ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද
ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගංගාව ද.... බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 35 ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තා විකෘති කර පෙන්වමින් ෆාහියන් හිමියන් වැඩි බුද්ධ දේශය ලෙස ලංකාව පෙන්වන අයෙක් උන් වහන්සේ තරණය කල වාලුකා කාන්තාරය, ලංකාවේ මහවැලි ගඟ හෙවත් මහා වාලුකා නදිය බව යථාර්ථය නමැති වීඩියෝ චැනලයක කරන ප්‍රකාශයක් මේ දිනවල මුහුණු පොතේ දැකගත හැක. එයට සාධකය ලෙස ඔහු පෙන්වන්නේ ඉංග්‍රීසි පරිවර්තනයේ ඇති ~The river of sand~ යන පාදක සටහනකි. River of sand හෙවත් වැලි වලින් සැදුණු ගංගාව යන අර්ථය ගෙන කිසිම පදනමක් නැතුව එය මහවැලි ගඟට අතීතයේ භාවිතා කළ වාලුකා නදිය යන්නට සමාන කර ෆාහියන් හිමියන් තරණය කළේ වාලුකා කාන්තාරයක් නොව ලංකාවේ මහවැලි ගඟ බව එහිදී ප්‍රකාශ කරයි. එසේම ෆාහියන් හිමියන් විස්තර කර ඇත්තේ මහවැලි ගඟ දෙපස ඇති රටවල් ගැන බවද පවසයි. නමුත් මේ කාන්තාර තරණය ගැන ඇති සඳහන සලකා බලන කළ එය ඇත්තේ දේශාටන වාර්තාවේ චාන් - ආන් (Chang' an) සිට වාලුකා කාන්තාරය දක්වා, යනුවෙන් හඳුන්වා ඇති පළමුවැනි පරිච්ඡේදයේ ය. චාං - ආන් යනු චීනයේ එකල අගනුවර වන අතර එහි සිට ගමන ආරම්භ කළ උන් වහන්සේ චීනය...




Comments
Post a Comment