ලුම්බිණිය සහ Anton Fuhrer

 ලුම්බිණිය සහ Anton Fuhrer


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව අංක - 25


ලුම්බිණි ටැම් ලිපිය සහ Anton Fuhrer මහතා සේවයෙන් ඉවත් කිරීමේ සිහිකැඳවුම් ලිපියේ සත්‍ය කතාව මුල් ලිපියෙන් පෙන්වා දුන් අතර එය පහත සබැඳියෙන් කියවිය හැක.

https://vikurthiyataerehiwa.blogspot.com/2020/11/blog-post_24.html?m=1

මෙම ලිපියේ අරමුණ මෙම සිහි කැඳවුම් ලිපියෙන් V.A. ස්මිත් මහතාගේ වාර්තාව අනුව දෝෂ සහගත යැයි හැඳින්වූ 

1. Dr. Fuhrer's progress report for the year 1897-98

2. Monograph on Buddha Sakyamuni's Birthplace in the Nepalese Tarai.

 

නම් වාර්තා දෙක පිළිබඳව සත්‍ය කරුණු පැහැදිලි කිරීමයි.




1.) Dr. Fuhrer's progress report for the year 1897-98.

Anton Fuhrer මහතා විසින් 1897-98 වර්ෂය සඳහා සකස් කළ ප්‍රගති වාර්තාව වන මෙය ඡේද 10 කින් සමන්විත වෙයි.

1 ඡේදය - අදාල වර්ෂයේ ගවේෂණ කටයුතු සඳහා නේපාල රජයෙන් ලැබුණු මූල්‍ය ආධාර, නිලධාරීන් සහ අනෙකුත් විස්තර මෙහි අඩංගු වේ.

2 ඡේදය - ගවේෂණය සඳහා යොදාගත් සේවකයන් පිළිබඳව මෙහි සඳහන් වෙයි.

3 ඡේදය - කපිලවස්තු නුවර ලෙස සැලකූ ප්‍රදේශය සහ ශාක්‍යයන් සමුල ඝාතනය කළ ස්ථානය සහ ඔවුන් වෙනුවෙන් තැනූ ස්මාරක, ස්ථූප, සෙල් ලිපි, කාසි සහ තවත් ගොඩනැගිලි පිළිබඳව මෙහි අඩංගු වෙයි.


4 ඡේදය - හියුං සැන් හිමි ගේ පොතේ විස්තර කළ කපිලවස්තු පුරයේ නැගෙනහිර දොරටුවට පිටතින් පිහිටි ශිව දෙවියන් වෙනුවෙන් තැනූ දෙවොලක් කැණීම පිළිබඳ මෙහි අඩංගුය.


5 ඡේදය - කකුසඳ බුදු රදුන් ගේ ස්තූපය සහ එහි ඇති අශෝක කුළුණ පිළිබඳ මෙහි සඳහන් ය.

6 ඡේදය - කපිලවස්තු පුරයේ ඉතා විශාල ප්‍රදේශයක විසිරී ඇති නටබුන් කැණීම සඳහා වසර ගණනාවක් අවශ්‍ය බව සඳහන් කරයි.

7 ඡේදය - පිප්රාවා ස්ථූපයේ කැණීම් සහ එහිදී සොයාගත් කරඬු සහ ධාතූන් වහන්සේලා පිළිබඳව විස්තර මෙහි අඩංගුය.

8 ඡේදය - කරොස්ථි අක්ෂර අඩංගු අභිලේඛන දෙකක් පිළිබඳ විස්තර ඇත.

9 ඡේදය - වාර්තා සහ සටහන් පිළියෙල කිරීම සහ ඒ සඳහා සහායක නිලධාරියා පිළිබඳ සටහන.

10 ඡේදය - 1898-99 ඉදිරි වර්ෂය සඳහා කළයුතු ගවේෂණ පිළිබඳ යෝජනා.


මේ කරුණු අනුව මෙම වාර්තාවේ ලුම්බිණිය හෝ ලුම්බිණි ටැම් ලිපිය ගවේෂණය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත.

එසේම මෙම වාර්තාවේ ඇති දෝෂ ගැන මිස සම්පූර්ණ වාර්තාව වැරදි බවක් සිහිකැදවුම් ලිපියේ අන්තර්ගත නොවේ.


2. ) Monograph on Buddha Sakyamuni's Birthplace in the Nepalese Tarai.


ආන්දෝලනයට ලක්වූ මෙම වාර්තාව New imperial series of the reports of the Archeological survey of India හි XXVI වන වෙළුම ලෙස ප්‍රකාශයට පත් කර ඇත.


පරිච්ඡේද නමයකින් සමන්විත මෙහි සඳහන් වන කරුණු සලකා බලමු.


1 පරිච්ඡේදය - මෙහි සිදුහත් කුමරා පිළිසිඳ ගැනීම පටන් බුද්ධත්වය ලබා ගැනීම දක්වා වන ත්‍රිපිටක සහ වෙනත් බෞද්ධ මූලාශ්‍ර වල ඇති ආකාරයට සවිස්තරව බුදු රදුන් ගැන සහ ශාක්‍ය පරපුර ගැන විස්තර කර ඇත.


