මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
මේසේ තවත් මේ
ReplyDelete"මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි. මහරජ, ඔබ විසින් පැහැදුනු ආකාරය කරන ලද, අපට තොප දුන් රජය තොපටම දෙමි. මහරජ, දැහැමෙන් සෙමෙන් රජය කරනු මැනවි." මහාසච්චක සූත්‍ර වර්ණනාවෙත් කියල තිබ්බට,
ඔවුන්ගේ යොදුන තවමත් සැතපුමමයිලු.
මහත්මයා, මේ "නඛා වෙහෙරේ" නිය ධාතුවක් ගැන මෙන්ම, අර පැරැණ්නෝ මගුල් මහා විහාරය කිව්ව කිරිවෙහෙරේ සිදුහත් කුමාරයාගේ කඩුවක් ගැනත් ගොතා ඇති විකුර්ති, ගැනත් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලනව.
https://www.youtube.com/watch?v=7vF24hHooCo
ReplyDeleteඅර එදා දුන්න උපදෙස් මෙයාට ඇහිල නෑ..ඇහෙන එකකුත් නෑ.......