රත්න ප්‍රසාදය
රත්න ප්‍රාසාදය පිළිබඳ සත්‍ය කතාව.
බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව අංක 17.
බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස අනුරාධපුරයේ ඇති රත්න ප්‍රාසාදය සැවැත් නුවර පිහිටි විශාකා උපාසිකාව බුදු රදුන්ට පූජා කළ පූර්වාරාමය බව ප්‍රකාශ කරමින් සිටියි.
මෙහි ඇත්ත කුමක්ද?
රත්න ප්‍රාසාදය යනු කුමක්ද? සොයා බලමු..
1. අභයගිරි චෛත්‍ය හා අභයගිරි විහාරය ඉදිකරන ලද්දේ වළගම්බා රජු විසින් ඔහුගේ දෙවන රාජ්‍යත්ව කාලයේදී ( ක්‍රිපූ 89- 77) බව දීපවංශයේ හා මහාවංශයේ සඳහන් වෙයි.
2. එසේම මහාවංශයට අනුව වළගම්බා රජු අභයගිරි විහාරය මෙහි ඉදිකරේ එම ස්ථානයේ පිහිටි පණ්ඩුකාභය රජතුමා ඉදිකළ ගිරි නම් නිගණ්ඨ යාගේ ආරාමය ඉවත් කර බවද සඳහන් වෙයි.
3. මෙම අභයගිරි විහාර සංකීර්ණයට අයත් රත්න ප්‍රාසාදය කනිටුතිස්ස රජු (ක්‍රිව 167-186) විසින් ඉදිකරන ලද බව ද මහාවංශය තහවුරු කරයි.
4. මෙම විහාර සංකීර්ණය හා රත්න ප්‍රාසාදය ගජබාහු, දෙවන හා හතරවන මිහිඳු රජවරුන් විසින් අළුත් වැඩිය කරන ලද බවත් ඉතිහාස මූලාශ්‍ර සඳහන් කරයි.
5. අභයගිරි විහාර සංකීර්ණය තුළ ක්‍රිපූ 1 වන සියවසේ සිට ක්‍රිව 11 වන සියවස දක්වා කාලයක් තුළ විහිදෙන සෙල් ලිපි විශාල සංඛ්‍යාවක් ඇති අතර එම සෙල් ලිපි මගින් මෙම විහාර සංකීර්ණයේ අනන්‍යතාවය සහතික කර ඇත.
6. එම අතීත බෞද්ධ රජවරුන් කිසිවෙක් සිය සෙල් ලිපි වල පූර්වාරාමය ක් ගැන හෝ සැවැත් නුවරක් ගැන කිසිදු සඳහනක් නොකරයි.
7. එසේම S.M. Burrows, H.C.P.බෙල්, E.R. අයර්ටන්, සෙනරත් පරණවිතාන, C.E. ගොඩකුඹුර, T.G. කුලතුංග වැනි පුරාවිද්‍යාඥයින්/ මහාචාර්යවරුන් අභයගිරි විහාරයේ සහ රත්න ප්‍රාසාදයේ කැනිමි කටයුතු සිදුකර පර්යේෂණ වාර්තා ගනනාවක් ඉදිරිපත් කර ඇති අතර ඒ කිසිදු පර්යේෂණයක දී බුද්ධ කාලයට අයත් සාධක සාක්ෂි සොයාගෙන නැත.
8. එසේම රත්න ප්‍රාසාදය යනු අභයගිරි විහාරයට අයත් පොහොය ගෙය බව ඉහත පුරාවිද්‍යාඥයින් පුරාවිද්‍යා පර්යේෂණ මගින් සනාථ කර ඇති කරුණකි.
9. ෆාහියන් හිමියන්ගේ ලංකාව පිළිබඳ වාර්තා වලද අභයගිරිය ගැන සඳහන් වන අතර එම වාර්තාවේ ද පූර්වාරාමය ක් ගැන කිසිදු සඳහනක් නැති අතර, ඉන්දියාවේ සැවැත් නුවර විශාකා උපාසිකාව සෑදූ විහාරය ගැන විස්තර කර ඇත.