2 පරිච්ඡේදය -  මෙහි කකුසඳ බුදු රදුන් උපන් ස්ථානය ගැන බෞද්ධ හා චීන භික්ෂූන් වහන්සේලා ගේ දේශාටන වාර්තා ඇසුරින් විස්තරයක් ඇති අතර බෞද්ධ සංකල්ප ගැන ද විස්තර ඇත.


3 පරිච්ඡේදය - කෝණාගමන බුදු රදුන් උපන් ස්ථානය, ත්‍රිපිටකය සහ වෙනත් ලිඛිත මූලාශ්‍ර, නිඟාලි සාගර් අශෝක කුලුන සහ ටැම් ලිපිය ගැන සහ අවට වෙනත් නටබුන් ගැන විස්තර ඇත.


4 පරිච්ඡේදය -  මෙහි සිදුහත් කුමාර උත්පත්තිය බෞද්ධ මූලාශ්‍ර වල ඇති අයුරින් නැවත සවිස්තරව සටහන් කර ඇති අතර, ත්‍රිපිටකය හා වෙනත් බෞද්ධ මූලාශ්‍ර අනුව ලුම්බිණියේ පිහිටීම විස්තර කර ඇත. එසේම ඒ වන විටත් සොයාගෙන තිබූ ලුම්බිණියේ අශෝක කුලුන හා ටැම් ලිපිය ගැන විස්තර කර ඇත. 


5 පරිච්ඡේදය  - මෙහි අශෝක රජු ගැන සහ එතුමාගේ ලුම්බිණි සංචාරය පිළිබඳ මූලාශ්‍ර ඇසුරින් ඇති විස්තර ඉදිරිපත් කර ඇත.


6 පරිච්ඡේදය - මෙහි ලුම්බිණි සහ නීගාලී සාගර් සෙල් ලිපි වල සඳහන් වන අන්තර්ගතය සහ අර්ථය ඇත.


7 පරිච්ඡේදය - කපිලවස්තු පුරය ගැන ඇති බෞද්ධ හා අනිකුත් ලිඛිත මූලාශ්‍ර සහ ඒ සම්බන්ධව කළ ගවේෂණ පිළිබඳ තොරතුරු ඇතුළත් කර ඇත.


8 පරිච්ඡේදය - බුද්ධ කාලීන ශාක්‍ය වංශයේන් පැවත එන වර්තමාන ශාක්‍ය වංශිකයන් ගැන විස්තර කර ඇත.


9 පරිච්ඡේදය - ඉහත පරිච්වේද වල ඇති කරුණු වල සාරාංශ කොට ශාක්‍ය වංශය, අශෝක රජු, ටැම් ලිපි සහ අනෙකුත් පුරාවිද්‍යා ස්ථාන ගැන නිගමන ඉදිරිපත් කර ඇත.


මෙම කරුණු සලකා බැලීමේදී මෙහි ලුම්බිණි ටැම් ලිපිය තමන් විසින් සොයාගත් බවක් මෙහි කිසිදු ස්ථානයක Anton Fuhrer මහතා ප්‍රකාශ නොකරයි. 


එසේම ලුම්බිණි අශෝක කුළුණේ කැණීම් කටයුතු සිදුකර ඇත්තේ නේපාල Tarai හි ආණ්ඩුකාර වර ජෙනරාල් Khadga Shamsher  විසින් බවත් මෙහි සඳහන් කරයි.




එසේම මෙම වාර්තා ද්විත්වය අනුව පැහැදිලි වන කරුණක් නම් මෙම කැණීම් කටයුතු නේපාල බලධාරීන් ගේ දැඩි සුපරික්ෂාව මැද ඔවුනගේ නීති රීති වලට අනුකූලව සිදුවූ බවයි. 



එසේම හැම අවස්ථාවකම අදාල නේපාල නිලධාරීන් සිට ඇති බවයි.


එබැවින් ඇතැමුන් චෝදනා කරන ආකාරයට ඔහු හට හිතුමතයට කටයුතු කිරීමට තිබූ අවස්ථාව ඉතා අඩු බවයි.


මෙම වාර්තාව සංසරණයෙන් ඉවත් කිරීමට හේතුව Anton Fuhrer මහතා විසින් එහි අඩංගු කළ දෝෂ සහිත කරුණු නිසා බව මිස ලුම්බිණි හා නිගාළී සාගර් ටැම් ලිපි ව්‍යාජ බවක් හෝ ලුම්බිණිය ව්‍යාජ ස්ථානයක් බව හෝ මෙම සිහිකැඳවුම් ලිපියේ ප්‍රකාශ නොකරන බවයි. මෙම වාර්තා වල ඇති දෝෂ සහගත තැන්, මෙම සිහිකැඳවුම් ලිපියට මූලික වූ V.A. ස්මිත් මහතා ගේ වාර්තාවේ පැහැදිලිව දක්වා ඇති අතර එහි කිසිම තැනක ලුම්බිණි ටැම් ලිපිය හෝ ලුම්බිණිය ව්‍යාජ බව ප්‍රකාශ කර නැත.


