ලුම්බිණිය තහවුරු කරන V.A. ස්මිත් මහතා ගේ සාධක

 ලුම්බිණිය තවුරුදු කරමින් V.A. ස්මිත් මහතා ඉදිරිපත් කරන සාධක පහක්.




1901 වර්ෂයේදී එළි දැක්වූ ~~A Report on A Tour of Exploration of the Antiquities in the Tarai Nepal The region of Kapilawastu~~  නම් වාර්තාවේ පෙරවදන ඉදිරිපත් කරන,

(Anton Fuhrer මහතා ගේ වංචා එළිදරව් කරමින් විමර්ශනය සිදු කළ) V.A. ස්මිත් මහතා ලුම්බිණිය පිළිබඳව වැදගත් කරුණු පහක් සඳහන් කරමින් ලුම්බිණිය තහවුරු කිරීමට එම කරුණු ප්‍රමාණවත් බව සඳහන් කර ඇත.


ඒම කරුණු පහ එම වාර්තාවේ සඳහන් පරිදි මෙසේයි.


◾  සංස්කෘත බසින් මැද හෝ මුල ඇති ර අක්ෂරය ල අක්ෂරයෙන් සෑම විටම ප්‍රතිස්ථාපනය වන බැවින් සෙල් ලිපියේ මාගධි බසින් ඇති ලුම්මිනි මෙන්ම ලුම්බිණි යන්න රුම්මිනි යන්නට ප්‍රායෝගිකව සමාන වීම.


◾ හියුං සැන් වාර්තාවල සඳහන් ලුම්බිණි උයන අසලින් ගිණිකොණ දෙසට ගලා බසින තෙල් නදිය අදත් ඒ නමින් තිබීම ( tel = oil).


◾  පියවර 20 ක් ( ෆාහියන්) හා පියවර 25 ක් (හියුං සැන්) සිදුහත් කුමරු ඉපදුන ස්ථානයේ තිබූ වෘක්ෂයට, දකුණින් ඇති ස්නානය කළ පොකුණ, අද ඇති උපන් ස්ථානය සලකුණු කරන පිළිරූ සහිත කුඩා සිද්ධස්ථානය ට පියවර 25 ක් පමණ උතුරින් ඔවුන් විස්තර කළ ආකාරයට පැහැදිලි ජලය සහිතව අදත් තිබීම.


◾ හියුං සැන් හිමියන් විස්තර කළ, බෝසතුන් වහන්සේ දෙවියන් විසින් පිළිගත් ස්ථානය සලකුණු කළ කුඩා ස්ථුපය අසල ඇති අකුණක් මගින් ඉහළ කොටස විනාශ වි ගිය අශෝක රජු විසින් කරවූ අශෝක ස්ථම්භය. හියුං සැන් හිමියන් වඩින කාලයේ අශ්ව හිස සහිත මුදුන් කොටස බිම වැටී තිබී ඇත. 

ඉදිකළ ස්ථානයේ ම තිබූ කුළුණේ ඉතා මැනවින් සුරක්ෂිතව ඇති අශෝක සෙල් ලිපිය හා එහි බුදු රදුන් උපත ලද ස්ථානය බව සඳහන් වී තිබීම. 

කුළුණේ පාදම වටා දක්නට ඇති ගඩොල් වලින් කළ වැට පසුකාලීනව ඉදි කරන්නට ඇති අතර ක්‍රිව හත්වන සියවසේ පමණ හරහා වැටෙන්නට ඇති කුළුණ ක්‍රිව 11 හෝ 12 සියවස් වල රජකළ පාල රජවරුන් නැවත ප්‍රතිස්ථාපනය කරන්නට ඉඩකඩ ඇත.


◾  සිදුහත් කුමරුන්ගේ උත්පත්තිය සිදුවූ වෘක්ෂය තිබූ ස්ථානයේ ඒය සංකේතවත් කරන පිළිරූ තිබීම.


මේ කරුණු පහ නිසා ලුම්බිණිය කිසිදු සැකයකින් තොරව ස්ථිරවම සනාථ වී ඇත. 


V. A. ස්මිත් මහතා සිය සඳහන මගින් මෙසේ ඉතාම පැහැදිලිව සටහන් කර ඇති බැවින්,  Anton Fuhrer ගේ සේවය අත්හිටුවීම සහ ඔහුගේ දෝෂ සහිත වාර්තාවක් ඉවත් කළ සිදුවීම ලුම්බිණිය හෝ එහි ඇති ටැම් ලිපියට කිසිසේත්ම අදාල නොවන බව යළිත් වරක් තහවුරු වෙයි.


එබැවින් ඉතිහාසයේ සිදු වී නොමැති කරුණු සිදුවූ බවට ව්‍යාජ ප්‍රචාර කරමින් බුදු රදුන් ඉපදුණු ස්ථානය බවට මැනවින් තහවුරු වූ ලුම්බිණිය ගැන අසත්‍ය භීතිකාවක් සමාජ ගත කරන බුදු හාමුදුරුවන් ලංකාවේ බව පවසන ජන්බූ සංගමයේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි ගැටලුවක් බෞද්ධ අපහට මතුවෙයි...


කුමක්ද මෙ අසත්‍ය ප්‍රචාර වල යටි අරමුණු????

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?