මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
ඔවුන්ගේ උපක්‍රමය මෙයයි. ඉංග්‍රීසින් අපේ ත්‍රිපිටකය සහ සිංහල බෞද්ධ ඉතිහාසය ලියා තිබෙන පුස්කොල පොත් අරන් ගියේ අපිව රවට්ටලා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන්න කිව්වහම, අපේ තිබෙන ලාමක ගතිය නිසා අපේ හිත් වෛරයෙන් පුපුරන්න පටන් ගන්නවා. ඊලඟට කියනවා ඇලෝසියස් ෆියුරේ ලුම්ඹිණිය හදන්න බොරු සෙල් ලිපියක් නිර්මාණය කලා කියලා. දැන් හරි!!! අපේ මොලය අවුල් වෙලා ඉවරයි. ඇලෙක්සැන්ඩර් කනින්හැම් බුද්ධගයාව නිර්මාණය කරා කියනවා. මේ වෙන කොට ඉංග්‍රීසීන් නොකරපු දේවල් ගැන කිව්වත් අපි නිකම්ම විශ්වාස කරන මානසික අවුලකයි ඉන්නේ.බාෂම්ගේ පොතේ සුද්ධෝදන රජතුමා ගැන කියලා නෑලු, මාර්කෝපෝලෝගේ පොතේ තියෙනවලු ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලා. ඔන්න ඇදල ගන්නවා, ත්‍රිපිටක, මහවංශ ඒවගේ අර්ථ විකෘති කරලා පෙන්නනවා. ඒ වෙනකොට මොවුන් කිව්ව හැම දෙයක්ම විශ්වාස කරන්න සිදුවෙනව. මොකද අපිට ත්‍රිපිටක, මහවංශ, බෞද්ධ ඉතිහාසය ආදිය ගැන තිබෙන්නේ අල්ප දැනුමකි.මොවුන් ඔක්කොම දන්නවා වගේනේ පෙන්වන්නේ.ජනප්රවාදයේවත් නැති, බුදුරජානන්වහන්සේ පිරිනිවන්පෑ ස්ථානයකට කවුරු හරි වන්ඳනාවේ ගිහිල්ල තියෙන එකක් අහලවත් නැති අපිට මේ අවුල් කිරීම නිසා මේ වගේ සරල පැහැදිලි කර ගැනීම් පවා අමතක වෙන එක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම ප්රශ්නය. තවත් එකක් පටන් අරගෙන තියෙනවා.අභයගිරි යුගයක් නැවත බිහි කරමු කියලා, මහායාන එකක් කියවනවා. මේ සියල්ලම විනාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල නීතිමය ප්‍රතිපාදන තියෙනවා නේද???
ReplyDeleteස්තුතියි ඔබට. ඔබතුමා හරියටම හරි. මේ පිරිස ඉතිහාස මූලාශ්‍ර ඉතාම සියුම් ලෙස විකෘති කර දක්වා මේ දේවල් හරියට අවබෝධයක් නැති පිරිස මුලා කරනවා. නිතීමය ප්‍රතිපාදන තිබ්බත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ඒක ලොකු ප්‍රශ්ණයක්.
Delete