මුචලින්ද නා රජු මනුෂ්‍යයෙක් ද?

 


හෙල බුදුන් කල්ලියේ තවත් බොරුවක් කියන තැනක් තමයි බුදු රදුන් බුදු වීමෙන් අනතුරුව ගත කල කාලය් තුන් වන සතියේ දි මිදෙල්ල රුක්ක මූලයේ වැඩ සිටින අවස්ථාව.

ඒ අවස්ථාවේ දි වට වැස්සෙන් බුදු රදුන් ආරක්ෂා කලේ මුචලින්ද නා රජු සත් වරක් සිය ශරීරයෙන් බුදු රදුන්ව ආවරනය කරලා.

හෙල බුදුන් කල්ලිය කියන බොරුව තමයි ඒ මුචලින්ද කියන්නේ නාග රජෙක් නෙවෙයි මේ අපේ රටේ හිටිය රජ කෙනෙක්. තඩි පෙනයක් තියෙන නයෙක් නෙවෙයි.  ඒ රජතුමා තමයි වැස්සෙන් බුදු රදුන්ව ආරක්ෂා කරේ. එතනදි සමහරු මුචලින්ද රජු බුදු රදුන්ට අතු පැලක් අටවලා දුන්නා කියනවා, ගෙයක් හැදුව කියනවා, ගල් වලින් කුටියක් හැදුව කියනවා වගේ එක එක හිතෙන හිතෙන විකාර කියවනවා.


හැබැයි මේ බේගල් කතා කියන අය දන්නේ නෑ ත්‍රිපිටකයේ ඔය සිදුවීම විස්තර කරලා තිබෙන බව. 

ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ග පාලියේ මහාඛන්ධකයේ මෙන්න මෙහෙම තියෙනවා 


~~ එකල්හි මහත් වූ නොකල්වැස්සෙක් පහළ වී ය. සීතසුළං වලාවෙන් වැලලි වූ හද්දාවැස්සෙකි.

ඉක්බිති මුචලින්‍දනාරජ තෙමේ ස්වකීයභවනයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් හාත්පසින් වට කොට “ශීතය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. උෂ්ණය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා. ඩැහැ ලේ බොන මැසි මදුරු සුළං අවු සර්‍ප යන මොවුන්ගේ ස්පර්‍ශය භාග්‍යවතුන් වහන්සේ නො පෙළාවා” යි හිස මුදුනෙහි මහත් පෙණයක් කොට සිටියේ ය. ~~ 


මේ අනුව ඉතාම පැහැදිලිව මුචලින්ද නා රජු වැස්සෙන් බුදු රදුන් ආරක්ෂා කළ ආකරය තිබෙනවා. 

ඒ වගේම කතාව එතනින් ඉවර වෙන්නෙත් නෑ. ඊලඟට මෙන්න මෙහෙමත් තියෙනවා.


~~ ඉක්බිති මුචලින්‍දනාරජතෙමේ සත්දවසක් ඇවෑමෙන් පහ වූ වලාපටල ඇති පැහැදිලි අහස (ඇති බව) දැන භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙන් දරණවෙළුම් හැර සියවේසය අතුරුදහන් කොට තරුණ මිනිස් වෙසක් මවා ගෙණ බුදුරජුන් ගේ ඉදිරියෙහි ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ වඳිමින් සිටියේ ය.~~



මේ අනුව ත්‍රිපිටකයේ බොහොම පැහැදිලිව තිබෙනවා මුචලින්ද නා රජු නාගයෙක් බව සහ අවසානයේ සිය වේශය අතහැර මිනිස් වෙසක් මවා ගෙන බුදු රදුන් ඉදිරියට ආ බව. හෙල බුදුන් සංගමයේ තවත් බොරුවක සුපුරුදු අවසානය තමයි ඒ.


මෙහෙම ත්‍රිපිටකයේ පෙන්නුවාම ඊලඟට  මේ අය කියන්නේ මාගධි පදවැල් බලන්න ඕනෙය, පරිවර්තනය වැරදිය අරක මේක බයිලා. 

එහෙම කියන්න කවුරු හරි ඔය හැල පඬිවරු හිතන් ඉන්නවා නම් මාගධි පදවැල් අරන් ඇවිත් බහුශැත පාලි දැනුමෙන් පරිවර්තනය කරලා පෙන්වන්න.


මනොජ් කුමාර 

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?