මෙම සිහිකැඳවුම් ලිපිය පෙන්වමින් ලුම්බිණි ටැම් ලිපිය සහ ලුම්බිණිය ව්‍යාජ බව පවසන පිරිසට අප අභියෝග කරන්නේ හැකිනම් එම ලිපියේ හෝ වෙනත් වාර්තාවක එසේ සඳහන් වන්නේ නම් එය ඉදිරිපත් කරන ලෙසයි.


එමෙන්ම තවත් පිරිසක් පවසන අයුරින් මෙම වාර්තාව එහි ඇති දෝෂ නිසා ඉවත් කිරීමෙන් එහි ඇති සියලුම කරුණු ව්‍යාජ ඒවා ලෙස සලකන්නේ නම් එහි ඉදිරිපත් කරන ත්‍රිපිටක කරුණු සහ අනිකුත් බෞද්ධ මූලාශ්‍ර පවා මෙහි දක්වා ඇති බැවින් ව්‍යාජ ඒවා ලෙස බැහැර කල යුතු වන්නේය. 



මෙවැනි පුහු තර්ක වලට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන මෙම ලිපි මාලාවේ ඊළඟ ලිපියෙන්, ලුම්බිණි ටැම්ලිපිය බොරුවක් කීමට මේ වංචනිකයන් ගෙන එන සිහිකැඳවුම් ලිපියේ යන්තමින් හෝ සඳහන් නොවෙන ලුම්බිණි ටැම්ලිපිය සොයාගැනීම ගැන කියවෙන 1896-97 වර්ෂ සඳහා වන වාර්ෂික ප්‍රගති වාර්තාව ගැන තොරතුරු බලාපොරොත්තු වන්න.


තෙරුවන් සරණයි.


Comments

  1. ඔවුන්ගේ උපක්‍රමය මෙයයි. ඉංග්‍රීසින් අපේ ත්‍රිපිටකය සහ සිංහල බෞද්ධ ඉතිහාසය ලියා තිබෙන පුස්කොල පොත් අරන් ගියේ අපිව රවට්ටලා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ කියන්න කිව්වහම, අපේ තිබෙන ලාමක ගතිය නිසා අපේ හිත් වෛරයෙන් පුපුරන්න පටන් ගන්නවා. ඊලඟට කියනවා ඇලෝසියස් ෆියුරේ ලුම්ඹිණිය හදන්න බොරු සෙල් ලිපියක් නිර්මාණය කලා කියලා. දැන් හරි!!! අපේ මොලය අවුල් වෙලා ඉවරයි. ඇලෙක්සැන්ඩර් කනින්හැම් බුද්ධගයාව නිර්මාණය කරා කියනවා. මේ වෙන කොට ඉංග්‍රීසීන් නොකරපු දේවල් ගැන කිව්වත් අපි නිකම්ම විශ්වාස කරන මානසික අවුලකයි ඉන්නේ.බාෂම්ගේ පොතේ සුද්ධෝදන රජතුමා ගැන කියලා නෑලු, මාර්කෝපෝලෝගේ පොතේ තියෙනවලු ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලා. ඔන්න ඇදල ගන්නවා, ත්‍රිපිටක, මහවංශ ඒවගේ අර්ථ විකෘති කරලා පෙන්නනවා. ඒ වෙනකොට මොවුන් කිව්ව හැම දෙයක්ම විශ්වාස කරන්න සිදුවෙනව. මොකද අපිට ත්‍රිපිටක, මහවංශ, බෞද්ධ ඉතිහාසය ආදිය ගැන තිබෙන්නේ අල්ප දැනුමකි.මොවුන් ඔක්කොම දන්නවා වගේනේ පෙන්වන්නේ.ජනප්‍රවාදයේවත් නැති, බුදුරජානන්වහන්සේ පිරිනිවන්පෑ ස්ථානයකට කවුරු හරි වන්ඳනාවේ ගිහිල්ල තියෙන එකක් අහලවත් නැති අපිට මේ අවුල් කිරීම නිසා මේ වගේ සරල පැහැදිලි කර ගැනීම් පවා අමතක වෙන එක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය. තවත් එකක් පටන් අරගෙන තියෙනවා.අභයගිරි යුගයක් නැවත බිහි කරමු කියලා, මහායාන එකක් කියවනවා. මේ සියල්ලම විනාශ කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල නීතිමය ප්‍රතිපාදන තියෙනවා නේද???

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට. ඔබතුමා හරියටම හරි. මේ පිරිස ඉතිහාස මූලාශ්‍ර ඉතාම සියුම් ලෙස විකෘති කර දක්වා මේ දේවල් හරියට අවබෝධයක් නැති පිරිස මුලා කරනවා. නිතීමය ප්‍රතිපාදන තිබ්බත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති ඒක ලොකු ප්‍රශ්ණයක්.

      Delete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?