සිව් බුදු වරුන් ලංකාවේද? මහාවංශය ඇසුරින්

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 10


මහාවංශයේ පසළොස් වන පරිච්ඡේදයේ ඇති කොටසක් උපුටා දක්වන මේ විකුර්ථිකයන් සිව් බුදු වරුන්ම මේ හෙළ බිමේ වැඩ සිටි බව මහාවංශයේ ම සඳහන් බව පවසා ඇස් ඇත්තෝ දකිත්වයි පවසයි. 




කුමක්ද මෙහි ඇත්ත...

ඇත්තටම මහාවංශයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවද??


1. ඔවුන් උපුටා දක්වන වාක්‍ය කාණ්ඩ ටික පමණක් සලකා බැලුවොත් එහි අදහස නම් මේ ලංකාද්වීපය කකුසඳ බුදු රදුන් ගේ කාලයේ ඔජදිප ලෙස හැඳින්වූ බව හා මහමෙව්නා උයනට( එකල මහා තීර්ථ) රකුසන් නිසා ඇතිවූ අසනීපයකට පිළියම් යෙදීම පිණිස කකුසඳ බුදු රදුන් වැඩම කළ බවයි.


2. මෙම පරිච්ඡේදයේ මහාවංශයේ මෙම කොටසේ විස්තර කරන්නේ දෙවන පෑතිස් රජු විසින් මිහිඳු හිමියන්ට මහ මෙව්නා උයන පූජා කිරීම සහ අනතුරුව මිහිඳු හිමි විසින් උයනේ විවිධ ස්ථාන වල අතීත වැදගත් කම රජුට පෙන්වා දීම පිළිබඳවයි. 




3. මෙම පරිච්ඡේදයේ අතීත තුන් බුදු වරුන්ම මෙම උයනට වැඩම කර ඇති බව සඳහන් කර ඇති අතර කිසිම විටක එම බුදු වරුන් මේ ලංකාද්විපයේ පහළ වූ බව පවසා නැත.


4. එසේම කකුසඳ බුදු රදුන් කළ ලංකාද්වීපය ඔජදිප නමින් හැඳින්වූ බව පැහැදිලිව සඳහන් කර ඇත.


5. මොවුන් සඟවා විකෘති කරන කාරණය මහාවංශයේ ඊළඟ පිටුවේ කදිමට විස්තර කර ඇත.


6. එනම් ලංකාද්වීපය හෙවත් ඔජදිපයට වැඩි කකුසඳ බුදු රදුන් මෙහි කළ යුතු කටයුතු නිමවා සංගය වහන්සේලා සමඟ අහසට පැන නැගී

ජම්බුද්වීපය බලා වැඩි බවයි....



බලන්න පැහැදිලිව ඔජදීපයේ සිට ජම්බුද්වීපය ට අහසින් වැඩි බව සඳහන්ය..


7. මෙයින් පැහැදිලිව තහවුරු වන කරුණ නම් ලංකාද්වීපය ඕජදිපය මිසක් ජම්බුද්වීපය නොවන බවයි.

එනම් පැහැදිලිවම ඔජදීපය හා ජම්බුද්වීපය යනු එකක් නොව දෙකක් වන බවයි.


8. එනම් මෙම කරුණ අනිත් බුදු වරුන්ගේ කාලයන් වලටද අදාල බවයි. එනම් වරදීප, මණ්ඩදිප ලෙස ලංකාද්වීපය හැඳින්වූ කාල වලදීද ජම්බුද්වීපය වෙනම පැවති බවයි.


9. මෙතරම් පැහැදිලිව ජම්බුද්වීපය හා ඔජදිපය( ලංකාද්වීපය) දෙකක් බව සඳහන් කරුණ කොතරම් විකෘති කර මොවුන්ගේ ව්‍යාජ අරමුණ වෙනුවෙන් යොදාගෙන ඇද්ද යන්න මෙයින් සාධක සාක්ෂි සහිතව තහවුරු වෙයි.


