කැනොන් බොල් ගස සල් ලෙස හඳුන්වා තිබේද?
Cannon ball ගස 1881 බ්‍රිතාන්‍යයන් විසින් ලංකාවට ගෙන ආ බව තහවුරු කළ පසු ගෙන ආ පැනයක් නම් ඊට පෙර සල් යනුවෙන් හැඳින්වූ ශාකය කුමක්ද යන්නයි. එයට පිළිතුරක් Shantha Kumara මහතාගෙන් උපුටා දක්වමි.
●●● "සල්" කී පමණින්
කැනන්බෝල් ( cannon ball)
"සල් " වේ ද? ●●●
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
" සුරක්සිතව ඇති කළාට උරුලෑවා බළල් වේ ද"
යන පැරැණි උපදේශ කවියක කී ලෙස බළලකු බව සිතමින් කියමින් හදා වඩා ගත්ත ද උරුලෑවා බළලෙකු කළ නොහැකිය. එ පරිද්දෙන් ම විදේශීය ශාකයන්ට දේශීය නම් යොදා හැඳින් වූ මුත් ඒවා කිසි කලෙක දේශීය ශාක වන්නේ හෝ දේශීය ශාකවලින් ලබා දෙන ප්‍රයෝජන අත්කර දෙන්නේ නැත.
ඇතැමෙකුට මේ බව නොවැටහෙන නිසා ද තවත් අය ඒ බව දැන දැන නමුදු සිතා මතා ජනයා මුලා කිරීමේ අරමුණෙන් ද දැන් දැන් විදේශීය ශාක දේශීය ශාක බව හුවා දැක්වීමට තැත් කරන බව පෙනේ. ඒ සඳහා පැරැණි පොත්පත්වල ඇති සඳහන් ප්‍රකාශන ඉදිරිපත් කරනවා පමණක් නොව ඒ ඇසුරෙන් ඉතා ළපටි බොළඳ ප්‍රශ්න ඉදිරිපත් කරති. පෝස්ටර් තනති. තව පිරිසක් කිසිදු වග විභාගයකින් තොරව ම ඒම පෝස්ටර් තැන තැන පළ කරති. මේ බොහෝමයක් පිරිස් අඩුම තමන් දක්වන කරුණු ඇතුළත් පොත පත කියැවීම තබා ඇසින් දැකීමවත් සිදු නොකළ වග පෙනේ ය.
හෙළ බුදුන් , හෙළ පිටකය , හෙළ කම , හෙළ ජාතිය යනුවෙන් බොහෝ තැන මුලින් හෙළ හෙළ දමා අමුතු හෙළ කමක් මවන ඇතැමෙකු අහෝ හෙළ බස , හෙළ සාහිතය , හෙළ ආහාර , හෙළ වෙදකම ආදිය ගැන කිසිවක් නොදැන පොඩි දරුවන් සේ බොරු ගොතමින් හැසිරෙන අයුරු දකින කල සිනාව සේ ම කනගාටුව ද ඇති වේ. බුදු සමය වැනි විමසුමට අනුබල දෙන දහමක් ඇසුරු කළ මුත් විමසුම් නුවණ ද සම්මා සතිය පසෙකට දමා බොරු හිතලු ගොතන්නන් සැකසු පෝස්ටර් කීපයක් දැකීමෙන් ( ඒවා පහත දක්වා ඇත) මෙය ලිවීමට සිත් විය. ඒ අනුව මේ වෑයම ඔවුන් හෙළා දැකීමට ගැරැහීමට හෝ ඔවුන්ට කරුණු කියා දීමට ( හොරට නිදන කල අවදි කිරීම බැරි බව කවුරු නොදනිත් ද) නොවේ මැදහත් සිතින් තතු විමසන අයට සැබෑ තතු සොයා යාමට යම් පමණකට සහය වීමට ය. එසේ ම ඔවුන් විමසු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ය.
Shorea robusta හෙවත් සල් ද veteria copallifera හෙවත් සල්/හල් ද couroupita guianensis නමැති කැනන්බෝල් ගස ගැන ද උවමනාතරම් උද්භිද විද්‍යාත්මක විවරණ පළ වී ඇති හෙයින් මෙහි ඊට අවධානය නොලැබේ. ලංකාවෙහි අනාදිමත් කලක සිට පැවති සල් යනු කුමක් ද යන්න විමසීමට අවකාශ වෙන්කෙරේ.
මෙහි කොටස් 6ක් යටතේ කරුණු දක්වන අතර ඊට යොදා ගැනෙන මූලාශ්‍රයයන් ද නිසි ලෙස දක්වනු ඇත.
1සිංහල නමක් දීමෙන් විදේශීය ශාකයක් දේශීය කළ හැකිද?
2හෝඩි පොතේ තිබූ පමණින් එහි පෞරාණික බව තහවුරු කළ හැකි ද?
3 සල් පර්යාය වූ අශ්වකර්ණ නාමය කැනන්බෝල් ගසට ගැළපේ ද?
