මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
ඉන්දියාවෙ බුදුන් උපන්න බව කියවෙන ඉන්දියාවෙ පුරාණ සාධක, ජනශ්රැති මොනවාද...? ලංකාවෙ ඒවා වත් , ඉංග්‍රිසි පොත්වල සාධක , වෙනත් රටවල සාධක හැර ඉන්දියාවෙ පවතින සාධක..?
ReplyDeleteඉන්දියාව පුරා විසිරී පවතින පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි ඉමහත් රාශියක් පවතින අතර, බුදු රදුන්ට අදාල සියළු ප්‍රධාන ස්ථාන පුරාවිද්‍යාත්මක ව හඳුනාගෙන අවසන්.
Deleteඉන්දියාවේ ලිඛිත සාධක ඔබට අවශ්‍ය නම්
ලෝකේ පළවෙනියෙන්ම ලියවුණු ආශ්වගෝෂ ගේ බුද්දාචරිතය සහ සුන්දරණන්දම් කාව්‍යයන් යුගල, මහවස්තු, දිව්යවදනය, අශෝකවදනය වැනි පොත් පත් කියවන්න
එම ටැම් ලිපියෙ වචන ඈත් කර ලියා ඇති මුත් එකල එසේ වචන බෙදීමක් සිදු නොකල බව පැවසෙනවා නේද..? එම ටැම් ලිපිය ඊට පෙර එම ස්ථාථානට පැමිණි ඉංග්‍රීසි පුරාවි ද්යාඟයන් පවා නොදුටු බව ප්‍රසිද්ධියේ පවසා තිබෙනවා නේද...?
ReplyDeleteමගේ ලිපි මාලාවම කියවන්න. ලිපිය කලින් පැමිණි අයට දකින්න විදියක් නෑ පොළවෙන් යට තිබුණු නිසා. හියුං සැන් හිමියන් එන විටත් එම ලිපිය යටවී තිබූ බව තමයි සාමාන්‍යයෙන් සලකන්නේ.
Deleteඅශෝක රජුගේ තවත් ටැම් ලිපි තිබෙනවා වචන ඇත් කරමින් ලියූ. ඒ නිසා මේ තර්කය කිසිසේත් අදාල නෑ