ජම්බුද්වීපය සහ ලංකාද්වීපය පූජාවලිය ඇසුරින්.

 බුදු රජාණන් වහන්සේ ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. 

අංක - 21


ජම්බුද්වීපය සහ ලංකාද්වීපය පූජාවලිය ඇසුරින්.


බුදු රජාණන් වහන්සේ ලංකාවේ යැයි ප්‍රකාශ කරන පිරිස් ජම්බුද්වීපය හා ලංකාද්වීපය මේ නූතන ලංකාවේ අතීතයේ පැවැති කොටස් දෙකක් බව පුන පූනා ප්‍රකාශ කරමින් සාවද්‍ය මතයක් තහවුරු කිරීමට උත්සාහ දරයි.


එසේම එම පිරීසේම ඇතැම් කොටස් තවත් අන්තයට ගොස් සතර මහාද්වීපය ම මේ ලංකාවේ කොටස් බව පෙන්වීමට උත්සාහ කරයි.


මේ කරුණු පූජාවලිය ඇසුරින් හා සරල ගණිතය ඇසුරින් සලකා බලමු.


පූජාවලිය අනුව සතර මහද්වීප සහ ලංකාද්වීපය පහත පරිදි වෙයි.


1. ලංකාද්වීපය - සියක් යොදුන්

     ( පූජා සංග්‍රහ කථා)



2. ජම්බුද්වීපය - දස දහස් යොදුන්

     (සාධු නාද පූජා කථා)

3. අපර ගොයාන ද්වීපය - සත් දහසක් යොදුන්  (සාධු නාද පූජා කථා)

4. පූර්ව විදේහ ද්වීපය - සත් දහසක් යොදුන් (සාධු නාද පූජා කථා)

5. උතුරු කුරු ද්වීපය - අට දහසක් යොදුන් ( සාධු නාද පූජා කථා)




මේ ප්‍රමාණ ගැන සැලකිල්ලට ගෙන බලමු.


යොදුන පිළිබඳව හා එහි අගය පිළිබඳව නිශ්චිත අදහසක් නැති බැවින් එය ඒකකයක් ලෙස පමණක් යොදා ගෙන සලකා බැලුවහොත් ජම්බුද්වීපය ( දසදහසක් යොදුන්), ලංකාද්වීපය ( සියක් යොදුන්) මෙන් සිය ගුණයකින් විශාල බව පැහැදිලිය.


එනම් ලංකාද්වීපය ඒක කොටසක් නම් ජම්බුද්වීපය එමෙන් කොටස් 100 කී.

එනම් වර්තමාන ලංකාවේ වර්ග කිලෝමිටර් ප්‍රමාණය සලකා බැලීමේදී එයින් සියයෙන් එකක් ලංකාද්වීපය වන අතර ඉතිරි කොටස් අනු නමය ජම්බුද්වීපය වෙයි.


එනම්

ලංකාද්වීපය - වර්ග කිලෝමීටර 656 කී.

ජම්බුද්වීපය - වර්ග කිලෝමීටර 64953 කී.


මේ බුදු රජාණන් වහන්සේ ලංකාවේ කියන පිරිස ගේ විහිළු මතය හරි නම් පූජාවලිය අනුව ලංකාද්වීපය වර්ග කිලෝමීටර් 656 තරම් ඉතා කුඩා කොටසකට සීමා වෙයි.


එනම් මොවුන් ඉදිරිපත් කරන සිතියම් ද සම්පූර්ණ බොරුවක් බවට පත් වෙයි.




මීට වඩා විශාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වර්තමාන ලංකාවේ පිහිටා ඇති බව සැලකීමේදී මෙය කොතරම් විහිළුවක් ද යන බව පෙනී යයි.


එසේම මෙය සතර මහාද්වීපය ම ලංකාවේ පිහිටා ඇති බව පවසන පිරිසේ අදහස අනුව ගතහොත් පහත පරිදි වෙයි.


අපර ගොයානය - ව.කීමි 14308

පූර්ව විදේහය - ව.කීමි 14308

උතුරු කුරු ද්වීපය - ව.කීමි 16351

ජම්බුද්වීපය - ව.කීමි 20439 

ලංකාද්වීපය - ව.කීමි 204


එනම් ලංකාද්වීපය ග්‍රාම සේවා නිලධාරී වසම ක් තරම් කුඩා වෙයි.


එසේම ජම්බුද්වීපය තුළ තිබිය යුතු සොළොස් මහා ජනපද සහ අනෙකුත් රාජධානි ප්‍රදේශීය සභා වලට වඩා කුඩා වෙයි..


 මෙය කෙතරම් විහිළුවක් ද?? 

මේ වැනි අතාර්කික විහිළුවක් සමාජ ගත කරන මේ පිරිස කුමන බලවේගයක අතකොලු ද?


මේ මතවාද හරහා බුදු රජාණන් වහන්සේ මේ දිවයිනේ ඉතා කුඩා කොටසකට සීමා කර ඉන් පිටත මහාද්වීපය පුරා පැතිරුණු බෞද්ධ ශිෂ්ටාචාරය හා පුරාවස්තු ජෛන හා හින්දු ආගම් වලට පවා දීමට මේ බලවේග උත්සාහ දරන්නේ ඇයි??

 

එමෙන්ම මේ බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කොට බුදු දහම විනාශ කරන මිථ්‍යා මතවාද පසුපස අන්ධ භක්තියෙන් දිවයන පිරිස දැන්වත් සත්‍ය තේරුම් ගත යුතු නොවේද...

මනෝජ් කුමාර 


Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?