චත්තාරි මානි ඨානානි මිථ්‍යාව

චත්තාරි මානි ඨානානි මිථ්‍යාව... බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිථ්‍යාව අංක - 29 බුදු රදුන් ඉපදුන, බුදු බව ලද, ප්‍රථම ධර්ම දේශනය කළ සහ පිරිනිවන් පෑ යන ස්ථාන හතර සමදුරින් එක රේඛාවක පිහිටිය යුතු බවට ප්‍රකාශ කරන මේ පිරිස ඒ බව පෙන්වීමට විකෘති කළ සිතියම් සහ සත්‍ය වසන් කර දේශාංශ අගයන් භාවිතා කර ඇත. ලංකාවේ සිතියම් විකෘති වෙනස් කර ඔවුන් බුදු රදුන්ට අදාල යැයි පවසන එම ස්ථාන හතර වෙනත් තැන් වලට ඇදගෙන විත් ඒක රේඛාවක පෙන්වීමට අසාර්ථක උත්සාහයක් දරා ඇත. සිතියම් විකෘති කර එම ස්ථාන හතර ව්‍යාජ ලෙස ඒක රේඛාවක පෙන්වා ඇති ආකාරය පහත පෝස්ට් එකේ පෙන්වා ඇත. https://m.facebook.com/groups/311232793326531/permalink/315998249516652/ දැන් ඔවුන් මෙම ස්ථාන හතරේ දේශාංශ අගයන් පමණක් ඉදිරිපත් කර එම ස්ථාන ඒක රේඛාවක ඇති බව පෙන්වා ඇත. මේ පිරිස නොකියා කියන්නේ මේ ස්ථාන නැගෙනහිර දේශාංශ 80 මත පිහිටි බැවින් ඒක රේඛාවක ඇති බවයි. එය සත්‍ය ද?? නැගෙනහිර දේශාංශ 80 ලෙස අගයන් දුන් තරමින් ඒක රේඛාවක පිහිටයි ද? විග්‍රහ කර බලමු. දේශාංශ යනු උත්තර ධ්‍රැවය සහ දක්ෂිණ ධ්‍රැවය යා කරමින් ඇඳි මනකල්පිත රේඛා සමූහයකි. ග්‍රිනිච් නගරය හරහා යන රේ...