මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
මේ කාර්ය භාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!
ReplyDeleteක්‍රි.පූ යුගයේ සෙල්ලිපි තියෙනවද එහෙම ඒවා ටිකක් වටිනවානේ පූර්ණ බ්‍රාහ්මීය අක්ෂර සෙල්ල්පි වගේ ඒවා ටිකක් ඉදිරිපත් කරන්න කෝ එතකොට ටිකක් හොදයි මොකද ඔයා කියන එයාලා ලංකාව තුලින් එහෙම ඒවා ගොඩක් ඉදිරිපත් කරනවානේ ඉතින් ඔයාටත් එහෙම ටිකක් ඉදිරියට ගේන්න බැරි වෙයිද
ReplyDeleteඇයි ඔයා නිහඬ එහෙම පැරණි සෙල්ලිපි තියෙනවා ද නැතිද෴
ReplyDeleteඅශෝක රජතුමාගේ සෙල් ලිපි https://en.wikipedia.org/wiki/Major_Rock_Edicts#Major_Rock_Edict_13 සහ https://en.wikipedia.org/wiki/Minor_Rock_Edicts (Minor Rock Edict No.1) වලිනුත් කියවෙන්නේ .........."තාඹරපන්නි" මෙහේ "ජම්බුද්වීප" එහේ........ තැන් දෙකක් බවයි.
ReplyDeleteසාස්‍රම් https://en.wikipedia.org/wiki/Sasaram කියන තැන "ජම්බුද්විප" කියලා කොටල තියෙනව .
මේ ලොකේෂන් එක (24.94138°N 84.03833°E) ගූගල් මැප් එකට දාගෙන බලන්න.
මෙතන https://www.youtube.com/watch?v=ZQrujGurOn8 තියෙන මුස්ලිම් පල්ලිය පැත්තක, ගල් ගුහාවක අඩි 4 x 8 යකඩ දොරකින් වහල තියෙන්නේ.
කල්සි https://en.wikipedia.org/wiki/Rock_edicts_of_Khalsi කියන තැන "තාඹරපන්නි" කියලා කොටලා තියෙනවා.
මේ ලොකේෂන් (Kalsi, Uttarakhand 248158, India) - (Sasaram, Bihar 821115, India) ගූගල් මැප් එකට දාගෙන බලන්න
මෙම කරුණු ඉන්දියාවේ පුරා විද්‍යාවට නොපනේන්නේ ද ?ඔහුන් බුදුන් වහන්සේ ඉන්දියාවෙ ඉපදුන බව සනාථ කල නොහැකි බව පවසන්නේ ඇයි?
ReplyDelete