මහාවංසයෙන් හෙළිවන යොදුන
මහාවංසයෙන් හෙළිවන යොදුන.. යොදුන ගැන අතිශයෝක්ති මෙන්ම ව්‍යාජ මත සමාජ ගත කරන බුදු රදුන් ලංකාවේ බව පවසන කණ්ඩායම මේ දිනවල යොදුන යනු සැතපුමක් බව මතයක් ප්‍රචාරය කරමින් සිටියි. එය එසේ නොවන බව මහාවංසයේ එන මෙම තොරතුරු අනුව පැහැදිලි වෙයි. මහාවංස යේ විසිතුන් වන පරිච්ඡේදයේ දුටුගැමුණු රජුගේ යෝධයන් පිළිබඳ සඳහන් වන විස්තරය සලකමු. එහි සුරනිමල යෝධයා ගැන ඇති විස්තරයේ දීඝාභය කුමරු විසින් සුරනිමල යෝධයා කාසතොට සිට අනුරාධපුරය දක්වා යවන මෙහෙයක් ගැන කොටස තුළ කසාතොට සිට අනුරාධපුරය දක්වා යොදුන් නමයක් ඇති බව සඳහන් කරයි. අතීත කසාතොට නූතන දිඹුලාගල ප්‍රදේශයේ පිහිටා ඇති බව තහවුරු කර ඇති බැවින් යොදුන ගැන අදහසක් ලබාගත හැකිය. මෙම ස්ථාන දෙක අතර වර්තමාන දුර කිලෝමිටර් 125 පමණ වන අතර එය යොදුන් නමයක් නම් යොදුනක් කිලෝමිටර් 13.8 පමණ වෙයි. එනම් ආසන්න වශයෙන් යොදුනක් යනු කිලෝමිටර් 14 ක් පමණ දුරක් බව මෙයින් තහවුරු වෙයි. මේ අනුව යොදුනක් යනු සැතපුම ක් යන්න මේ අනුව පිළිගත නොහැකි කරුණක් බව ද සනාථ වෙයි.
ලන්කා ද්වීපයෙ යක්කු(අමනුශ්‍යන්) සිටියානම් රජගල තැන්න පුරා විද්‍යා කැනීම් බලන්න, තවද රාජ් සොමදෙව මහතාගෙ සොයාගැනීම් බලන්න
ReplyDeleteමෙම සියලුම ග්‍රන්ත ලන්කාද්වීපයෙ පැරනි ග්‍රන්ත වන අතර,අවු; 5000ක් පැරනි රාම ගැන ඉන්දියාවේ ග්‍රන්ත තිබෙන අතර මෙවැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ත ඉන්දියාවෙ නැත. එකදු හෝ ග්‍රන්තයක් ඉන්දියාවෙ තිබෙනම් තිබෙනම් කරුනාකර ඉදිරිපත් කරන්න. මෙම සියලුම ග්‍රන්ත වල තිබෙන්නෙ ලන්කාව ගැන මිසක් ඉන්දියාව ගැන නොවෙයි.
Deleteමෙම ස්තාන අනගාරික දර්මපාල තුමා විසින් ජෛන වීර ගෙ ස්තාන නම්කරන ලදුව ඔවුන් ආර්තික ලාබය වෙනුවෙන් මෙය පවත්වාගෙන යනු ඇත. දීන සිංහල ජාතිය තමාසතු දෙ අනුන් හට පවරා තර්කයෙ ද යෙදෙයි. පුදුමය නම් මහාවන්ශයේ සමහර කරුනු ඔවුනට ගලපා ගැනීමට නොහැකිවීමයි
මහාවංශය පමණක් නොව කිසිදු ග්රන්ථයක් බුදු රදුන් ලංකාවේ බව පවසා නැත.
Deleteඑසේ පවසනවා යැයි කියන අය මේ ග්රන්ථ කියවා තියා දැක වත් නොමැති බව මේ පවසන කරුණු අනුව ඉතාම පැහැදිලිය.
මෙවැනි බොරු ව්‍යාජ විකෘති කරුණු පැවසීම එක්තරා දේශද්‍රෝහී කල්ලියක පාවාදීමක් පමණි
බුදුරජානන් වහන්සේ ලන්කාවෙ ඉපදුනා කියල මම කියන්නෙත් නෑ. එය ජන්බුද්වීපයයි. ජන්බුද්වීපය යනු සිව් හෙලයේ එක කොටසකි. මෙයට සාක්ශි ඉදිරියෙදී ඉදිරිපත් කරමි.
ReplyDelete