ලෝක ගෝලයේ විකෘතිය

 

ලෝක ගෝලය ඇසුරින් පෙන්වන මධ්‍ය ලක්ෂ්‍ය මිථ්‍යාව

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 31


බුදු රදුන් ලංකාවේ බවට නොයෙක් විකෘති සාධක ඉදිරිපත් කරන පිරිස ලෝක ගෝලයේ රූපයක් ඉදිරිපත් කර ඒ පිළිබඳ විකෘති අදහස් කිහිපයක් ඉදිරිපත් කරයි.




එනම්


1.) මේ සිතියම පෙන්වන්නේ ලෝක ගෝලයෙන් ජලය ඉවත් කළහොත් එහි හැඩය බව( එනම් ජලය නැත්නම් පෘථිවිය ගෝලාකාර නොවන බව)


2.) පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය ලෝකයේ අනිත් ස්ථාන වලට වඩා ලංකාවට ආසන්න බව


3.) ඒ අනුව ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය ලංකාවේ බවත් ( ඇතැමුන් එය නාලන්දා ගෙඩිගෙය ඇති ස්ථානය බවට තවත් ඉදිරියට යයි)


4.) ලෝකයේ මධ්‍ය හෙවත් බුදු වරු පහළ වන මධ්‍ය මණ්ඩලය මෙය බව නාසා ආයතනය වාර්තාවක් නිකුත් කර ඇති බව.


බුදු රදුන් ලංකාවේ බව පවසන මේ පිරිස ඉදිරිපත් කළ අනිකුත් සාධක සේම මෙය ද විකෘතියක් වන අතරම බෞද්ධයන් නොමග යැවීම පිණිස ඉදිරිපත් කරන මේ සිතියම ඔවුන්ට ද නොවැටහෙන බවක් පැහැදිලිවම පෙනී යයි.


මොවුන් පෙන්වන මේ ඡායාරූපයේ ඇත්තේ පෘථිවි ගෝලයේ "Geoid" නමින් හදුන්වන ආකෘතියක කොටසකි.




කුමක්ද මේ Geoid නම් ආකෘතිය?


මෙම සංකල්පය ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයකු වන කාල් ෆෙඩ්රික් ගවුස් ( 1777- 1855) විසින් මුලින්ම විස්තර කර ඇත.


ලෝක ගෝලය පිළිබඳ ගණිතමය ආකෘතියක් ලෙස මෙය හඳුන්වයි.


Geoid 

~~the shape that the ocean surface would take under the influence of the gravity and rotation of Earth alone, if other influences such as winds and tides were absent.~~


එනම්

~ ගුරත්වය සහ පෘථිවියේ කරකැවීම අනුව පමණක් (අනිකුත් සාධක වන සුලං සහ උදම් නොසලකා) සැලකූ විට සමුද්‍රයේ මතුපිට හැඩය~


එසේම භෞතික විද්‍යාඥ ගවුස් මහතා විස්තර කළ ආකාරය


~~it is the "mathematical figure of the Earth", a smooth but irregular surface whose shape results from the uneven distribution of mass within and on the surface of Earth.~~


~~පෘථිවිය තුළ හා මතුපිට  ස්කන්ධයේ අසමමිතික විසිරීම අනුව සකස් කළ සුමට, නමුත් අක්‍රමවත් පෘෂ්ඨයක් ඇති ගණිතමය ආකෘතිය~~


එනම් මෙය සම්පූර්ණ ගණිතමය ආකෘතියක් පමණක් වන බවයි.

එසේම මෙම සංකල්පය අනුව පෘථිවියේ ආකෘතියක් ගොඩනගා ගත හැකි වූයේ 21 වන ශතවර්ෂයේ ගුවන් ගත කළ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ GOCE හා නාසා ආයතනයේ GRACE චන්ද්‍රිකා වැඩසටහන් අනුව බවයි.


මෙහිදී ගණිතමය වශයෙන් නිර්මාණය කළ පෘතුවියේ හැඩයට සමාන Referrence Elipsoid ( සමකය අසලින් මදක් එළියට නෙරා ගිය ගෝලයක් වැනි) ආකෘතියක් භාවිතා කර, එයට සාපේක්ෂව පෘථිවියේ ඝනත්වය වෙනස් වීම අනුව ගුරුත්වය අඩු වැඩිවීම සලකුණු කර ඇත.



Referrance elipsoid එකට සාපේක්ෂව ගුරුත්වය වැඩි ස්ථාන රතු පැහැය දෙසටත් අඩු ස්ථාන නිල් පැහැය දෙසට ත් සලකුණු කර ඇත.




