සීගිරි චිත්‍ර වල ඇත්තේ සල් මල් ද?

සීගිරි චිත්‍ර වල ඇත්තේ සල් මල් ද??

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව - අංක 14


බුදු රදුන් ලංකාවේ බවට සාක්ෂි ඉදිරිපත් කරන පිරිස, අප විසින් ඔවුන් සල් යනුවෙන් හඳුන්වන cannon ball tree (කාලතුවක්කු උණ්ඩ ගස) හෙවත් Couroupita guianensis ශාකය, 


1. බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාවට 1881 හඳුන්වා දුන් ගසක් බවත් 


2. ත්‍රිපිටකයේ සඳහන් වන සල් ශාකය එය නොවන බවත්,


 සාධක සාක්ෂි ඇසුරින් තහවුරු කර පෙන්වා දුන් පසු, 1881 ට පෙර ඔවුන්ගේ cannon ball ගස් ලංකාවේ තිබුණ බවත් සීගිරි චිත්‍ර වල එම මල් සිත්තම් කර ඇති බවත් සාවද්‍ය මතයක් ගෙන යමින් සිටියි.






සීගිරි චිත්‍ර වල ඇත්තේ cannon ball මල් ද??


ඔවුන් පවසන ආකාරයට මේ අගනුන් රැගෙන යන මල් cannon ball හෙවත් ඔවුන්ගේ සල් මල් වන්නේය.

එම රූප සටහන් බැලීමේදී එම මල් කිසිසේත් cannon ball මල් නොවන බව ඕනෑම අයෙකුට පෙනී යන නමුත් මොවුන් තරයේම සිය මතය ප්‍රකාශ කරන බැවින් ඒ ගැන විමසා බලමු.


සීගිරි චිත්‍ර බලා ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් කිව හැකි බැවින් මොවුන් තම සාවද්‍ය අදහස ප්‍රකාශ කරයි.

නමුත් මොවුන් අමතක කරන දෙය නම් එසේ ඔවුන්ට අවැසි පරිදි විකෘති කළ නොහැකි දෙයක් මේ සීගිරි චිත්‍ර වල ඇති මල් සම්බන්ධව ඇති බවයි.

එනම් ක්‍රිව 8-9 සියවස් වල ලියවුන සීගිරි ගී වල මේ මල් පිළිබඳව විස්තර කර ඇති ආකාරයයි.


මේ සීගිරි කුරුටු ගී පිළිබඳව විමර්ශනය කරන සෙනරත් පරණවිතාන මහතා ගේ ඒ පිළිබඳ කෘතිය වන sigiri grafititi කෘතියෙන් මේ ගැන කදිමට විස්තර ලබා ගත හැක.

සීගිරි කුරුටු ගී 685 ක් හඳුනාගෙන සිය කෘතියට ඇතුළත් කර ඇති එතුමා එම ගී වල අර්ථයන් ද මැනවින් විග්‍රහ කර දක්වයි.


එබැවින් සීගිරි කුරුටු ගී වල මෙම මල් පිළිබඳව සඳහන් වන ආකාරය sigiri grafititi volume II කෘතිය ඇසුරින් සොයා බලමු.


අංක 2 කවිය. (පිටු අංක - 1)

නිල් මහනෙල් මල් රැගත් යුවතියන් 


අංක 6 කවිය (පිටු අංක - 3-4)

මානෙල් මල් රැගත් යුවතිය.


අංක 13 කවිය (පිටු අංක - 7-8)

නිල් උපුල් මල් රැගත් යුවතිය


අංක 21 කවිය. (පිටු අංක - 12-13)

සපු මල් හා නෙළුම් පොහොට්ටු රැගත් යුවතියන්


අංක 30 කවිය (පිටු අංක - 18)

මානෙල් සහ සපු මල් රැගත් යුවතිය.


අංක 41 කවිය (පිටු අංක - 24)

මානෙල් මල් වරලස ගසා ගත් යුවතිය.


මේවාට අමතරව මෙම ගී 685 අතර තවත් කුරුටු ගී රාශියක  මෙම අඟනුන් රැගෙන යන මල් පිළිබඳව සඳහන් කර ඇති අතර ඒ කිසිවක මානෙල් නෙළුම් හා සපු හැර සල් මලක් ගැන කිසිම සඳහනක් නැත.  


එසේම මෙම සීගිරි කුරුටු ගී ගැන පූජ්‍ය පණ්ඩිත තලල්ලේ ධම්මානන්ද හිමියන්ගේ සීගිරි පද්‍ය නමැති කෘතියේ ද විග්‍රහ කර ඇති අතර ඒ කිසිවක සල් මල් ලෙස විග්‍රහ කර අර්ථ දක්වා නැත.


එම කෘතියේ ද මෙම කවි වල සඳහන් මල් ලෙස මානෙල් නෙළුම් සහ සපු අර්ථ දක්වා ඇත.


එබැවින් සීගිරි චිත්‍ර වල ඇති මල් පිළිබඳව පිළිගත් පුරාවිද්‍යා මතය විකෘති කරමින් ඒවාට cannon ball මල් ආදේශ කිරීමේ මොවුන්ගේ මිත්‍යා මතය බිඳ වැටේ.


එසේම රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි වැසියන් ලියූ මෙම කවි කිසිවක මෙම මල් වර්ගය සල් ලෙස සඳහන් නොවීම එම කාලයේ ඒ්වැනි තරමක් විශාල මල් වර්ගයක් (cannon ball) සල් ලෙස හඳුන්වා නොමැති බවට සාධකයකි.


එබැවින් මේ මගින්ද වක්‍රාකාරයෙන් සනාථ වන්නේ cannon ball ශාකය පිළිබඳව දැනුමක් අතීත සිංහලයන් සතුව නොතිබි ඇති බවයි.

 

එනම් මේ ශාකය පසු කාලයක හඳුන්වා දුන් බව මේ මගින්ද වක්‍රාකාරයෙන් තහවුරු වන බවයි.


තෙරුවන් සරණයි.

මනෝජ් කුමාර.


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්