4 වියරණයට අනුව, සිදත්සඟරාව දක්වන සේ සල් හල් බවට පත් නොවේ ද?
5 එදා ලාංකිකයා දැන හඳුනාගත් ඖෂධ පිණිස ද ආහාර පිණිස ද ගත් සල් කවරේ ද?
6 පැරැණි සාහිත කරුවන්ට සල් ගැන ලිවීමට ලැබුණු අවසරය කුමක් ද?
යන ප්‍රශ්න හය නිරාකරණය කරමින් කරණු සාකච්ඡා කෙරේ .
●● 1. සිංහල නමක් යෙදූ පමණින් විදේශීය ශාකයක් දේශීය ශාකයක් වන්නේ ද?
ගරුඬරාජ , නවහන්දි , අඳු , දුටුසතුටු, වල් ඒකාවේරිය , රත් කිහිරිය , දැත්ත , වල් අමුක්කරා , පළොල් ,
ලෝධ්‍ර , විෂ කුම්භ ආදි නම් රැසක් ම අද විදේශීය විසිතුරු ශාකයන්ට භාවිත කෙරේ. විශේෂයෙන් දේවදාර නමින් "බොට්ල් බ්‍රෂ්" නමැති ගස ද සුදු හඳුන් ලෙස කොකා හෙවත් කොකේන් නමැති ගහක් ද හඳුන්වන අතර බොහෝ පැළ තවාන් හා පැළ අලෙවිකරුවෝ මෙකී ව්‍යාජ දේවදාර හා සඳුන් රට පුරා පැතිරවීමට සහය වෙති.
(සිංහල හා ඖෂධීය නාමයන් ගෙන් වැරැදි ලෙස හඳුන්වන විදේශීය ශාකයන් ගේ සේයා රූ පහළින් දක්වා ඇත. ඒකී සියලු රූ " ඔසු පැළ හඳුනා ගනිමු " නම් සමූහයේ පළ කරනු ලැබූ ඒවා ය. වෙසෙසින් එහි පාලකවරයකු වන බණ්ඩාර වරකාගොඩ මහතා හා සේයා රූවල මුල් හිමි කරුවන්ට මෙහිදී කෘතඥතා පූර්වක ස්තූතිය පළ කරමි.)
බොහෝ දෙනා දැන හෝ නොදැන මෙම විදේශීය ශාක දේශීය ඖෂධ නාමයන් ගෙන් හැඳින් වු වත් කිසිවිට ඒවා දේශීය ශාක නො වේ ම ය. ලංකාවෙහි අති දුර්ලභ වුත් අඩි දෙක තුනක් පමණ උසැති කුඩා පැළ කීපයකට පමණක් ම සීමා වූ දේවදාර නම් වූ වටිනා ඖෂධයේ නම යොදාගෙන සර්පයන් පලවාහැරීම .මදුරුවන් දුරු කිරීම , නිවසට ශ්‍රියාව ගෙන දීම වැනි ව්‍යාජ කතා ගොතා //බොට්ල් බ්‍රෂ් // නම් විදේශිය ශාකය විකුණයි. මෙය කලක් පැවතුන හොත් මතු යම් දිනෙක බොහෝ දෙනා එම බොට්ල් බ්‍රෂ් ගස දේවදාර නමින් ම හඳුන්වනු ඇත. එවිට දේශීය ඖෂධ වට්ටෝරුවල ඇති දේවදාර නමත්. සිංහල පොතපතේ "දෙව්දුරු" යන නමත් එම බොට්ල් බ්‍රෂ් සඳහා යොදා ඇති බව පවසන අය ද බිහිවිය හැකි ය. ඒ සේ වු මුත් කිසි කල දේවදාර හෙවත් දෙව්දුරු //බොට්ල් බ්‍රෂ්// වන්නේ නැත. ලංකාවේ නො වැවෙන ඉන්දියාවේ වැවෙන ලංකාවේ ඔසු උයන් කීපයක ඉතා උත්සාහයෙන් පැළ කොට රැක ගන්නා වටිනා ඖෂධ නාමය ව්‍යාජ විදේශීය ශාකයකට පවරා දීම නුවණැතියන් සිදු කළ යුතු ද ? වෑයම් කළත් දේශිය නම් කොතරම් පැවරුවත් විදේශීය බව මැකී දේශීය බවක් ඇතිවන්නේ නැත.
සිංහල අලුත් අවුරුදු කෑම මේසයෙහි කේක් ගෙඩියට රවමින් අලුවා කොකිස් ආස්මී උඩ පැන්නත් ඒවා හෙළ අවුළුපත් වන්නේ නැත.
එපරිද්දෙන් ම //කැනන් බෝල් // ගසට "සල් " යන නම යෙදු පමණින් එය සල් ගසක් නොවන බව සිතීමට විමසුම් නුවණ ඇති කරගත යුතු ය.
මෙම කැනන් බෝල් ගස විදේශයෙන් මෙරටට ගෙන ආ බවට ලිඛිත සාධක ඇතිවා සේ ම අද එය ආක්‍රමණික ශාකයක් බවට පත්වෙමින් දේශීය ශාකයනට තර්ජනයක් වෙන තැනට පත් වී ඇති බව ද නො රහසකි.
