හිරිවඩුන්නේ ව්‍යාජ සිතුවම

 බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 27


බුදු රදුන් ලංකාවට ගෙන ඒමට කිසිදු සත්‍ය මූලාශ්‍ර සාධකයක් නොමැති බැවින් මේ පිරිස ගෙන එන තවත් අසත්‍ය විකෘතියක් පෙන්වීම මේ ලිපියේ අරමුණයි.


බුදු රදුන් ලංකාවේ යන ව්‍යාජ මතය පතුරවන එක් භික්ෂූන්වහන්සේ නමක් පැරණි පොතක ඇති බෝධියක සිතුවමක් ඉදිරිපත් කර පහත මතයන් ප්‍රකාශ කරයි.




1. මේ සිතුවම හිරිවඩුන්න බෝධියයි.

2. එය සිතුවමට නගා ඇත්තේ වන්දනාමානයට ලක් වන ප්‍රසිද්ධ බෝධියක් වන බැවිණි.




ගෝලයන්ගේ මතය.


3. අනුරාජපුර සහ අනුරාධපුර යනු එකක් නොව දෙකකි.


උන්වහන්සේ ඉදිරිපත් කරන මේ සිතුවම 1881 වර්ෂයේ අයිරිෂ් ජාතික Rev W. Urwik විසින් රචිත Pictures of India නම් ග්‍රන්ථයේ 32 වන පිටුවේ ඇත. 




එහි යටින් ඇති සඳහන 

Sacred Bo tree, Anurajapura. 2100 years old.


මේ සිතුවම හිරිවඩුන්න ද??


එම සිතුවම යටින් ඇති සඳහන් වන ආකාරයට මෙය අනුරාජපුර ( මේ අනුරාධපුරය හදුන්වා ඇති අයුරුයි) පිහිටි පූජනීය බෝධි වෘක්ෂය යි.

එසේම එය වසර 2100 පැරණිය.


එසේ නම් මෙය බුදු රදුන්ට පසු කාලීන එකක් බව එනම් වසර 300 පමණ පසු එකක් බව පැහැදිලිවම එහි හැඳින්වීමේ සටහන මගින් පෙනී යයි.


මේ හිරිවඩුන්න බෝධිය නම් සහ බුදු රදුන් එම බෝධිය යට බුද්ධත්වයට පත් වූයේ නම් බුදු රදුන් උන්වහන්සේ ගේ කාලයට වසර 300 පමණ පසු ඇතිවූ බෝධියක් යට බුද්ධත්වය ලැබුවේ කෙසේද යන පැනය මතුවේ.


එසේම මෙම ග්‍රන්ථයේ ඊළඟ පිටුවේ මෙම කරුණ පැහැදිලි කරන අතර 


~ The first Bo tree in Ceylon is said to have been sent by Ashoka, king of Magadha, a branch from the parent tree at Uruwela, BC 245, and to have been planted at the old capital Anurajapura. ~


එනම් ලංකාවේ මුල්ම බෝ ගස මගධයේ අශෝක රජු විසින් ලංකාවට ඒවූ මගධයේ උරුවෙල ජනපදයේ පිහිටි මහා බෝධියේ ශාඛාව, ලංකාවේ අගනුවර වූ අනුරාධපුරයේ සිටවූ ශ්‍රී මහා බෝධිය බවයි.



එබැවින් මෙම සිතුවමේ ඇත්තේ අනුරාධපුරයේ පිහිටි ශ්‍රි මහා බෝධියේ දක්ෂිණ ශාඛාව බව කිසිදු සැකයකින් තොරව මනාව පැහැදිලිය.


එසේම මේ භික්ෂූන්වහන්සේ ගේ මතය ප්‍රචාරය කරන ගෝල පිරිස ගෙන එන අනුරාජපුර යනු අනුරාධපුර නොවන බවට පිළිතුරක් මෙම ග්‍රන්ථයේ ඊළඟ පිටුවේ පැහැදිලිව සඳහන් කර ඇත.


එනම් අනුරාජපුර සහ පොළොන්නරුව යනු අතීත ලංකාවේ අගනගර වන බවයි.




මේ වැනි සත්‍ය කරුණු සඟවා කොලේ වසා ගැසිමෙන් බෞද්ධයන් නොමග යවන්නේ ඇයි???


අනිත් කරුණ නම් භික්ෂුවක් මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම සුදුසු ද???


එය බුදු දහමට අනුකූල ද??


බුද්ධියෙන් විමසා බලන්න.. 


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?