Posts

වස් කාලයෙන් හෙලිවන හෙල බුදු මිථ්‍යාව.

Image
  විනය පිටකයේ මහාවග්ග පාළියේ  වස්සූපනායිකක්ඛන්‍ධකයෙ බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වස් වැසිම අනු දැන වදාර ඇත්තේ මෙසේය. ~~ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කතා කොට “මහණෙනි, මම වස් එළඹෙන්නට අනුදනිමි” යි භික්‍ෂූන් ඇමතූසේක.  එකල්හි භික්‍ෂූන්ට “කවදා වස් එළඹිය යුතු දැ?” යි සිත් වි ය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.  “මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි” යි.~~ එනම් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ වස්සාන ඍතුවෙහි වස් වෑසිය යුතු බවයි. එමෙන්ම එම සූත්‍ර දේශනාවේම වස්සාන හේමන්ත සහ ගිම්හාන ලෙස ඍතු තුනක් ගැන ද සඳහන් වේ.  මේ බුද්ධ දේශනාව ලංකාවට ආදේශ කර බැලීමේදි වර්ෂය පුරා බොහෝ දුරට ඒකාකාරව විහිදි ගිය වර්ෂාපතනයක් සහිත ලංකාවේ දේශගුණයට නොගැලපෙන බව පැහැදිලිව දැක ගත හැක. එමෙන්ම ලංකාවේ එලෙස පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් ද දක්නට නොමැත.  නමුත් ඉන්දිය උප මහද්විපය සැලකීමේදි වස් කාලයට සමානුපාතික වන පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි වස්සාන ඍතුවක් දක්නට ලැබේ. ඒ බව මාසික වර්ෂාපතන වාර්තා සලකා බැලීමේදි ද පැහැදිලිව දක්නට ලැබේ.  මේ අ...

ෆාහියන් හිමියන්ගේ වාර්තාව අනුව රජගහනුවර.

Image
  ෆාහියන් හිමියන් ගේ සංචාරක සටහන් වාර්තාව අනුව ඒ හිමියන් ගංගා නම් නදිය තරනය කිරිමෙන් පසුව දකුනු දෙසට යොදුනක් පමණ ගමන් කොට පාටලිපුත්‍ර නගරයට පැමින ඇත. අනතුරුව පාටලිපුත්‍රයේ සිට ගිණිකොණ දෙසට යොදුන් 9 ක් ගමන් කොට ඉන්දසාල ගුහාව පිහිටි හුදකලා කඳු වැටියට ළඟා වෙයි. එහි සිට නිරිත දිසාවට යොදුනක් සහ බටහිරට යොදුනක් ගමන් කොට රජගහනුවර අලුත් නගරයට ළගා වෙයි. අලුත් නගරයේ දකුණු දොරටුවෙන් පිටවි දකුනට ගමන් කොට පැරණි නගරය පිහිටි කඳු වලින් වටවු නිම්නයට ඇතුළු වේ. නිම්නයට ඇතුළු වන ස්ථානයේ සිට කඳු වැටිය පාමුලින් ගිණිකොණ දෙසට ගමන් කොට ගිජ්ජකූටයට ළඟා වෙයි. අනතුරුව නිම්නයේ උතුරු දොරටුවෙන් පිටවි නව නගරය දෙසට ගමන් කොට වේළුවනයට ළඟා වෙයි. අනතුරුව කඳු වැටියේ උතුරු පැත්තේ බටහිර දෙසින් ඇති සප්තපර්ණි ගුහාව ට පැමිනේ. අවසානයේ රජගහනුවර සිට යොදුන් 4 බටහිර දෙසින් ඇති ගයා නගරයට ගමන් කරයි. මෙම විස්තරයට කදිමට ගැලපෙන ඉන්දියාවේ පිහිටි රජගහ නුවර, එහි විස්තර සහ ගයාව පහත සිතියම් වල දක්වා ඇත. හෙළ බුදුන් කණ්ඩායම් කළ යුතු වන්නේ රජගහ නුවර රැගෙන ලංකාව වටේ යැම නොව ඉහත විස්තරයට ගැලපෙන පරිදි ගංගා නදිය සහ පාටලිපුත්‍රය, ඉන්දසාල ගුහාව, නව ...

ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ පැවතිය නො හැකි ද?