මේ ගැන වැඩි තොරතුරු කැමැත්තෝ පී එම් එදිරිසිංහ මහතා රචිත //ශාක ත්‍රස්තවාදය// විමසත්වා. එහි 21 වැනි පිටුවෙහි //පරිසර පද්ධති වනසන විදේශීය විනාශකාරී අලංකාර ශාක// තේමාව යටතේ 9වැනිව දක්වා ඇත්තේ මේ කැනන් බෝල් ගස ය. ( දිව්‍යමය ගුණ දෙන ඖෂධීය ශාක තේමාව යටතේ ඖෂධීය සල් ගස 150වැනි පිටුවේ දක්වා ඇත)
●● 2. හෝඩි පොතට ඇතුළත් වු පමණින් කැනන් බෝල් "සල් " වේ ද?
ඇතැමෙක් අද භාවිත පාසල් පෙළ පොත ඉදිරිපත් කරමින් කැනන්බෝල් ගස අනාදිමත් කලක සිට ලංකාවේ පැවතුණු බව කීමට වැර වඩති. (සේයා රුවන් බලා ගත හැකිය )අහෝ මුලාවක මහත
කලින් පෙන්වා දුන් පරිදි යම් කලෙක කැනන් බෝල් ගසට සල් නාමය ආරූඪ වී ඇත. නැතිනම් ආරුඪ කරවා ඇත. ඒ අනුව ලංකාවේ "සල්" නාමය යෙදෙන ශාක තුනකි.
මේ පිළිබඳ //දේශීය වෛද්‍ය ශබ්ද කෝෂය // ග්‍රන්ථයෙහි ලා පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ මනා විවරණයක් කරති. පහත පළ කළ එහි 477 - 479 පිටුවලින් ( 1959 මුද්‍රණය) කියවා ගත හැකිය. ඉන් උපුටා ගත් වැකි කීපයක් කියවන්නන් ගේ පහසුවට මෙතැන යොදමි.
▪▪ "දැනට සල් නමින් තුන් වර්ගයක් ලංකාවේ තිබේ.එයින් ( shorea oblongifolia) නමැති හල් ගස ලංකාව ම ජන්ම භූමි කොට ඇති ගසක් ලෙස සැළකිය හැක.වෙන කිසිම රටක මේ වර්ගය මේ තාක් සොයා ගෙන නැති හෙයිනි"
▪▪ මේ රටේ සල් නමින් ව්‍යවහාර වන දෙවැනි වර්ගය දකුණු ඇමරිකාවෙන් ගෙනැවිත් 1881දී බෝකරණ ලද ( cannonball tree නමැති කාල තුවක්කු උණ්ඩ ගස) ගසකි... මෙය සල් ගසක් තබා ආසියාතික වෙන ගසක් හෝ නො වේ.සල් ගසට සමාන කිසිම ලක්ෂණයක් ද මෙහි නැත.මීට අවුරුදු 78කට පෙර දකුණු ඇමරිකාවෙන් ගෙනැවිත් ලංකාවේ බෝකරණ ලද මේ ගස මීට පෙර ඉන්දියාවෙහි හෝ ලංකාවෙහි තිබුණු බවට කිසිම ශාක්ෂියක් නැත.
▪▪ තුන්වැන්න ( shorea robusta) නමින් උද්භිද විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන නියම සල් වර්ගයයි. මෙය ඉන්දියාවේ හා ජාවා දූපත්වලත් වැවී තිබේ..
මේ කැනන්බෝල් සල් ලෙස හැඳින් වූ මුත් එය ලංකාවේ අතීතයේ සිට නොපැවැති බවට එක සාධකයක් පමණි. කවරකු කළ ද වරද වරද ම ය. යම් කලෙක හෝඩි පොතට මෙම වරදවා ගත් සල් ගස ගැන පාඩමක් ඇතුළත් කොට ඇත. එයින් එම කැනන් බෝල් ගසට "සල්" නම යෙදීමට අනුබලයක් ලැබි ඇත . එසේ වූ පමණින් එම ගස ලංකාවේ අතීතයේ පටන් පැවති බව හෝ පැරැණි පත පොතේ සල් නම යොදා ඇත්තේ එකී කැනන් බෝල් ගසට ම බව කෙසේ පැවසිය හැකි ද?
"ජම්බු ජම්බු රතුපාටයි
ඉදුණු ජම්බු රතුපාටයි" යන කවි දෙපදය සමඟ //රෝස් ඇපල්// නමැති පළතුරෙහි රුව යෙදූ පමණින් ම එය ලංකාවේ ගසක් වන්නේ ද? එසේ ම පැරැණි පොත්වල හා දේශීය ඖෂධ නාමයන් අතර සඳහන් "ජම්බු" නම් එම //රෝස් ඇපල් //ම කියන අනුවණයෝ සිටිත් ද
//රං රඹුටං ගස් දෙකයි වළි කුකුළන් පස් දෙනයි //ආදි ලෙස රඹන් පද ගැයුව ද වැයුව ද හෝඩිපොත්වල රුව යෙදුව ද රඹුටං දේශීය ශාකයක් බව හෝ අනාදිමත් කලෙක පටන් මෙරට පැවති බව කියන්නො නොවෙති.
