ෆාහියන් හිමියන්ගේ වාර්තාව අනුව රජගහනුවර.

 

ෆාහියන් හිමියන් ගේ සංචාරක සටහන් වාර්තාව අනුව ඒ හිමියන් ගංගා නම් නදිය තරනය කිරිමෙන් පසුව දකුනු දෙසට යොදුනක් පමණ ගමන් කොට පාටලිපුත්‍ර නගරයට පැමින ඇත.



අනතුරුව පාටලිපුත්‍රයේ සිට ගිණිකොණ දෙසට යොදුන් 9 ක් ගමන් කොට ඉන්දසාල ගුහාව පිහිටි හුදකලා කඳු වැටියට ළඟා වෙයි.






එහි සිට නිරිත දිසාවට යොදුනක් සහ බටහිරට යොදුනක් ගමන් කොට රජගහනුවර අලුත් නගරයට ළගා වෙයි.


අලුත් නගරයේ දකුණු දොරටුවෙන් පිටවි දකුනට ගමන් කොට පැරණි නගරය පිහිටි කඳු වලින් වටවු නිම්නයට ඇතුළු වේ.




නිම්නයට ඇතුළු වන ස්ථානයේ සිට කඳු වැටිය පාමුලින් ගිණිකොණ දෙසට ගමන් කොට ගිජ්ජකූටයට ළඟා වෙයි.



අනතුරුව නිම්නයේ උතුරු දොරටුවෙන් පිටවි නව නගරය දෙසට ගමන් කොට වේළුවනයට ළඟා වෙයි.



අනතුරුව කඳු වැටියේ උතුරු පැත්තේ බටහිර දෙසින් ඇති සප්තපර්ණි ගුහාව ට පැමිනේ.



අවසානයේ රජගහනුවර සිට යොදුන් 4 බටහිර දෙසින් ඇති ගයා නගරයට ගමන් කරයි.



මෙම විස්තරයට කදිමට ගැලපෙන ඉන්දියාවේ පිහිටි රජගහ නුවර, එහි විස්තර සහ ගයාව පහත සිතියම් වල දක්වා ඇත.


හෙළ බුදුන් කණ්ඩායම් කළ යුතු වන්නේ රජගහ නුවර රැගෙන ලංකාව වටේ යැම නොව ඉහත විස්තරයට ගැලපෙන පරිදි ගංගා නදිය සහ පාටලිපුත්‍රය, ඉන්දසාල ගුහාව, නව රජගහ නුවර, කඳුවැටියෙන් වටවු පැරණි නගරය සහිත නිම්නය, ගිජුලිහිනියෙකුගේ හැඩය සහිත ගිජ්ජකූට පර්වතය, වේළුවනය, සප්තපර්ණි ගුහාව සහ ගයා නගරය පෙන්වීමයි.


මනොජ් කුමාර 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?