Image
  ෆාහියන් හිමියන් සිය සංචාරය අතර තුර දි දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු උන්වහන්සේ වැඩම කරන කාලයට ශතවර්ෂ හතකට පෙර කාවන්තිස්ස රජතුමා විසින් ලංකාවේ සේරුවාවිල මංගල මහා සෑයේ නිදන් කල ලලාට ධාතුන් වහන්සේ නොවන බව මීට පෙර ලිපියෙන් සාධක සහිතව තහවුරු කර පෙන්වා ඇත.  එම ලිපියට සබැඳිය https://vikurthiyataerehiwa.blogspot.com/2024/05/blog-post_8.html ඉහත කාරණයට අමතරව ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ සහ දන්ත ධාතුන් වහන්සේලා පිලිබඳව හෙල බුදුන් කණ්ඩායම් තවත් විකෘති මත කිහිපයක් ඉදිරිපත් කරන බැවින් ඒවා පිලිබඳව ද සත්‍ය පැහැදිලි කිරිම මේ ලිපියේ අරමුණයි. ඔවුන් එහි දි රැගෙන එන ප්‍රධානතම මතය නම් බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු නො විසිරුණු ධාතුන් වහන්සේලා සත් නමක් පමණක් ඉතිරි වූ බවත් ඒ හත අතර ශීර්ෂ කපාල ධාතුවක් ගැන සඳහන් නොවන බැවින් එවැනි ධාතුන් වහන්සේ නමක් තිබිය නොහැකිය යන මතයයි. ඒ පිලිබඳව මූලාශ්‍ර වල කරුණු සලකා බලමු. බුදු රජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වු නො විසිරුණු ධාතුන් වහන්සේලා පිලිබඳව සඳහන් වන පැරණිතම මූලාශ්‍රයක් වන්නේ අටුවාවයි. අටුවාවේ ඒ කොටස පහත උපුටා දක්වමි...

ෆාහියන් හිමියන් දුටු ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ ලංකාවේ ලලාට ධාතුන් වහන්සේ ද?

Image
  ෆාහියන් හිමියන් චීනයේ සිට බුද්ධ දේශය සොයා ක්‍රිව 5 වන සියවසේ දි ඉන්දිය උප මහද්වීපය බලා කල ගමනේ සංචාරක සටහනේ එම ගමන අතරමග ස්ථානයක දි උන්වහන්සේ විසින් බුදු රජාණන් වහන්සේ ගේ ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් බව සටහන් කර ඇත. හෙල බුදුන් කණ්ඩායම් මූලාශ්‍ර වල ඇති විස්තර විකෘති කරමින් සමහර විස්තර සඟවමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට අර්ථ දක්වමින් එම ශීර්ෂ කපාල ධාතුන් වහන්සේ යනු ලංකාවේ ඇති බුදු රජාණන් වහන්සේ ගේ ලලාට ධාතුන් වහන්සේ බවත්, ඒ නිසා උන්වහන්සේ ඉන්දියාවට වැඩම කල කතාව අසත්‍යයක් බව සහ උන්වහන්සේ වැඩම කළේ ලංකාවට බවත් මතයක් සමාජ ගත කරමින් සිටි. මූලාශ්‍ර වල ඇති කරුණු සලකා බලමින් මේ කාරණයේ සත්‍ය අසත්‍යතාව විසඳා බලමු. ▪️ ෆාහියන් හිමියන් ගේ ගමන් වාර්තාවේ උන්වහන්සේ චීනයෙන් පිටත්ව අනුපිළිවෙළින් ගොඩ බිම් සේද මාර්ගය ඔස්සේ බටහිරට ගමන් කොට පසුව වර්තමාන ඇෆ්ගනිස්තානයේ හා පකිස්තානයේ ප්‍රදේශ වලින් ඉන්දිය භූමියට ඇතුල් වූ අකාරය පැහැදිලිව විස්තර කර ඇති අතර, එම ගමනේ දි හමුවන නගර සහ රාජධානි අනුපිළිවෙළින් සටහන් කර ඇත. ඉන් අනතුරුව පිළිවලින් ඉන්දිය භූමිය හරහා ගමන් කරන ආකාරය සටහන් කර ඇත.  මීළඟට ගංඟා නම් නදි...

මගධය පිලිබඳව සෙල්ලිපි සාධක.

Image
 හෙල බුදුන් කණ්ඩායම් ලංකාවේ මගධය පෙන්වීම සඳහා සෙල්ලිපි සාධක නොමැති බැවින් දෙගම මගද කිරිම වැනි සිල්ලර වැඩ වලින් මගධය ලංකාවේ පෙන්වීමට සැරසෙන නමුත් ඉන්දියාවේ මගධය පිලිබඳව සෙල් ලිපි සාධක රාශියක් පවති. මේ ඒ අතරින් මගධය ලෙස සඳහන්ව ඇති සෙල් ලිපි කිහිපයක් පහත ඉදිරිපත් කරමි. 1.) අශෝක අධිරාජ්‍යයා ගේ බෛරාට් සෙල් ලිපිය. අශෝක අධිරාජ්‍යයා ගේ සුළු සෙල් ලිපි අංක තුන (minor rock edict no 3) නමැති බෛරාට් විහාරය අසල හමුවු ක්‍රිපු 3 වන සියවසට අයත් බ්‍රාහ්මි අක්ෂරයෙන් ලියු සෙල් ලිපියේ පැහැදිලිව මගධ යන නාමය සටහන් කර ඇති අතර මගධයේ රජ ප්‍රියදර්ශි ලෙසද වැඩි දුරටත් එහි සඳහන් වේ.  Inscriptions of Asoka. New Edition by E. Hultzsch 1925 p.172  2.) සාංචි සෙල් ලිපිය ( Sanchi pillar edict)  අශෝක රජු විසින් පිහිටවු සාංචි පුදබිමේ පිහිටි අශෝක කුළුණේ පිහිටි මේ සෙල් ලිපියේද මගධය ලෙස සඳහන් කර ඇත. බ්‍රාහ්මි අක්ෂර වලින් ලියු ක්‍රිපු 3 වන සියවසට අයත් වන එහි පලමු පේළියේ මගධ නාමය සටහන් වේ. The Bhilsa topes, or, Buddhist monuments of central India by Alexander Cunningham. p. 261 3.) Hathigumpa inscription...