රෝස මලේ නටුවේ කටු ...යනුවෙන් මහා කවි ආනන්ද රාජකරුණා ලියු කවිය කුඩා දරුවන්ට උගන්වනවා විනා එමගින් රෝස ගසේ හිමිකම ලංකාවට ගැනීමට හෝ රෝස ලංකාවේ අතීතයේ පටන් පැවති බව කීමට කැස කවයි නම් එය විහිළුවකි.
ඒ අනුව හෝඩි පොතේ පාඩමකට සල් නමින් //කැනන් බෝල් // ගස ඇතුළත් කළා විනා එයින් කිසිවිටෙක එහි විදේශීය සම්භවය දුරුවන්නේ හෝ ලංකාවේ අනාදිමත් කලක සිට පැවති බව තහවුරු වන්නේ නැත.
●● 3. කැනන් බෝල් ගසට සැබැවින් ම //සල් //නම හිමි කළ හැකි ද?
අලංකාර ශෝභන වෘක්ෂය යන අරුතින් සකු බසින් යෙදෙන //ශාල // ශබ්දය පාලියට "සාල " ද සිංහලයට "සල්" යනුවෙන් ද යෙදේ.
මෙකී ශාල වෘක්ෂයට පර්යාය නාම රැසක් පැරැණි සකු පාලි සිංහල නිගණ්ඩු ග්‍රන්ථ දක්වයි. එම නම් බොහෝමයක් ගසේ ස්වරූපය හෝ ප්‍රයෝජන සලකා නිර්මාණය වූ ඒවා ය.
●අමරසිංහාචාර්යයන් සංස්කෘත භාෂාවෙන් රචිත //අමරකෝෂයේ// වනෞෂධී වර්ග යටතේ සල්ගසට පර්යාය නාම මෙ සේ දක්වයි.
▪▪සාලේ තු සර්ජකාර්ෂ්යාශ්වකර්ණක: ශස්‍ය සංවර: ( 364ශ්ලොකය)
● පොළොන්නරුපුර යුගයේ වැඩ සිටි මොග්ගල්ලාන හිමි විරචිත අභිධානප්පදීපිකා නම් පාලි නිගණ්ඩුව අරඤ්ඤවග්ගයෙහි ලා සල් ගසට යෙදෙන පාලි පද මෙසේ දක්වයි.
▪▪ සාළෝ ස්සකණ්ණෝ සජ්ජෝ
● වෛද්‍යාචාර්ය ජේ. සී. කන්නන්ගර මහත්මා කළ ඔසුවග නාමාවලිය ග්‍රන්ථයේ 62වැනි කවියෙහි සල් ගසෙහි පර්යාය මෙසේ දක්වයි.
▪▪අස්කන් සදොල සල සලි දිගුසා එලෙ ද
ලියතුරු සුඟඳ නමි සල් රුකට මන නඳ
මේ අනුව භාෂා තුනෙන් පිළිවෙළින්
1,සංස්කෘත =අශ්වකර්ණ
2පාලි. = අස්සකණ්ණ
3සිංහල = අස්කන්
යනුවෙන් යෙදේ. ඊට හේතුව මෙකී ශාකයේ පත්‍ර අශ්ව කර්ණ හෙවත් අශ්වයකු ගේ කනෙහි හැඩ හුරුකම දරන හෙයිනි.
බුද්ධදාස රජතුමා විරචිත //සාරාර්ථ සංග්‍රහය // නම් වෛද්‍ය ග්‍රන්ථයේ "" කදරෝ වාජිකර්ණශ්ච...// යනුවෙන් වාජිකර්ණ ලෙස යොදයි. වාජි යනු ද අශ්වයාට නමකි.
දේශීය වෛද්‍යශබ්ද කෝෂය , කෂාය සාගරය ආදි ග්‍රන්ථයෝ ද මේ නාමය දක්වති.
ඒ අනුව shorea robusta නමැති ගස අශ්ව කර්ණ නම ලබන අතර එහි සමීපතම නෑයා වූ එම කුලයේ ම veteria copallifera නමැති ලංකාවේ සල් හෙවත් හල් ශාකය අජ කර්ණ නාමය ලබයි. ඒ එම ගසේ කොළ එළුවකු ගේ කනෙහි ස්වරූපය ගන්නා හෙයිනි.
එකම කුලයේ ශාක දෙකක් අශ්ව කර්ණ හා අජකර්ණ නාමය ලැබීම පුදුමයක් නොවේ. අතීතයේ විසු මිනිස්සු මැනැවින් විමසා බලා දැන හැඳින මේ නම් යෙදූහ. ( ඇතැම් තැන මේ සම බව නිසා මුරුත ගස ද අස්කන් නම ලබයි) එකී පත්වල හා අශ්වයා ගේ කනෙහි සමාන රූපී බව මේ නම යෙදීමට හේතුව වී ඇත.
