පන්ඩුකාභය රජතුමා සහ කාලාශෝක රජතුමා.

 

හෙල බුදුන් කන්ඩායමේ විකෘති ඉතිහාසය සත්‍ය වීමට නම්  බුද්ධ කාලයේ තිබු සොලොස් මහා ජනපද මේ ලංකාව තුළ තිබිය යුතු අතර ඔවුනගේ ඇතැම් පිරිස් ඒ ජනපද පෙන්වමින් ව්‍යාජ සිතියම් ද සකස් කර ඇත. කෙසේ නමුත් මේ සියල්ල ලංකාව තුල පෙන්වීමට ගොස් මේ පිරිස බෞද්ධ සහ ලාංකිය ඉතිහාසය කොතරම් විකෘති ස්වභාවයකට පත් කර ඇති ද යන්න පහත උදාහරණය මගින් පැහැදිලි වනු ඇත.



මහාවංසයේ ඇති සඳහන් අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ සියයක් ගතවන කාලයේදි මගධ රාජ්‍යයේ රාජ්‍යත්වය කාලාශෝක රජු විසින් දරන ලදි. එම කාල වකවානුව බෞද්ධයන් හට වැදගත් වන්නේ දෙවන ත්‍රිපිටක සංගායනාව සිදු කලේ කාලාශෝක රජුගේ රාජ්‍ය කාලයේදි එතුමාගේ අනුග්‍රහයෙන් වීමයි.


කාලාශෝක රජතුමාගේ අභිශේකයෙන් දසවන වර්ෂයේදි ත්‍රිපිටක සංගායනාව පැවැත්වු බවත් එතුමාගේ රාජ්‍ය කාලය වර්ෂ විසි අටක් බවත් මහාවංසය සඳහන් කරයි. එනම් දෙවන ධර්ම සංගායනාවෙන් පසුව තවත් වසර 18 ක් එතුමා මගධයේ රජු ලෙස කටයුතු කර ඇත. 


එමෙන්ම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ විජය කුමරුන් ලංකාවට ගොඩබට බවත් මහාවංසය සඳහන් කරන බැවින් එතැන් සිට මහාවංසයේ සඳහන් කාල වකවානු අනුව පන්ඩුකාභය රජතුමා ලංකාවේ රාජ්‍යත්වයට පත් වන්නේ වසර 106 කට පසුවය. එනම් දෙවන ධර්ම සංගායනාවෙන් වසර හයකට පසුවය.


තවද මහාවංසයේ කරුනු අනුව ගනනය කිරිමේදි පන්ඩුකාභය රජතුමා සිය මාමා වරුන්‍ට එරෙහිව යුද්ධය ආරම්භ කරන්නට ඇතැයි සැලකිය හැක්කේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගතවන ආසන්න කාලයේය. එනම් කාලාශෝක රජතුමන් දෙවන ධර්ම සංගායනාවට අනුග්‍රහය දක්වා පවත්වන කාලයේදිමය. 


එසේම හෙල බුදුන් කන්ඩායමේ එක් සැවැත් නුවරක් රිටිගල වන අතර ඉතිහාසයේ මෙම කාලය වන විට සැවැත් නුවර මගධය යටතේ පැවැති නගරයක් වන බැවින් රිටිගල මගධය යටතේ තිබිය යුතුය. 


ඒ නයින් හෙල බුදුන් කන්ඩායමේ මතවාද අනුව පන්ඩුකාභය කුමරු සිය මාමාවරුන් සමග යුද්ධ කල රිටිගල මගධයේ කොටසක් බවට පත් වෙයි. 

එනම් කාලාශෝක රජු මගධයේ එක් කොටසක දෙවන ධර්ම සංගායනාව සිදු කරන අතර මගධයේම තවත් කොටසක 

පන්ඩුකාභය කුමරු සිය මාමාවරුන් සමග යුධ වැදි සිට ඇත. 

හරිම විනෝදාත්මකයි.