10. එමෙන්ම විශාකා උපාසිකාව විසින් ඉදිකළ පූර්වාරාමයේ නටබුන් අදත් ඉන්දියාවේ අතීත සැවැත් නුවර පවතින අතර පුරාවිද්‍යා ගවේෂණ මඟින් එය තහවුරු කර ඇත.
11. එම සත්‍ය පූර්වාරාමය හින්දු ආගමිකයන්ගේ තර්ජනයට ලක්ව අද ඉතා කුඩා නටබුන් ප්‍රමාණයකට සීමා වී ඇති අතර එහි වෙසෙන ඉන්දීය ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉතා දුෂ්කර තත්ව යටතේ ආරක්ෂා කරගෙන එනු ලබයි.
12. එසේ සත්‍ය පූර්වාරාමය සැවැත් නුවර අනිකුත් නටබුන් හා පුරාවිද්‍යා ස්ථාන සමග සොයාගෙන තිබියදී මේ පිරිස ගෙන එන මේ මිත්‍යා මතය කිසිදු මූලාශ්‍ර සාධකයක් නොමැති බොරු හිතළුවක් බව පැහැදිලිය.
13. මේ කරුණු සියල්ල සලකා බැලීමේදී රත්න ප්‍රාසාදය ඉදිකර ඇත්තේ අපේ සිංහල බෞද්ධ රජවරුන් විසින් බව පැහැදිලි වන අතරම පණ්ඩුකාභය රජු ඉදිකළ නිගණ්ඨ ආරාමය ඉවත් කර එම ස්ථානයේ මෙම ඉදිකිරීම් කර ඇත.
14. මොවුන් පවසන පූර්වාරාම කතාව සත්‍ය නම්, පණ්ඩුකාභය රජු එහි තිබූ විශාකා උපාසිකාව බුදු රදුන්ට පූජා කළ පූර්වාරාමය විනාශ කර එතැන නිගණ්ඨ ආරාමයක් ඉදිකර ඇත. එය ලංකාද්වීපය එක්සේසත් කළ ශ්‍රේෂ්ඨ පණ්ඩුකාභය රජුට කරන අපහාසය ක් නොවේද??
15. එසේම ලංකාවේ සිටි අනෙකුත් බෞද්ධ රජවරු ද විශාකා උපාසිකාව බුදු රදුන්ට පූජා කළ, බුදු රදුන් වැඩ සිටි පූර්වාරාමය එහි තිබූ බව සඟවා තැබීමට කුමන්ත්‍රණය කර ඉතිහාසය විකෘති කර ඇත.
16. එසේම එකල සිටි සියලුම අතීත බෞද්ධ ජනතාව මේ කුමන්ත්‍රණය ට සහභාගී වි බුදු රදුන් වැඩ සිටි පූර්වාරාමය අමතක කර ඉතිහාසය විකෘති කර ඇත.
17. මේ සියලු කරුණු අනුව සත්‍ය ප්‍රකාශ කරනුයේ...
a) අතීත ශ්‍රේෂ්ට රජවරුන්, අතීත බෞද්ධ ජනතාව, ෆාහියන් හිමියන්, ලෝකයේ නමක් දිනූ ශ්‍රේෂ්ට පුරාවිද්‍යාඥයින් ඇතුළු පිරිස?
b) බුදු රදුන් ලංකාවේ බව පැවසීමට ඉතිහාසය විකෘති කරන, අපේ ශ්‍රේෂ්ට රජවරුන්ට අපහාස කරන, කිසිදු මූලාශ්‍ර සාධකයක් නොමැතිව හිතළු ප්‍රකාශ කරන, මේ NGO නඩය?
තීරණය ඔබ සතුයි..
නුවණැති බෞද්ධයන් ගේ විමසුම පිණිස....
විශේෂ ස්තුතිය.
මහාචාර්ය ටි. ජි. කුලතුංග මහතාට.
Comments
Post a Comment