අදත් කෙනෙකුට මේ සමාන කම විමසා එහි සැබෑව නොසැබෑව වටහා ගත හැකිය. ඊට පහසුවක් වන ලෙස ඒකී රූ සසඳා සෙයා රුවක් එක් කොට ඇත.
ඒ අනුව අස් කනකට කෙසේවත් සම නොවන පත් ඇති කැනන්බෝල් ගසට කෙසේ නම් සල් පර්යාය අශ්වකර්ණ නාමය ගැළපේ ද ? පැරැණි සකු පාලි පොත පත බොහෝමයක් සල් හඳුන්වන්නේ අශ්වකර්ණ / අස්සකණ්ණ යනුවෙනි.
අස්කනකට සම නැති පත් ඇති කැනන්බෝල් පත් අස්කනකට සමාන කරන්නට මේ සා වෑයම් කරන්නේ ඇයි.
ඉහත තේමා තුන යටතේ දැක්වෙන කරුණු විමසතත් නුවණ ඇතියෙකුට විදේශීය ශාකයකට දේශීය නාමය යොදා කීමේ නිසරු බව වැටහෙනු ඇත. ඒ නමුදු තවදුරටත් මෙකී ශාකයේ භාවිතයන් ද පැරැණි පොතපතේ විස්තරයන් ද දක්වමින් කැනන්බෝල් ශාකය සල් නම ලැබීම හෝ ලංකාවේ අතීතයේ සිට පැවති බව කීම හෝ යුක්තියුක්ත ද යන්න විමසනු ලැබේ.
●● 4. සල් > හල් වෙන බව කවුරු නොදනිත් ද?
සිංහල භාෂාවෙහි ඇති එක්තරා ලක්ෂණයකි "ස" අක්ෂරයට "හ" අක්ෂරය ආදේශ වීම.
මේ පද ඊට නිදසුන් ය.
සඳ. > හඳ
සාවා. > හාවා
සැටි. > හැටි
සිත. > හිත
සෙවණ. > හෙවණ
සොරා > හොරා
මේ බව සිඳත්සඟරාව නම් පැරණි ව්‍යාකරණ ග්‍රන්ථයේ මෙසේ දැක්වේ.
// අදෙස් අගම් විදි
පියෙවි සබඳ "හ" කරන්
වෙසෙසා හැඳින යොදනු
උගත් නො දැහැ ඇදුරන්//
අර්ථය
හ කාරයන් සම්බන්ධව ආදේශ ආගම ප්‍රකෘති විදි විශේෂයෙන් වෙන් වෙන් හැඳින ඇදුරන් ගෙන් උගත් සැටි අත් නොහැර යොදනු..
සුදු හුදු විසදා විහිදා සිඳි හිඳි. ආදි නිදර්ශන රැසක් ද ඒ පොතේ හ කාර ආදේශයට දක්වයි. ඒ අතර වූ 14වැනි නිදසුන සල් >හල් බවට පත්වීම ය.
ඒ අනුව සිංහල භාෂාවට උරුම මේ හ කාරාදේශය නිසා නිසැකවම සල් යන්න හල් බවට පත්වේ.
එනිසා පෙරකල //සල් //යනුවෙන් හැඳින් වූ ශාකයට කාලයාගේ ඇවෑමෙන් //හල් //නාමය ආදේශ වීම අරුමයක් නොවේ
සල්. > හල්
එදා පොත පතේ සල්. නමින් ලියා ඇති ගස අද වහරේ හල් ලෙස හඳුන්වයි. ඒ බව තව දුරටත් ඉදිරි කරුණු දැක්වීම්වලින් තහවුරු වෙනු ඇත.
●● 5. අනුරපුර යුගයේ සිට සිංහලයා දුටු පුරුදු හඳුනාගත් ප්‍රයෝජනට ගත් සල්. //කැනන්බෝල්// ද ?
බෝ කලක සිට සිංහල බෞද්ධයෝ ශාල හෙවත් සල් ගස ගැන අසා කියවා පුරුදු කම් ඇත්තෝ ය. ඒ බුදුසිරිත හා බැදුණු සල් ගස් සල් උයන් ගැන කියවා අසා පුරුදු හෙයිනි. නමුදු එකී සල් සැම දෙන දැක ඇති බව හෝ එයින් පල ප්‍රයෝජන ගත් බව කිව නොහැකිය. මන්ද ඒකී සල් ඉන්දියාව නිජ බිම කොට ඇති හෙයිනි .නමුත් මෙරට වැසියා දුටු පුරුදු පල ගත් පොතපතේ සඳහන් කළ සල් ගසක් ද ඇත. ඒ ගැන මෙහිදී විමසා බැලේ.
අතීතයේ පටන් ඖෂධ සඳහාත් ආහාර සඳහාත් සල් යොදාගත් බවට සාධක ඇත.
