වස් කාලයෙන් හෙලිවන හෙල බුදු මිථ්‍යාව.

 

විනය පිටකයේ මහාවග්ග පාළියේ  වස්සූපනායිකක්ඛන්‍ධකයෙ බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස් වැසිම අනු දැන වදාර ඇත්තේ මෙසේය.


~~ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.


 එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය.

භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. 


“මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.~~


එනම් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ වස්සාන ඍතුවෙහි වස් වෑසිය යුතු බවයි. එමෙන්ම එම සූත්‍ර දේශනාවේම වස්සාන හේමන්ත සහ ගිම්හාන ලෙස ඍතු තුනක් ගැන ද සඳහන් වේ. 


මේ බුද්ධ දේශනාව ලංකාවට ආදේශ කර බැලීමේදි වර්ෂය පුරා බොහෝ දුරට ඒකාකාරව විහිදි ගිය වර්ෂාපතනයක් සහිත ලංකාවේ දේශගුණයට නොගැලපෙන බව පැහැදිලිව දැක ගත හැක. එමෙන්ම ලංකාවේ එලෙස පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් ද දක්නට නොමැත. 




නමුත් ඉන්දිය උප මහද්විපය සැලකීමේදි වස් කාලයට සමානුපාතික වන පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් දක්නට ලැබේ. ඒ බව මාසික වර්ෂාපතන වාර්තා සලකා බැලීමේදි ද පැහැදිලිව දක්නට ලැබේ. 




මේ අනුව බුද්ධ දේශනාවට අනුකූලව වස් කාලය අනුව සැලකීමේදි  ලංකාව බුද්ධ දේශය නොවන බවත් සහ ඉන්දිය උපමහද්වීපය බුද්ධ දේශය බවත් පැහැදිලිවම සනාථ වේ.


මනොජ් කුමාර.

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?