මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
ගොනෙක් වෙන්නැති හිටු. බොට 1800 ගනන් වල ලියපු මහාවංශය ද පිලිගන්නෙ බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කල දහමද. මුල් මහාවංශය උස්සන් ගිහින් සුද්ද ලියපු එකක් බොල ඔය. පිටක අටුවා ටීකා වල නැති ලංකාදීප ආරක්ෂා කරන්ඩ දෙවියකුට භාරදීපු සිද්ධියක් කොහොමද මහාවංශය ට ආවෙ .ලංකායං-- ලංකාව කියල මුල් මහාවංශය රචිත කාලෙ මොබ රටටද කියල තියෙන්නෙ . උබලගෙ මිනුමට අනුව ගැලක් 350m වෙද්දි හරක රේල් පාරකද ගියෙ වංගු ගද්දි කෝච්චි පෙට්ටි වගේ නැවෙන්ඩ. පෙල දහමෙ තියෙන බුදුන් වහන්සේ දේශනා කරල තියෙන යොදුන උබලට විශ්වාස නෑ නේ. පොඩ්ඩක් බලාන හිටන් සෙංකෝලය වෙනුවට දලදා මූලික කරගත්තු රාජාවලියක් ඇරඹෙනව දෙසැම්බරයේ .එදාට උස්සන් ගිය පොත් වලින් බලාපල්ල යොදුන .
ReplyDelete