සීලාකාළ රජතුමා සහ බුද්ධගයාව

 

බුදු රජාණන් වහන්සේ ලංකාවේ කියන කන්ඩායම් නිතරම රැගෙන එන පැනයක් නම් වර්තමාන ඉන්දියාවේ සහ නේපාලයේ ඇති බුදු රදුන්ට සම්බන්ධ සතර ස්ථාන වැඳ පුදාගන්න අපේ රටේ රජවරු ගියේ නැත්තේ ඇයි කියන කාරනය යි.


ඒකට තියෙන්නේ සරල උත්තරයක්.

එම ස්ථාන තිබෙන්නේ ලංකාවේ සිට කිමි දහස් ගනනක් දුරින් වීමත් අද කාලේ වගේ පැය කීපයකින් ඒ දුර යන්න තරම් ප්‍රවාහනය දියුනු නැති කාලයක සාමාන්‍යයෙන් මාස ගනනාවක් ගත වෙන ගමනක් වීමත් යන හේතුන්.

රජ කෙනෙකුට තමන්ගේ රාජ්‍යය අතහැරල මාස ගනනාවක් සමහර විට අවුරුද්දක් විතර කාලයක් ගතවෙන වන්දනා ගමනක් යන්න ප්‍රායෝගිකව පුළුවන් කමක් අපේ රටේ ඉතිහාසයේ තිබ්බේ නෑ. ලංකාවේ රජවරුන්ගේ ඉතිහාසය සැලකීමේදි ඒක ඉතාම පැහැදිලිව පෙනියනවා.

ඒ නිසා ඒක නිශ්පල ප්‍රශ්නයක්.


අපේ රටේ රජවරු සිය රාජ්‍ය පාලන කාලය තුල මේ රටින් පිටතට ගමන් කල අවස්ථාවන් තිබෙන්නේත් කිහිපයක් පමණයි. ඒ සාංග්‍රාමික හේතුන් මත පමණයි. ඒ හැර වෙනත් දෙයකට රටින් පිටතට ගමන් කල බවට සාධක නෑ.


නමුත් සිලාකාළ රජතුමා රාජ්‍යත්වයට පත් වීමට කලින් ගතකල කාලය සම්බන්ධව මහාවංසය 39 වන පරිච්ඡේදයේ  මේ ආකාරයට සටහන් කරනවා.


~~ ලම්බකර්ණ ගෝත්‍රයෙහි උපන් දාඨාපභූති නම් කිසිවෙක් කසුබ් රජහට උපස්ථානයෙහි කලකිරුණු සිත් ඇත්තේ මෙරලියවගට ගොස් එහිම වාසය කළේය. සීලාකාළය යි ප්‍රසිද්ධ උහුගේ එක් පුතෙක්ද වි. හේ තෙමේ ද කසුබ් රජහට භය ඇත්තේ තමා මුගලන් කුමරු හා මෙයින් දඹදිව තල  ගොස් මහ බෝ මැඩ වෙහෙර පැවිජී පැමිණි ප්‍රියශීලිව ආදර සහිතව සඟ වත් පිළිවෙත් කෙරෙමින් ( වසන්නේ එක් දවසෙක) අඹ ලදින් සඟනට දින.~~




මේ විස්තරය අනුව සීලාකාළ රජතුමන් රජවීමට පෙර මහ බෝ මැඩ හෙවත් බුද්ධගයාවේ පැවිදිව ගත කල බව පැහැදිලි වනවා. මුගලන් රජතුමා රාජ්‍යත්වයට පත්වූ පසු මෙරටට නැවත පැමිනි සීලාකාළ හට අසිග්ගාහක තනතුර හිමිවිය. පසුව ඔහු රාජ්‍යත්වයට පත්විය.


සීලාකාළ රජතුමන් බුද්ධගයාවේ සිටි බවට මෙම කාරනය පෙන්වු සැනින් මීලඟට හෙල බුදුන් කන්ඩායම මේ මහ බෝ මැඩ යනු ලංකාවේ ඔවුන් පවසන ව්‍යාජ බෝ මැඩ වන හිරිවඩුන්න බවට පවසනවා නිසැකය. 

නමුත් එය අතිශයින් හාස්‍යජනක කාරනයක් වන්නේ සීගිරියේ රජකම් කල කාශ්‍යප රජුගෙන් ආරක්ෂා වීමට සීලාකාළ කුමරු පැනගියේ සීගිරියට අල්ලපු වැටේ මෙන් නුදුරින් පිහිටි හිරිවඩුන්නට යැයි සැලකීමට සිදුවීමේදිය.


ඒ වගේම හෙල බුදුන් කන්ඩායමෙන් අහන්න වෙන ප්‍රති ප්‍රශ්නය තමයි මේ ලංකාවේ රජවරුන්ගේ අතේ දුරින්, ඔය 

ලංකාවේ තිබ්බ කියන බුදු රදුන්ට සම්බන්ධ ව්‍යාජ සතර ස්ථාන වලට ‍රජවරු ගියේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය. 


මනොජ් කුමාර 


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?