කෝන්ගල සෙල් ලිපිය ඇසුරින් කරන විකෘතිය

 කෝන්ගල සෙල් ලිපියේ සත්‍යය.


බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව අංක 26


බුදු රදුන් ලංකාවේ බව පැවසීමට සාධක සාක්ෂි කිසිවක් නැති බැවින් එම මතය ප්‍රචාරය කරන පිරිස ඉතාම සූක්ෂම ලෙස පුරාවිද්‍යාත්මක සහ ලිඛිත සාක්ෂි විකෘති කරමින් මෙම ව්‍යාජ මතයට සුජාත භාවයක් පෙන්වීමට උත්සාහ ගනිමින් සිටියි.


මෙම ලිපියේ අරමුණ මොවුන්ගේ තවත් එක් සූක්ෂම විකෘතියක සත්‍ය තත්වය පෙන්වා දීමයි.


මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ Incsription of ceylon කෘතියේ 538 වන සෙල් ලිපිය ගැන ඇති කරුණු සූක්ෂම ලෙස සඟවමින් විකෘති කරමින් මේ පිරිස

 

1.) ලිච්චවීවරුන් ගේ දේශය ලංකාවේ කුමන ප්‍රදේශයේ බවත්


2). මේ සෙල් ලිපිය ඊට සාධකයක් ලෙසත් 

ඉදිරිපත් කරයි.





මේ අදහස රැගෙන එන පිරිස ඒ සඳහා මූලාශ්‍රය ලෙස කිසිදු හිරිකිතයක් නොමැතිව සෙනරත් පරණවිතාන මහතාගේ පොතේ ඇති කරුණු උපුටා දක්වයි.




නමුත් ඒ සූක්ෂම ආකාරයට කරුණු වසන් කර ඉදිරිපත් කරමින් පොතේ සහ සෙල් ලිපියේ නොකියවෙන විකෘතියක් ඇති කරමිනුයි.


දැන් අප ඒ පිළිබඳව විග්‍රහ කර බලමු.


අංක 538 සෙල් ලිපියේ පෙළ.

( Inscription of ceylon කෘතියේ ඇති ආකාරයට)


(1) Uti-nagariyana ata-kulaha lene sagasa 

(2) Culaha

 

තේරුම

~The cave of the attahkulika of the citizens of Utinagara, [is given] to the Sangha of Cula~





සරල සිංහල තේරුම නම් උතිනගර හි අටකුලකයන්ගේ ගුහාව සංඝයාට පූජා කරන ලදී යන්නයි.


මෙහි මේ පිරිස විකෘති කර හුවාදක්වන කොටස නම් මේ ata-kulaha යන වචනයේ තේරුම යි.


මෙම සෙල් ලිපියේ මෙම වචනයේ තේරුම පිණිස මේ පිරිස කෘතියේ ගැටපද විවරණය (Glossary) වෙත කෙලින්ම පිවිසෙයි.


එහි සඳහන මෙසේ ඇත.


ata-kulaha, gen. sin. of ata-kula [Skt. asta-kula, eight families or P. attha-kula,  var. atta-kula, the name of a judicial committee among the Lichchavis], eight families or an institution corresponding to the atta or attha-kulikas

[ See P.T.S. Pali Dictionary, s.v. and Introduction, p.c.], 538




ඉහත සෙල් ලිපිය අර්ථ දක්වන මේ පිරිස මෙම ගැටපද විවරණයේ එකම එක කොටසක් හෙවත් ~ සංස්කෘත  අෂ්ඨ කුල - තේරුම පවුල් අට සහ පාළි අට්ඨ කුල හෝ අට්ට - කුල තේරුම - ලිච්ඡවි වරුන්ගේ අධිකරණ කමිටුව~  ලෙස වරහන් තුළ පාළි බසින් දෙන අර්ථය වන ~ලිච්ඡවි වරුන්ගේ අධිකරණ කමිටුවේ නම~ යන්න පමණක් උපුටා දක්වයි.


එසේ දක්වා මේ සෙල් ලිපිය ලිච්ඡවි වරුන්ගේ attakula සඳහන් එකක් බවත් එහෙයින් ලිච්ඡවි දේශය ලංකාවේ බවත් ප්‍රකාශ කරයි.