මෙහි මුලින් ම පැහැදිලි කළ සේ "සල් " නාමය යෙදෙන ගස් තුනක් ලංකාවේ ඇති මුත් මෙකී ප්‍රයෝජන ලැබුවේ කුමන ගසකින් ද යන්න විමසා බැලිය යුතු ය.
පෙරදිග වෛද්‍ය විද්‍යාවේ මූල ග්‍රන්ථ අතර වු චරකසංහිතාව සුශ්‍රැතසංහිතාව ආදි ඉන්දියාවේ රචිත ග්රන්ථවල ද සාරාර්ථසංග්‍රහය යෝගරත්නාකරය ආදි ලක්දිව ලියැවුණු බොහෝ ග්රන්ථවල ද අශ්වකර්ණ / වාජිකර්ණ / ශාල / සල් නම යෙදේ. එකී නාමය සහිත ඖෂධ ප්‍රයෝග ගැන සඳහන් වේ. එහිදී යොදා ගැනෙන්නේ හා යොදා ගත යුත්තේ //කැනන්බෝල්// ගස නොවන බව සිය භාවිතය ;ඥානය ඇසුරෙන් දේශීය වෛද්‍යවරු බොහෝ තැන තහවුරු කොට ඇත.
ඒබව කියවා දැනගනු කැමතියන්ට ..
1ආයුර්වේද ඖෂධ සංග්‍රහය ප්‍රථම පියවර දෙවන කොටස ( ආයුර්වේද දෙපාර්තමේන්තුව) ඔබේ පහසුවට මෙහි සේයා රුවක් යොදා ඇත
2ඔසුතුරු විසිතුරු හතරවැනි කාණ්ඩය ( ආයුර්වේද දෙපාර්තමේන්තුව)
3 ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානාර්ණවය ( වෛද්‍ය ජේ.කේ එස්. සමරසේකර )
4 දේශීය වෛද්‍යශබ්ද කෝෂය
(පණ්ඩිත කිරි ඇල්ලේ ඤාණවිමල හිමි)
මෙහිදී තව කරුණක් සනාථ වේ. Shorea robusta නමැති සල් (ඉන්දියාවේ ව්‍යාප්ත වු) ගස ද vateria copallifera නමැති සල්( අද හල් සේ හඳුන්වන) ගස ද එකම කුලයට අයත් බවත් එහි ගුණ කර්ම බොහෝ දුරට සමබවත් ඒ හෙයින් මෙරට ඖෂධ පිණිස vateria copallifera නමැති සල් ගස යොදාගැනෙන බවත් පැහැදිලිය. ඒ කිසි තැනෙකවත් කැනන්බෝල් භාවිත කෙරෙන බව නොදක්වයි.
මේ අයුරින් දේශීය ඖෂධ ප්‍රයෝග වශයෙන් කිසි ලෙසකත් කැනන්බෝල් යොදා නොගැනෙන බව පැහැදිලිය.
එසේ ම පැරැණි පොත පතේ සඳහන් කරුණු අනුව එදා ලාංකිකයා දැන හඳුනාගත් සල් ගස
1 ගෙඩි ආහාරය සඳහා ගනී
2 ගස් මුදුනේ නැතිනම් අතු අග මල් පිපේ
3මල් සුදු පැහැතිය.
ඒ ලක්ෂණ කිසි විටෙකත් කැනන්බෝල් ගස සමඟ සැසැදෙන්නේ නැත. එය වඩාත් සමීප වන්නේ අද// හල් // නමින් හඳුන්වන ශාකයට ය. එහෙයින් එදා පොතපතේ සල් නාමයෙන් දක්වන්නේ වෙන කිසිවක් නොව මෙරට බහුලව ම ඇති අද හල් ලෙස හඳුන්වන ශාකය ම වේ.
** සල් පල ආහාර පිණිස ගන්නා බව
පොලොන්නරුපුර යුගයේ මුල් සමයේ රචිත බවට සැලකෙන " කැලි සන්‍යය හෙවත් කැලි පිටපොත" නම් සන්න පොතක් වේ. ඒ විනය පිටකය හා එහි අටුවාවේ ඇති කරුණු පැහැදිලි කිරීම පිණිස රචනා වුවකි.
තත් ග්‍රන්ථයේ භික්ෂුන් උදෙසා යාවකාලික භෝජන සේ සුදුසු බවට සඳහන් ඇට වර්ග හා පිටි වර්ග අතර සල්ඇට හා සල් පිටි දක්වයි.
▪▪▪සාලට්ඨි සල්බිජුදු. / සාල , සල් පක පිටිදු ▪▪▪▪
මෙසේ ඇට හෙවත් ගෙඩියේ මදය ආහාර පිණිස යොදා ගන්නේ හල් මදය බව අදත් ගැමියෝ දනිති.කිසි ලෙසක කැනන්බෝල් ගෙඩි ආහාරයට නොගනී.