අනුරාධපුරය සමුද්‍රාසන්නයේ නගරයක් ද?

Image
හෙල බුදුන් කණ්ඩායම් අනුරාධපුරය වර්තමාන පිහිටි ස්ථානයෙන් ඉවත් කොට රටේ දකුනේ රුහුනේ බවට පෙන්වීමට ඉතා දැඩි උත්සාහයක් දරමින් සීටි. එයට හේතුව ලෙස ඔවුන් ව්‍යංගයෙන් පෙන්වන්නේ ලංකාවේ උතුරු ප්‍රදේශය ජම්බුද්විපය බවද දකුණේ ලංකාද්විපය පිහිටි බවයි. නමුත් ඔවුනගේ සැඟවුන අභිප්‍රාය නම් ක්‍රිපු 4 වන සියවසේ පමණ සිට ලංකාද්විපයේ අගනුවර වූ අනුරාධපුරය වර්තමාන ස්ථානයෙන් ඉවත් කොට උතුරේ බෙදුම්වාදී කණ්ඩායම් වලට සිය ව්‍යාජ නිජභුමිය වෙනුවෙන් අයිතිය තහවුරු කර දීමයි. ඔවුන් ඒ සඳහා ලිඛිත සහ පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අති මහත් ප්‍රමාණයක් මගින් ඉතා නිවැරදිව තහවුරු කර ඇති අනුරාධපුරය පිලිබඳව යම් යම් ව්‍යාජ කරුණු පෙන්වමින් සැක මතු කීරිමේ මෙහෙයුමක් සිදු කරමින් සිටින ආකාරය දැක ගත හැක. එම මෙහෙයුමේ එක් අදියරක් නම් අනුරාධපුරය සමුද්‍රාසන්නයේ පිහිටි නගරයක් බවත් ඒ නිසා වර්තමාන පිහිටුම ඒ සමග නොගැලපෙන බවටත් ගෙන යන විකෘති මතයයි. මේ කාරණය තහවුරු කර පෙන්වීම සඳහා සාධක ලෙස හෙල බුදුන් කණ්ඩායම් කරුනු තුනක් ගෙන හැර දක්වා ඇත. 1.) සීහලවත්ථුවේ එන හරිතාල තිස්ස තෙරුණ්වහන්සේ ගේ කතාවේ කොටසක් උපුටා දක්වා එහි අනුරාධපුරය සමුද්‍රාසන්නයේ බවට සඳහන් වන ...

පන්ඩුකාභය රජතුමා සහ කාලාශෝක රජතුමා.

Image
  හෙල බුදුන් කන්ඩායමේ විකෘති ඉතිහාසය සත්‍ය වීමට නම්  බුද්ධ කාලයේ තිබු සොලොස් මහා ජනපද මේ ලංකාව තුළ තිබිය යුතු අතර ඔවුනගේ ඇතැම් පිරිස් ඒ ජනපද පෙන්වමින් ව්‍යාජ සිතියම් ද සකස් කර ඇත. කෙසේ නමුත් මේ සියල්ල ලංකාව තුල පෙන්වීමට ගොස් මේ පිරිස බෞද්ධ සහ ලාංකිය ඉතිහාසය කොතරම් විකෘති ස්වභාවයකට පත් කර ඇති ද යන්න පහත උදාහරණය මගින් පැහැදිලි වනු ඇත. මහාවංසයේ ඇති සඳහන් අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවන කාලයේදි මගධ රාජ්‍යයේ රාජ්‍යත්වය කාලාශෝක රජු විසින් දරන ලදි. එම කාල වකවානුව බෞද්ධයන් හට වැදගත් වන්නේ දෙවන ත්‍රිපිටක සංගායනාව සිදු කලේ කාලාශෝක රජුගේ රාජ්‍ය කාලයේදි එතුමාගේ අනුග්‍රහයෙන් වීමයි. කාලාශෝක රජතුමාගේ අභිශේකයෙන් දසවන වර්ෂයේදි ත්‍රිපිටක සංගායනාව පැවැත්වු බවත් එතුමාගේ රාජ්‍ය කාලය වර්ෂ විසි අටක් බවත් මහාවංසය සඳහන් කරයි. එනම් දෙවන ධර්ම සංගායනාවෙන් පසුව තවත් වසර 18 ක් එතුමා මගධයේ රජු ලෙස කටයුතු කර ඇත.  එමෙන්ම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ විජය කුමරුන් ලංකාවට ගොඩබට බවත් මහාවංසය සඳහන් කරන බැවින් එතැන් සිට මහාවංසයේ සඳහන් කාල වකවානු අනුව පන්ඩුකාභය රජතුමා ලංකාවේ රාජ්‍යත්වයට ප...