බුද්ධ ශක්ති රේඛාවේ මිත්‍යාව

 බුදු රදුන් ලංකාවේ බව පැවසීමට ඉදිරිපත් කරන සාක්ෂි වල මිත්‍යාව. අංක 04.


මොවුන් විසින් ඉදිරිපත් කළ ඉන්දියාවේ ජනපද සහිත මේ ලංකා සිතියමේ මිත්‍යාව හෙළි කළ පසු තව දුරටත් එය ඉදිරිපත් කළ නොහැකි බැවින් වෙනත් සිතියමක් ඉදිරිපත් කර ඇත. 

මුලින් ඉදිරිපත් කළ සිතියම.


පසුව ඉදිරිපත් කළ සිතියම.



මෙම සිතියමෙහි ද කලින් ප්‍රශ්න කළ මිථ්‍යාවන් සියල්ල ඇති අතර ඊට අමතරව මෙහි ලංකා සීතියමද විකෘති කර ඇත.


එහි කිසිදු බුද්ධ දේශනාවක සඳහන් නොවන ඊනියා මිත්‍යා මතයක් වන බුද්ධ ශක්ති රේඛාවක බුදු රදුන් ඉපදුන, බුදු උන, ප්‍රථම ධර්ම දේශනා කළ හා පිරිනිවන් පෑ ස්ථාන ලෙස ඔවුන් හඳුන්වන ව්‍යාජ ස්ථාන පිහිටුවීමට දැඩි අයාසයක් ගෙන ලංකා සිතියමද විකෘති කර තිබේ.


එම ස්ථාන එකම රේඛාවක නොපිහිටන බව කලින් පොස්ටුවක ඔවුන්ගේම සිතියම අනුව පෙන්වා දුන් පසු මෙලෙස ලංකා සිතියම විකෘත කර එම ස්ථාන වල පිහිටීම වෙනස් කර ඒක රේඛාවක ට ගෙන ඇත. 



සිතියමේ අදාල කොටස් ගුගුල් මැප් එකෙහි අදාල කොටස් සමග සසඳා බැලීමෙන් මේ විකෘතියේ තරම වටහා ගත හැක. 


ඉසින්බෑස්සගල 



හිරිවඩුන්න 


බඹරගල 



එසේම මේ ස්ථාන හතර ඒක රේඛාවක නොමැති බව මේ ගූගල් මැප් එකේ ඡායාරූපය මගින් පැහැදිලිව පෙනේ.


එසේම මෙම ස්ථාන අතර දුර සහ දේශාංශ වලට සාපේක්ෂ පිහිටුම් පහත දක්වා ඇත

බුදුගල සිට බඹරගල රේඛීය දුර 73.8km
බඹරගල සිට හිරිවඩුන්න රේඛීය දුර 81.7km
හිරිවඩුන්න සිට ඉසින්බැස්සාගල රේඛීය දුර 66.7km
එබැවින් මේ ස්ථාන සම දුරින් පිහිටා ඇති බව පැවසීම විහිළුවකි

අක්ෂාංශ දේශාංශ අනුව
ඉසිංබැස්සගල 8.34, 80.28 
හිරිවඩුන්න 8.01, 80.44
බඹරගල 7.17,  80.45
බුදුගල. 6.38,  80.52

දේශාංශ දෙකක් අතර අපේ රට හරියේ දුර 110 km එතකොට කලා එකක් 1.8km වෙනවා. එතකොට මේ ස්ථාන 80 වැනි දේශංශයේ සිට ගත්තම පිළිවෙලින් 
ඉසින්බැස්සගළ 50km දුරකිනුත්
හිරිවඩුන්න 79.2km දුරකිනුත්
බඹරගල 81km දුරකිනුත්
බුදුගල 93km දුරකිනුත් පිහිටා ඇත. 
එබැවින් මේ ස්ථාන හතර කිසි ලෙස කින්වත් එකම රේඛාවක නොපිහිටන අතර,

ඉසින්බෑස්සගල හා බුදු ගල යා කරන රේඛාව ගතහොත් එයින් 15km නැගෙනහිර දෙසින් හිරිවඩුන්න පිහිටා ඇති අතර එම රේඛාවේ සිට 3km දුරින් බඹරගල පිහිටයි.
මේ අනුව මෙම ස්ථාන හතර එකම රේඛාවක කිසිසේත් පිහිටා නැත.


මොවුන් මෙලෙස සියල්ල විකෘති කරමින් මෙලෙස තහවුරු කරන්නට හදන මේ විකෘති මිත්‍යාව කුමක්ද??


නුවනින් විමසා බලන්න.....

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?