නමුත් වරහනට පිටතින් පැහැදිලිව ඇති පවුල් අටක් යන්න සහ ඉහත දක්වන ලිච්ඡවි වරුන්ගේ අධිකරණ කමිටුවට සමාන ආයතනයක් යන්න නොදුටුවා සේ කටයුතු කරයි.


මෙහිදී කිව යුතු කරුණ නම් ඉහත ata-kulaha යන වචනයට සමාන පාලි සහ සංස්කෘත වචන වල අර්ථයන් (පවුල් අටක් සහ ලිච්ඡවි වරුන්ගේ අධිකරණ කමිටුව) වරහන් තුල පැහැදිලි කර දක්වා ඇත්තේ වරහනට පිටතින් යෙදෙන එහි අර්ථයට එනම් ~ පවුල් අටක් හෝ ලිච්ඡවි වරුන්ගේ කමිටුවට සමාන වන කමිටුවක්~ යන අර්ථය වඩාත් පැහැදිලි වනු පිණිස වන බවයි.


ගැටපද විවරණයේ එලෙස සඳහන් කිරීම සාමාන්‍ය ක්‍රමයයි.


එනම් මේ සෙල් ලිපිය ලිච්ඡවි වරුන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව මනාව පෙනී යයි.


ඒ බව, එනම් මේ සෙල් ලිපිය ලිච්ඡවි වරුනට කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු වන තවත් කරුණක් මේ පිරිස සූක්ෂම ලෙස කිසිදු සඳහනක් නොකර සඟවා ඇත.


මේ සෙල් ලිපියේ පෙළ සහ තේරුම සඳහන් වන තැන atta-kulika වචනයට අංක 7 යටතේ පාදක සටහනක් දක්වා ඇත. 

එනම්

~For this term, see introduction, p. ci~

ලෙසයි.


එනම් මෙම වචනය මේ සෙල් ලිපියට අදාලව පරණවිතාන මහතා සිය දීර්ඝ හැඳින්වීමේ විස්තර කර ඇති බවයි.


දැන් අපි එහි ඇත්තේ කුමක්ද බලමු.


 ~Ata-kulaha in No. 538, may denote eight families or an institution like the Attha-kulikas of the Licchavis, who performed judicial functions.~




එනම් මෙහිදී පරණවිතාන මහතා පැහැදිලිව මෙම සෙල් ලිපියේ වචනයේ අර්ථය // පවුල් අටක්// යන්න හෝ// ලිච්ඡවි වරුන්ගේ atthakulika ආයතනය වැනි ආයතනයක් යන්න// ලෙස පැහැදිලිව දක්වා ඇත.


එබැවින් මොවුන්ගේ මෙම තර්කය, කෝන්ගල සෙල් ලිපිය සහ පරණවිතාන මහතාගේ Inscription of Ceylon කෘතිය පෙන්වමින් එහි ඇති කරුණු සූක්ෂම ලෙස විකෘති කරමින් හා සඟවමින් ඉන්දියාවේ ලිච්ඡවි වරුන් ලංකාවේ ලෙස පෙන්වීමට ගත් කූඨ උත්සාහයක් බව පැහැදිලිය.


බුදු රදුන් ලංකාවේ බව පෙන්වන සාක්ෂි සාධක සියල්ලම, මෙවැනිම, අප විසින් මෙතෙක් පෙන්වා දුන් ආකාරයට, සත්‍ය සාධක සාක්ෂි ඉතා සූක්ෂම ලෙස විකෘති කරමින් සහ සඟවමින් පෙන්වන මිථ්‍යා රැවටිල්ල ක් බව නිසැකය.


මෙවැනි බොරුවක් සූක්ෂම ලෙස ඉදිරිපත් කරමින් මේ පිරිස සිදු කරන්නේ බුදු දහම සහ අපේ ඉතිහාසය විනාශ කිරීම බව දැන් මැනවින් පැහැදිලිය.


මේ බව සිංහල බෞද්ධ බහුතරය තේරුම් ගන්නා තුරු මේ විකෘතිය නතර නොවන බැවින් මේ විකෘතියේ සත්‍ය ස්වාභාවය වටහා ගැනීම බෞද්ධ සැමගේ යුතුකමයි. 


තෙරුවන් සරණයි.


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?