ලංකාද්වීපය ජම්බුද්වීපයේ පරිවාර කොදෙව්වකි

ලංකාද්වීපය යනු ජම්බුද්වීපයේ ප්‍රත්‍යන්ත දේශයක් හෙවත් පරිවාර කොදෙව්වකි.


ජම්බුද්වීපය, අපර ගොයානය, උතුරු කුරු දිවයින සහ පූර්ව විදෙහය යන සතර මහාද්වීප වලින් ගෞතම බුදු රජාණන් වහන්සේ සිය ඉපදීම පිණිස තෝරාගත්තෙ දස දහස් යොදුන් ජම්බුද්වීපය බව පූජාවලියේ එන පංච මහා විලෝකන සටහන අනුව පැහැදිලි වෙයි.

මේ ජම්බුද්වීපය මධ්‍ය දේශය, ප්‍රත්‍යන්ත දේශ සහ පරිවාර කොදෙව් වලින් සමන්විත වන අතර බුදු වරු පහළ වන්නේ මධ්‍ය දේශයේ පමණි.

මේ අනුව බුදු රදුන් ජම්බුද්වීපයේ මධ්‍ය දේශය තුළ වූ කෝසල ජනපදයට අයත් ශාක්‍ය ජනපදයේ පහළ විය. 

එසේම බුදු රදුන් ජීවමාන කාලයේ මේ මධ්‍ය දේශයේ බුදු දහම පැතිරී ගොස් තිබිණි.


පූජාවලිය සඳහන් කරන ආකාරයට ධර්මාශෝක රජු විසින් සිදුකල තුන්වන ධර්ම සංගායනාවට පසුව මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවන් විසින් මජ්ඣන්තික, මහාදේව, රක්ෂිත, යෝනක ධර්මරක්ෂිත, මහා ධර්මරක්ෂිත, මහාරක්ෂිත, මධ්‍යම, සොණ සහ මිහිඳු හිමියන් යන මහා තෙරවරුන් අමතා

~ ආයුෂ්මත්නි ! මතු හීන කාලයේහි මධ්‍ය මණ්ඩලයෙහි ජනශූන්‍ය වෙයි. ප්‍රත්‍යන්තයෙහි දේශවල් සමෘද්ධ වෙයි. එසේ හෙයින් තෙපි තෙපිද අපි සසරින් ගැලවුණුමෝ වේ දැයි උපේක්ෂා නොව ඒ ඒ දේශවලට ගොස් ශාසන පිහිටුවා තොපට මේ බඳු වූ අමා මහා නිවන් සුවයක් දීලු බුදුරජාණන්ට කෘතෝපකාරයෙන් යෙදී උතුම් වූ ප්‍රතිපත්ති පූජා කරව.~


නියෝග දී වදාරා ඇත.




මෙලෙස පූජාවලිය ඉතාම පැහැදිලිව සඳහන් වෙන ආකාරයට මිහිඳු හිමියන් වැඩම කොට ශාසනය පිහිටවූ සියක් යොදුන් ලංකාද්වීපය යනු දස දහස් යොදුන් ජම්බුද්වීපයේ පරිවාරයේ පිහිටි ප්‍රත්‍යන්ත දේශ වලින් එකක් හෙවත් පරිවාර කොදෙව් වලින් එකක් බව නිශ්චිතව තහවුරු වෙයි.

පූජාවලිය මෙසේ සඳහන් කරන මේ කරුණු අනුව හෙළ බුදුන් කණ්ඩායමේ බුදු වරු පහළ වන මධ්‍ය දේශය පිහිටියේ ලංකාවේය යන මතය සම්පූර්ණයෙන් බිඳවැටෙයි. 

Comments

  1. මේසේ තවත් මේ
    "මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි. මහරජ, ඔබ විසින් පැහැදුනු ආකාරය කරන ලද, අපට තොප දුන් රජය තොපටම දෙමි. මහරජ, දැහැමෙන් සෙමෙන් රජය කරනු මැනවි." මහාසච්චක සූත්‍ර වර්ණනාවෙත් කියල තිබ්බට,
    ඔවුන්ගේ යොදුන තවමත් සැතපුමමයිලු.

    මහත්මයා, මේ "නඛා වෙහෙරේ" නිය ධාතුවක් ගැන මෙන්ම, අර පැරැණ්නෝ මගුල් මහා විහාරය කිව්ව කිරිවෙහෙරේ සිදුහත් කුමාරයාගේ කඩුවක් ගැනත් ගොතා ඇති විකුර්ති, ගැනත් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලනව.

    ReplyDelete
  2. https://www.youtube.com/watch?v=7vF24hHooCo

    අර එදා දුන්න උපදෙස් මෙයාට ඇහිල නෑ..ඇහෙන එකකුත් නෑ.......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?