බාහිය දාරුචීරිය රහතන් වහන්සේ ගේ කතාවේ මිත්‍යාව

බාහිය දාරුචීරිය රහතන් වහන්සේගේ කතාව.

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව - අංක 19


බාහිය දාරුචීරිය රහතන් වහන්සේ රහත් වීමට පෙර බුදු රදුන් සොයා සුප්පාරක සිට පැමිණි ගමන ගැන සඳහනක් උපුටා දක්වන මේ පිරිස


a) උන්වහන්සේ එක් දිනකින් සුප්පාරක සිට සැවැත් නුවරට ඒක රැයකින් ගමන් කර ඇති බව දක්වයි.


b) ඒ්වැනී දුරක් ඒක රැයකින් ගමන් කළ නොහැකි බව පවසයි.


c) එබැවින් මේ ඉන්දියාවේ නොවන බවත් ලංකාවේ බවත් ප්‍රකාශ කරයි.




මේ සත්‍ය ද??


බාහිය දාරුචිරිය තෙරුන් වහන්සේගේ කතාව ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ උදාන පාළියේ බෝධි වර්ගයේ ඇති බාහිය සූත්‍රයේ පැහැදිලිව සඳහන් කර ඇත.


එහි සුප්පාරක සිට සැවැත් නුවරට ගමන් ගත් අයුරු සඳහන් වන අතර එහි පැහැදිලිව මෙසේ සඳහන් කර ඇත.


"ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය".



පාලි පෙළ.


"අථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකම්හා පක්කාමි. සබ්බත්ථ එකරත්තිපරිවාසෙන යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො තෙනුපසඞ්කමි".




මෙසේ ත්‍රිපිටකයේ පැහැදිලිව ගමන අතරමඟ ඔහු නැවතුන සියලු තැන්හි එක් එක් රාත්‍රිය බැගින් පමණක් ගත කර ඇති බව සඳහන් කරයි.


එසේ කර ඇත්තේ ගමන හැකි ඉක්මනින් අවසන් කර බුදු රදුන් බැහැදැකීම ඔහුගේ එකම අභිප්‍රාය වූ නිසයි.


එසේම බුදු රදුන් ගෙන් කෙටි ධර්ම දෙසුමක් අසා රහත් භාවයට පත් වන තෙරුන් වහන්සේ ටික වෙලාවකින් මරණයට පත් වෙයි.


මෙතරම් පැහැදිලි ලෙසින් ත්‍රිපිටකයේ ඇති මේ කරුණු මෙවැනි අයුරින් විකෘති කර බෞද්ධයන් මුලා කරමින් මේ කරන්නේ කුමක්ද??


මේ පිරිසගේ උත්සාහය බුදු දහම හෝ රට ජාතිය රැක ගැනීම ද???


මෙවැනි බොරු විකෘති සමාජ ගත කරමින් මේ සිදු කරන්නේ බුදු දහම, අපේ ඉතිහාසය හා සංස්කෘතිය විකෘති කර විනාශ කිරීමේ අන්තවාදී කල්ලියක වැඩසටහනක් නොවේද....


බුද්ධියෙන් විමසුමට......

Comments

  1. ස්තුතියි!!! ඔබ අප සැමගේ විකෘතියට එරෙහිවීම් සාර්ථකයි. මෙහිදී https://www.youtube.com/watch?v=-rPY6WyjoYU ඔය මිථ්‍යාවට මම ඔබගේ පිළිතුරදී තවත් එක් වසලයෙක් අද දිනත් පලවා හැරියා. ස්තුතියි. සතුටුයි.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?