තවද පන්ඩුකාභය කුමරු යුද්ධය ජයගැනිමෙන් පසුව සිය අගනගරය කරගන්නේ අනුරාධපුරයයි. අනුරාධපුරය යනු හෙල බුදුන් කන්ඩායමේ තවත් ව්‍යාජ සැවැත් නුවරක් වන අතර එවිට පන්ඩුකාභය කුමරු සිය අගනුවර පිහිටුවන්නේ කාලාශෝක රජු පාලනය කල මගධයේම කොටසක වනු ඇත. 



විනෝදය එතනින් අවසන් නොවේ. පන්ඩුකාභය රජතුමා පිලිබඳව මහාවංසයේ මෙලෙස සඳහන් වෙයි.  


~~ ලංකේන්ද්‍ර පන්ඩුකාභය රජ තෙමේ අභිශේකයෙන් දස වස් ඇත්තේ මුළු ලක්දිව්හි ග්‍රාම සීමා නියම කළේය.~~


පන්ඩුකාභය රජු මේ ලෙස මුලු ලංකාද්විපයේම ග්‍රාම සීමා නියම කරන්නේ එතුමා ගේ අභිශේකයෙන් දසවස් ගිය තැන  වන බැවින් එය කාලාශෝක රජතුමාගේ වසර විසි අටක පාලන කාලයේ විසිහයවන වසරය. 


ඒ අනුව ගත් විට පන්ඩුකාභය රජතුමා කාලාශෝක රජුගේ පාලන කාලයේදිම ඔහුගේ රාජධානියේද ග්‍රාම සීමා නියම කොට ඇති බව සලකන්නට සිදුවෙයි.

එලෙසින්ම අනෙකුත් මහා ජනපද වලද පන්ඩුකාභය රජු ග්‍රාම සීමා නියම කල බව සලකන්නටද සිදු වෙයි.

මේ කොතරම් නම් හාස්‍යජනක ද, කොතරම් නම් විකෘති ජනකද.



මේ හෙල බුදුන් කන්ඩායම ලාංකිය සහ බෞද්ධ ඉතිහාසය කොතරම් නම් විකෘතිය කට ලක් කරන්නේද යන්නට තවත් උදාහරණ අනවශ්‍යය.


තවද මේ විකෘති ඉතිහාසය පිලිබඳව පැන කිහිපයක් මතුවෙයි.


කාලාශෝක රජු පන්ඩුකාභය රජුගේ යටත් රජ කෙනෙක් ද?


පන්ඩුකාභය රජු මගධයත් පාලනය කරා ද? 

පන්ඩුකාභය කුමරු රිටිගල සැවැත් නුවර බව නොදැන සිටියේද?


පන්ඩුකාභය රජු අනුරාධපුරය අගනුවර කරගත් විට එය බුදු රදුන් වැඩ සිටි සැවැත් නුවර බව නොදැන ගත්තේ ද ? 


සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය දහසයක් පමන වන සාපෙක්ශව කෙටි කාලයකට පසුව මුලු ලංකාද්වීපයේම ග්‍රාම සීමා නියම කරන විට පන්ඩුකාභය රජතුමාට බුද්ධ දේශය හමු නොවුයේද?


කාලාශෝක රජුගෙන් පසු කාලයක මගධයේ රජවරුන් වන ධනානන්ද, චනද්‍රගුප්ත මෞර්‍ය සහ අශෝක වැනි රජවරුන් පන්ඩුකාභය සහ මුටසිව රජවරුන් සමග එකට ලංකාව පාලනය කලාද?


සිහිබුද්ධියෙන් විමසීම පිනිස....


මනොජ් කුමාර 



Comments

  1. 16 මහා ජනපද ගැන ඉන්දියාවේ බුදුන් වැඩසිටි සමයේ සිටි ජයින මහාවිර ගේ ග්‍රන්ථවල ද සඳහන් බව දැක්වේ. සමහර නම් ටිකක් වෙනස්. Vyākhyāprajñapti (or the Bhagavati Sutra)
    https://en.wikipedia.org/wiki/Mahajanapadas

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?