වැස්ස + දෙවියන් + වස්සවලාහක සූත්‍රය

ත්‍රිපිටකය පිලිබඳව කුරුස ළකුණ දරන නිරාගමික සහ හෙල බුදුන් කන්ඩායම් ගෙන එන ව්‍යාජ මත වලට පිලිතුරු සැපයු පෝස්ට් වල සංවාදයට පැමිනි නිරාගමිකයන් ත්‍රිපිටකය සම්පුර්ණයෙන් බුද්ධ දේශිත නොවන බවත් ඇතැම් කරුනු හා සූත්‍ර පසුව එක් කර බුද්ධ දේශනාව අස්වාභාවික අද්භුත එකක් බවට පත් කර ඇති බවත් පවසා ඇත. එසේම ඊට උදාහරණයක් ලෙස ඔවුන් විසින් වලාහක සංයුක්තයේ සූත්‍රයක් වන වස්සවලාහක සූත්‍රය පෙන්වමින් වස්සවලාහක දෙවියන් කම්සැප විදින අවස්ථාවේ දි ඒ හේතුවෙන් වැස්ස ඇතිවන බව ඒ සූත්‍රයේ ඇති බැවින්ද, වැස්ස ඇති වීමට දෙවියන් හේතුවක් නොවන බැවින් ද එය බුද්ධ දේශිතයක් නොවන අසත්‍යයක් බවට සැක මතු කර ඇත. ඒ සූත්‍රයේ සිංහල පරිවර්තනය බුද්ධ ජයන්ති පරිවර්තනයේ පරිදි මෙසේය. ~~ එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක්” දැයි. මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී න...