යොදුන සහ ගව්ව

 ගව්ව සහ යොදුන.


ගව්ව සහ යොදුන සලකා බැලීමේදී පහත පරිදි වෙයි.


යොදුන = ගව් 4

ගව්ව = ඉස්බ 80


බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායමට ඒ බව තහවුරු කිරීමට යොදුන හා ගව්ව අතීත ජම්බුද්වීපයේ ප්‍රමාණයට නොව ලංකාවට ගැලපෙන පරිදි විකෘති කර කුඩා කර දක්වා ඇත.


ඔවුනට අනුව 

ගව්ව = මිටර් 400

යොදුන = කිලෝමිටර් 1.6 කී





එසේ නම් ඔවුනගේ යොදුන සහ ගව්ව අර්ථකථනය අනුව


ඉස්බ = 400 ÷ 80 = මිටර් 5 කී

ඉස්බ = මිටර් 5 කී.


මෙලෙස ගත් විට සිදුවන විකෘතියේ තරම කෙතරම් විහිළු සහගත ද යන්න පහත උදාහරණයෙන් කදිමට දැක බලාගත හැක.


මහාවංසයේ 23 වන පරිච්ඡේදයේ විස්තර කරන දුටු ගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ විස්තරයේ ඵුස්සදේව යෝධයා ගැන ඇති සඳහනේ ඔහුගේ දුණු විදීමේ හැකියාව පිළිබඳව වර්ණනා කර ඇත.


එහි ඵුස්සදේව යෝධයා හට ගොඩබිම අට ඉස්බක් දුරට දුන්නෙන් විදීමේ හැකියාව තිබූ බව පවසයි.




දැන් අපි ජම්බු විද්වතුන් ගේ යොදුන් ගව් අර්ථකථනය මෙයට ආදේශ කර බලමු. 


ඒවිට ඵුස්සදේව යෝධයා ගේ දුන්නෙන් විදීමේ දුර මීටර් 40 කි. විහිළුවක් නොවේද මේ දුර..


එසේම තවත් ජම්බු විද්වතුන් පිරිසක් යොදුන යනු යෝදයෙකු දුන්නෙන් විදින දුර ලෙස අර්ථකථනය කරයි. එයද පදනමක් නැති හිතළු කතාවක් බව මෙයින් තහවුරු වෙයි.


එනම් යෝධයෙකු දුන්නෙන් විදින දුර යොදුන කින් 1/320 ක් ( තුන්සිය විස්සෙන් පංගුවක්) බව මේ උදාහරණය අනුව පැහැදිලිය.


වර්තමාන ඔලිම්පික් දුණු විදීමේ තරඟ වල සාමාන්‍ය දුර ලෙස සැලකෙන මිටර් 70 සමග සැසඳීමේදී මොවුන්ගේ තර්ක අනුව ඵුස්සදේව යෝධයා දුන්නෙන් විදින මිටර් 40 විහිළුවක් නොවේද??


එසේම world archery වෙබ් අඩවිය අනුව සාමාන්‍ය තරඟ වල දුණු විදීමේ දුර මීටර් 90 කී.

https://worldarchery.org/Target-Archery


එසේම ගීනස් වාර්තා පොතට අනුව නිවැරදි ඉලක්කයට දුන්නෙන් විද ඇති උපරිම දුර මිටර් 283.47 කී.






https://www.guinnessworldrecords.com/world-records/mens-archery-farthest-accurate-distance#:~:text=Share&text=The%20farthest%20accurate%20shot%20in,USA%20on%209%20December%202015.


එසේනම් මේ ජම්බු විද්වතුන් ගේ ගව්ව සහ යොදුන කිසිසේත් ප්‍රායෝගික නොවන බුදු රදුන් ලංකාවේ බව පෙන්වීම පිනිස සකස් කළ විහිළුවක් බව ඉතාම පැහැදිලිව තහවුරු වෙයි.


අප ඉදිරිපත් කළ මහාවංසය අනුව යොදුන පිළිබඳ ලිපියෙන් යොදුන යනු කිලෝමීටර 14 පමණ වනු ඇතැයි සාධක සාක්ෂි සමග පෙන්වා දුනිමූ.

https://vikurthiyataerehiwa.blogspot.com/2020/10/blog-post.html?m=1

ඒ අනුව 

ඉස්බක් = මිටර්  43 ක් පමණ වන අතර

ඵුස්සදේව යෝධයා ගේ දුණු විදීමේ හැකියාව 43 × 8 = මිටර් 350 ක් ලෙස ගත යුතුය.


වර්තමාන සාමාන්‍ය මිනිසුන්ගේ ලෝක වාර්තාව අනුව ඵුස්සදේව යෝධයා ගේ මේ දුර පිළිගත හැකිය.


සාධක සාක්ෂි නුවනින් විමසා බලා සත්‍ය වටහා ගැනීම බෞද්ධ ඔබ සැමගේ වගකීමයි..


තෙරුවන් සරණයි.

Comments

  1. ගොනෙක් වෙන්නැති හිටු. බොට 1800 ගනන් වල ලියපු මහාවංශය ද පිලිගන්නෙ බුදුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කල දහමද. මුල් මහාවංශය උස්සන් ගිහින් සුද්ද ලියපු එකක් බොල ඔය. පිටක අටුවා ටීකා වල නැති ලංකාදීප ආරක්ෂා කරන්ඩ දෙවියකුට භාරදීපු සිද්ධියක් කොහොමද මහාවංශය ට ආවෙ .ලංකායං-- ලංකාව කියල මුල් මහාවංශය රචිත කාලෙ මොබ රටටද කියල තියෙන්නෙ . උබලගෙ මිනුමට අනුව ගැලක් 350m වෙද්දි හරක රේල් පාරකද ගියෙ වංගු ගද්දි කෝච්චි පෙට්ටි වගේ නැවෙන්ඩ. පෙල දහමෙ තියෙන බුදුන් වහන්සේ දේශනා කරල තියෙන යොදුන උබලට විශ්වාස නෑ නේ. පොඩ්ඩක් බලාන හිටන් සෙංකෝලය වෙනුවට දලදා මූලික කරගත්තු රාජාවලියක් ඇරඹෙනව දෙසැම්බරයේ .එදාට උස්සන් ගිය පොත් වලින් බලාපල්ල යොදුන .

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?