පැමිණ ලංකාවට වැඩම කල බවක් යමකු ප්‍රකාශ කරන්නේ නම් චීනයේ සිට ලංකාව දක්වා උන්වහන්සේ ගේ ගමන් මාර්ගය සංචාරක සටහනේ විස්තර වලට ගැළපෙන ආකාරයට පෙන්වා දිය යුතුයි. එසේ නොමැතිව කොපමණ වාරයක් උන්වහන්සේ ඉන්දියාවට නො පැමිණ ලංකාවට වැඩම කරේ යැයි පැවසූ වද පලක් නොමැත.
▪️ මීළඟට ෆාහියන් හිමියන් එම ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වන්දනා මාන කිරීමට ප්‍රථමයෙන් ඒ ආසන්න ගමන් විස්තරය පිළිවලින් මඳක් සලකා බලමු.
ඉන්දු නදිය තරණය කිරිම.
~~ When one approached the edge of it, his eyes become unsteady; and if he wished to go forward in the same direction there was no place on which h could place his foot ; and beneath were the waters of the river called the Indus. ~~
~~ After crossing the river (the travellers ) immediately came to the kingdom of Woo-chang which is indeed (a part) of north India. The people all use the language of central India. 'Central India' being what we should call the 'Middle Kingdom'~~
(Fa-hien's Record of Buddhistic Kingdoms - Legge, chap- vii - viii p. 26-28. )
ඉන්දු නදිය තරණය කර ඉන්දියාවට ඇතුළු වූ ආකාරය එහි ඉතා පැහැදිලිව සටහන් කර ඇත. මේ ලංකාවේ යැයි යමෙක් පවසන්නේ නම් ඉහත පරිච්ඡේද වල විස්තර වලට ගැළපෙන ලංකාවේ පිහිටි ඉන්දු නදිය පෙන්විය යුතුයි.
ගාන්ධාරයට ඇතුළු වීම.
~~ The travellers going downward from this towards the east, in five days come to the country of Gandhara, the place where Dharma-vivardhana, the son of Asoka ruled. ~~
(Fa-hien's Record of Buddhistic Kingdoms - Legge, chap- x p. 31. )
තක්ෂිලාවට පැමිණීම.
~~ Seven days journey from this to the east brought the travellers to the Kingdom of Takshashila. ~~
(Fa-hien's Record of Buddhistic Kingdoms - Legge, chap- xi p. 32. )
කණිෂ්ක රජතුමා ස්තූපයක් ඉදි කල ස්ථානය.
~~ Formerly when Buddha was travelling in this country with his disciples, he said to Ananda, 'After my parinirvana, there will be a king named Kanishka, who shall on this spot build a tope.~~
(Fa-hien's Record of Buddhistic Kingdoms - Legge, chap- xii p. 33. )
කනිෂ්ක රජතුමා ඉදිකල ස්තුපය
කනිෂ්ක රජතුමාගේ කාසි
කනිෂ්ක රජතුමා ගේ ප්‍රතිමාව
ප්‍රතිමා පාදයේ කනිෂ්ක රජතුමා ගේ නම සඳහන් සෙල් ලිපිය
කනිෂ්ක රජතුමා ගේ රන් කාසියක්
Comments
Post a Comment