එසේම මෙම ගණිතමය Geoid ආකෘතියේ මතුපිට සෑම ස්ථානයකම ගුරුත්ව බලය සහ කෙන්ද්‍රෝපසාරි බලය සමාන වන අතර සෑම ස්ථානයකම Geoid පෘෂ්ඨයට ලම්බක ලෙස ගුරුත්ව බලය ක්‍රියාත්මක වෙයි.


එසේම පෘථිවිය තුළ සහ මතුපිට ස්කන්ධය අතිරික්තයක් ~positive gravity anomaly (mass excess)~ ඇති ස්ථාන වල referrence elipsoid එකෙන් එලියට නෙරා ඇති අතර ස්කන්ධය හිඟයක් ~negative gravity anomaly (mass deficit)~ ඇති ස්ථාන ඇතුළට නෙරා ඇත.


පෘථිවි පෘෂ්ඨයෙන් මේ Geoid ආකෘතිය වෙනස් වන එක් ආකාරයක් නම් සැබෑ පෘථිවි පෘෂ්ඨයේ ඇති අතිවිශාල විචලනයන් මෙහි නොමැති වීමයි.

එනම් ඒවරස්ට් කන්ද මිටර් 8848ක් උස වන අතර මරියානා අගාධයේ ගැඹුර මීටර් 11034 ක් වන අතර ලෝකයේ සැබෑ පෘෂ්ඨයේ උසම හා ගැඹුරුම ස්ථාන අතර වෙනස 19882m ලෙස සටහන් වෙයි.

නමුත් මේ Geoid ආකෘතියේ වැඩිම (ඉන්දුනීසියාව +86m) සහ අඩුම (ඉන්දියන් සාගරය ලංකාවට දකුණින් -106m) ස්ථාන අතර වෙනස 200m පමණ වෙයි.





එසේම ඉන්දියන් සාගරයේ ලංකාව, මාලදිවයින් සහ ඉන්දියාවේ ද කොටසක් ඇතුළුව ඇති ඉන්දීය සාගර අඩු ගුරුත්ව කලාපයේ (Indian ocean geoid low) පහත්ම ස්ථානය ලංකාව නොවන අතරම ලෝකයේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය ද ලංකාව නොවෙයි.




ඒ පිළිබඳ ලිපිය සහ වීඩියෝව 


https://vikurthiyataerehiwa.blogspot.com/2020/06/blog-post.html?m=1


https://youtu.be/iSRGq3HzxuU


මෙම කරුණු අනුව ලිපිය ආරම්භයේදී ඉදිරිපත් කළ කරුණු හතර සලකා බලමු.


1.) මෙම පිරිස පෙන්වන geoid ආකෘතිය මුහුදු ජලය ඉවත් කළ පෘථිවි පෘෂ්ඨයේ හැඩය නොවන බවත් එය ගණිතමය ආකෘතියක් පමණක් බවත් තහවුරු වෙයි. එසේම අප ඉදිරිපත් කර ඇති මුහුදු ජලය ඉවත් කළ පසු පෘථිවියේ නියම ආකාරය පෙන්වන ඡායාරූපය අනුව එහි ගෝලාකාර හැඩය නොවෙනස්ව පවතින ආකාරය දැක බලාගත හැක.




2.) හා 3.) කිසිදු පදනමක් නොමැති හිතළු මිස සත්‍ය නොවෙයි.


4.) නාසා ආයතනය නිකුත් කළ ලෝකයේ අඩුම ගුරුත්වය ලංකාවේ බව පවසන කිසිදු වාර්තාවක් නොමැත.


අවසානයේ කිවයුත්තේ මෙම geoid නැමති ගණිතමය ආකෘතිය තේරුම් ගැනීමට අපහසු පිරිසක් එයට විකෘති අර්ථකථන දෙමින් බෞද්ධයන් නොමග යවන බවයි.


එසේම තමන් රහත් යැයි පවසන සමාපත්තියෙන් ඉතිහාසය පෙන්වන අය ද මෙම ආකෘතිය තේරුම් ගත නොහි සුරංගනා කථා පවසන බවයි.




Comments

  1. ලංකාවේ බුදුරජානන්වහන්සේ හොයන්න දඟලන සියලු දෙනාටම පුරාවිද්‍යා කොමසාරිස් තුමාගෙ පිළිතුර :: https://www.youtube.com/watch?v=-rPY6WyjoYU ....

    ReplyDelete
  2. මුල් රූපෙ තියෙන geoid එකට වතුර පිරෙව්වම ලංකාව වතුරෙන් වැහෙන්න එපැයි. සාමාන්‍ය බුද්ධියක් තියෙනවනම් තේරෙනවනෙ ඒක.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?