*** ගස් මුදුනේ මල් සැදෙන බව
පොලොන්නරු පුරයේ රචනා කෙරුණු මහාකාව්‍යයක් සේ සැලකෙන සසදාවතෙහි මෙසේ දක්වයි
දැව කෙළෙඳි කොළඹ කුබුබු හින්සල් සල්මල්
පුදා තුරුහිස් අස්නේ වෙහෙරත් හාත්පස්හි. ( 79)
තේරුම. - දැව කෙළිඳ , කොළොම් කුඹුක් හින්සල් සල් (යන මේ ගස්වල) කසුම් විහාරයේ හාත් පස ගස් මුදුන් නමැති ආසනයෙහි පූජාකොට.
මෙහි තුරුහිස් අස්නේ යනුවෙන් ගස්මුදුන් මල් ආසන සේ දක්වයි. ඒ අනුව එම ගස්වල මල් පිපී ඇත්තේ ගසේ මුදුනේ මිස කඳ මැද නොවේ.
ඉන්දියාවේ සල් හා මෙරට හල් ගස්වල මල් එසේ අතු අග, ගස් මුදුනේ පිපුණ ද කැනන්බෝල් ගසේ මල් එසේ තුරුහිස පිපේ ද?
*** සල් මල් සුදුපාට බව.
ලංකාවේ දැනට විද්‍යමාන පැරණිම සන්දේශ කෘතිය ලෙස පිළිගැනෙන ගම්පොළ යුගයේ රචිත තිසර සන්දේශයේ මෙසේ දැක්වේ.
පිපි සල්තුරු ගැවසි දිසි කිර වැළාන
දකිමින් ලකුළු මාදළු. මූකළාන
කොක වැළ සුරවි දුළ මාමේ කුළාන
යන සඳිනෙසඳ යව මඟ නොව මුකළාන
(110)
ඇතැමෙක් කැනන්බෝල් ගස ලංකාවේ උපන් ගසක් බව කීමට අරුත ගැන නොසොයා සල් නම පමණක් බලා මේ කවිය දක්වයි. ඉතා අලංකාර රූපක සහිත මේ කවියෙහි සල්මල් කොකුන් සමූහයකට සමාන කර ඇත. ඒ සල්මල්වල පැහැය ම සලකා බව කවිය හොඳින් රස විඳින්නන්ට වැටහේ ..
කොකුන් ගේ සුදු පැහැයට සමකළ හැකි මල් ඇත්තේ හල් ගසේ ම පමණි. කැනන්බෝල් මල එසේ සුදුපැහැ කොකුන් සේ ඈතට පෙනෙයි ද?
( ලිපිය දිගුවන හෙයින් වෙනත් ලිපියකින් කව්යාලංකාර ආදිය සකාරණව සසාධකව විමසමින් කරුණු දක්වනු ලැබේ)
●● 6.. බුදුසිරිත හා බැදුණු සල් ගස මෙරට කැලෑවල තිබුණු බව කීම වරදක් ද?
ඇතැමෙකු තර්කය වනුයේ. ඉන්දියාවේ පමණක් ඇති සල් ලංකාවේ දක්නට නොමැති නම් පැරැණි කතුවරු සල් හෝ අස්සකණ්ණ මෙරට කැලෑවල ඇති බව කීවේ ඇයි ද යන්නයි.ඔවුන් ගේ දැක්මට අනුව එය නොසිදුවිය යුතු ය. එසේ වීම මහත් වරදකි.
මේ සම්භාව්‍ය සාහිත්‍ය කාව්‍යසාහිත්‍ය පිළිබඳ නොදන්නා කම ය.
පෙරදිග සාහිත්‍ය ලොකයේ පිළිගත් //කවිසමය // නම් අංගයක් ඇත. එනම් සැබෑලෝකයේ දී සත්ය නොවන ඇතැම් දේවල් කවිලෝකයේදී ඇත්තක් ලෙස පිළිගැනීමේ එකඟතාව වේ.
ඇටිකුකුළා සඳරැස් උරා බොයි
කාන්තාවන් ගේ පා පහර වැදීමෙන් අශෝක ගස්වල මල් පිපෙයි
ගංගා සාගර ආදියේ ජලය ඇති සියලු තැන පියුම් ඇත හංසයෝ සිටිති ආදි වූ බොහෝ දේ ඊට අයත් ය.
සැබැවින් ම ලංකාවේ ස්වාභාවිකව දක්නට නැති හංසයන් මෙරට කැලෑවල ද ගංගා විල් ආදියේ ද සිටි බව කියා ඇත්තේ ඒ අවසරය මත ය. එය නොසලකා හෝ එය නොදන්නා නිසා පැරැණි සාහිත්‍ය රචනා දක්වමින් හංසයා ලංකාවේ සතෙකු බව කියයි නම් ඒ විහිළුවකි.