10. මොවුන්ගේ මෙම ව්‍යාජ විකෘතිය පෙන්වා දුන් පසු ඊලඟට ඉදිරිපත් කරන තර්කය නම් ඔජදිපය හා ජම්බුද්වීපය මේ දිවයිනේම කොටස් දෙකක් බවයි. නමුත් එයටද පිළිතුරක් ලෙස ඔජදිපය තුළ තිබූ යක්ෂ උවදුර මේ මුළු දිවයිනේම තිබී කකුසඳ බුදු රදුන් ගේ ආනුභාවයෙන් සුව වූ බව සඳහන් කර ඇත.


11. එබැවින් මොවුන් බුදු රදුන් ලංකාද්වීපයේ ඉපදුන බවත් ජම්බුද්වීපය යනු ලංකාද්වීපය බවත් පෙන්වීමට ඉදිරිපත් කරන ව්‍යාජ සාක්ෂි වල බොරුව මැනවින් තහවුරු වේ. 


12. නිශ්චිත සත්‍ය සාක්ෂි ඇත්නම් මොවුන් මෙවැනි විකෘති ඉදිරිපත් කරයිද?? 


13. මෙවැනි ව්‍යාජ විකෘති ඉදිරිපත් කර මොවුන් තහවුරු කරන්නට යන්නේ කුමක්ද??


සැබෑ හෙළ බෞද්ධයන්ට නුවනින් විමසා බැලීම පිණිස.....

Comments

  1. ලන්කා ද්වීපයෙ යක්කු(අමනුශ්‍යන්) සිටියානම් රජගල තැන්න පුරා විද්‍යා කැනීම් බලන්න, තවද රාජ් සොමදෙව මහතාගෙ සොයාගැනීම් බලන්න

    ReplyDelete
    Replies
    1. මෙම සියලුම ග්‍රන්ත ලන්කාද්වීපයෙ පැරනි ග්‍රන්ත වන අතර,අවු; 5000ක් පැරනි රාම ගැන ඉන්දියාවේ ග්‍රන්ත තිබෙන අතර මෙවැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ත ඉන්දියාවෙ නැත. එකදු හෝ ග්‍රන්තයක් ඉන්දියාවෙ තිබෙනම් තිබෙනම් කරුනාකර ඉදිරිපත් කරන්න. මෙම සියලුම ග්‍රන්ත වල තිබෙන්නෙ ලන්කාව ගැන මිසක් ඉන්දියාව ගැන නොවෙයි.
      මෙම ස්තාන අනගාරික දර්මපාල තුමා විසින් ජෛන වීර ගෙ ස්තාන නම්කරන ලදුව ඔවුන් ආර්තික ලාබය වෙනුවෙන් මෙය පවත්වාගෙන යනු ඇත. දීන සිංහල ජාතිය තමාසතු දෙ අනුන් හට පවරා තර්කයෙ ද යෙදෙයි. පුදුමය නම් මහාවන්ශයේ සමහර කරුනු ඔවුනට ගලපා ගැනීමට නොහැකිවීමයි

      Delete
    2. මහාවංශය පමණක් නොව කිසිදු ග්‍රන්ථයක් බුදු රදුන් ලංකාවේ බව පවසා නැත.
      එසේ පවසනවා යැයි කියන අය මේ ග්‍රන්ථ කියවා තියා දැක වත් නොමැති බව මේ පවසන කරුණු අනුව ඉතාම පැහැදිලිය.
      මෙවැනි බොරු ව්‍යාජ විකෘති කරුණු පැවසීම එක්තරා දේශද්‍රෝහී කල්ලියක පාවාදීමක් පමණි

      Delete
  2. බුදුරජානන් වහන්සේ ලන්කාවෙ ඉපදුනා කියල මම කියන්නෙත් නෑ. එය ජන්බුද්වීපයයි. ජන්බුද්වීපය යනු සිව් හෙලයේ එක කොටසකි. මෙයට සාක්ශි ඉදිරියෙදී ඉදිරිපත් කරමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?