කවිසමය ගැන වැඩි තොරතුරු දැනගනු කමැත්තො පහත පොතපත ඇසුරු කරත්වා
1මහා සිංහල සාහිත්‍ය ශබ්දකෝශය ප්‍රථම භාගය ( කේ .බී.ඒ. එඩ්මන්ඩ්)
2 සාහිත්‍යය ( පූජ්‍ය හේනපිටගෙදර ඤාණසීහ හිමි) ( මෙහි සේයා රුවක් යොදා ඇත)
3 සුබෝධාලඞ්කාරය ( පූජ්‍ය ලබුගම ලංකානන්ද හිමි සංස්කරණය)
මෙම කවිසමයට අනුව දෙව්ලොව පරසතු මදාරා සුරතුර අසුර ලොව පළොල් නිරයේ ඉඹුල් මලය දේශයේ හිමාලයේ සඳුන් ආදි ලෙස විශේෂයෙන් සඳහන් ගස් කිහිපයක් හැරුණු කොට අනෙක් ඕනෑම ගසක් වනයක ඇතැයි පැවසීම වරදක් නැත. එකී ගස් වනයේ තිබීම හෝ ඒ රටේ තිබීම සලකා බැලෙන්නේ නැත.
ලංකාවේ වනාන්තරයක කොහෙත්ම දක්නට නොලැබෙන දෙව්දුරු හෙවත් දෙවදාර ඇති බව// මදර පඟර දෙව්දුරු වෙලඟ අන්දර// යනුවෙන් කහකුරුලු සන්දේශ කර්තෘ නිසැකව ම කීවේ ඒ අවසරය ලැබීමෙනි.
ඒ හෙයින් ඇතැමෙකු //සමන්තකූට වණ්ණනා // නමැති දඹදෙණි යුගයේ රචිත පාලි කාව්‍යයේ ගාථා දෙකක් ද දිවාගුහාව වන්දනා කරන ගාථාව හා සන්දේශ කාව්‍ය අතර වූ කවි නිදසුන් කොට එහි වු අස්සකණ්ණ හා සල් නාම කැනන්බෝල් ගස හැදින්වීමට යෙදු බවට ගෙනෙන තර්කය විහිළුවකි.
එම යෙදුම් ඉන්දියාවේ සල් ගස උදෙසා යොදා ඇතිනම් කවි සමයට අනුව ගැටලුවක් ඇති නොවේ ය.
නැතිනම් මෙරට හල් ගස උදෙස සල් නාමය යොදා ඇති නම් එහි ද ගැටලුවක් නැත
මින් ඉහත දැක් වු කරුණු මත මෙරට පැරැණි පත පොත සල් යනුවෙන් දක්වා ඇත්තේ. අද හල් නමින් හැඳින්වෙන ගස මිසෙක විදේශයෙන් හඳුන්වා දුන් කැනන්බෝල් ගස නොවේ ම ය.
යමෙකු කැනන්බෝල් ගස එකී පොත පතේ ඇති සල් නාමයෙන් හඳුන්වන බව ම පවසයි නම් ඔවුන් පහත කරුණු මඟින් එය සනාථ කළ යුතු ය.
1 දේශීය හෝ ආයුර්වේද ඖෂධ පිණිස කැනන්බෝල් යොදා ගන්නා බව තහවුරු කළ යුතු ය.
2අශ්ව කර්ණ නාමය කැනන්බෝල් ගසට ගැළපෙන අන්දම පැහැදිලි කළ යුතු ය.
3 කැලි සන්ය හෙවත් කැලි පිටපොතට අනුව සල් ඇට සල්ගෙඩි පිටි ආහාරයට ගනී. මෙරට ගැමියෝ හල් පිටි හල් රොටි හල් පිට්ටු ආහාරයට ගනිති. කැනන්බෝල් ගෙඩි එසේ ආහාරයට ගන්නා අන්දම තහවුරු කළ යුතු ය.
4 ගස් මුදුනේ සුදු මල් පිපෙන කැනන්බෝල් ගස් ලංකාව තුළ පෙන්විය යුතු ය.
5 ලංකාවේ වනාන්තරවල සල් ඇති බව වර්ණිත හෙයින් ජනාවාස ඇසුරේ නොව වනාන්තරවල කැනන්බෝල් ඇති බව තහවුරු කළ යුතු ය.
6 ඉන්දියාවේ සල් මෙරට නැති නිසාම එකී සල් පොතපතේ යෙදීම නොකළ බව කියයි නම් කාල හංසයන් සුදු හංසයන් රණ හංසයන් ද දේවදාර ද මෙරට වනාන්තරවලින් පෙන්වා එකල කවියා ඇති දේවල් ගැන ම පමණක් කියූ බව තහවුරු කළ යුතු ය.
මෙසේ අප තේමා 6ක් යටතේ එදා කවියන් වනාන්තරවල ඇති සල් යනුවෙන් පොත පතට ඇතුළත් කළේ අද හල් ලෙස හඳුන්වන veteria copallifera ශාකය බව තහවුරු කොට ඇත. ඒ එසේ නැතැයි කියන ඒ කැනන්බෝල් ගස බව කියන අයට ද කරුණු 6ක් දක්වා ඇත. එකී කරුණු යටතේ ප්‍රශ්නවලට උත්තර සාධක සහිතව සපයා දෙමින් අපේ මතය ඕනෑම අයෙකුට බැහැර කළ හැකිය.

Comments
Post a Comment