මිථ්‍යා මත හතරකට පිළිතුරු

 බුදු රදුන් ලංකාවේ බව තහවුරු කිරීමට ඉදිරිපත් කරන සාක්ෂි වල මිත්‍යාව.. අංක - 07



මෙහි ශ්‍රී ලංකාවේ අතීත ඉතිහාසය නැමැති පොතකින් ගත් පිටුවක් ඉදිරිපත් කරන අතර එහි නේරංජනා, නර්මදා, නිලවාහිනි සහ යමුනා නම් සඳහන් බව මොවුන් ප්‍රකාශකර බුදු රදුන් ලංකාවේ වැඩ සිටි බවට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරයි.




නමුත් මෙම පිටුවම කියවා බැලීමේදී මේම නම් මහා පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකළ පරාක්‍රම සමුද්‍රයේ ඉඳි කළ ඇල මාර්ග වලට භාරතයේ ගංගා වල නම් යොදා ඇති බව තේරුම් ගත හැකිය. 


මහා පරාක්‍රම බාහු රජු සිටි කාලයත් බුදු රදුන් සිටි කාලයත් පොඩි ළමුන් පාවා දන්නා කාරණයකි.

මහා පරාක්‍රම බාහු රජු ක්‍රිව 12 වන සියවසේ ඉදිකළ ඇල මාර්ග බලා බුදු රදුන් කළ ඉන්දියාවේ ගංගා නම් කර ඇතැයි පැවසීම කෙතරම් විහිළුවක් ද. පැහැදිලිවම බුදු රදුන් කළ ඉන්දියාවේ ගංඟා නාම අනුව පැරකුම්බා රජු සිය ඇල මාර්ග නම් කළ බව නොවැටහෙයි ද?.

බුදු රදුන් පිළිබඳ සැබෑ සාක්ෂි තිබේ නම් මොවුන් මෙවැනි රට්ටු හිනස්සන බොළඳ සාක්ෂි පෙන්වමින් ගෙනයන වැඩ පිළිවෙල කුමක්ද??


ලංකාවේ පිහිටි ඉන්දසාල නම් සඳහන් ගුහාව බුදු රදුන් වැඩ සිටි ගුහාව බවට පරණවිතාන මහතා ප්‍රකාශ කළ බව එතුමාගේ පොතේ කොටසක් උපුටා දක්වමින් මොවුන් සඳහන් කරති. 




මෙහි පරණවිතාන මහතා පවසන්නේ කුමක්ද? 

"Name of a cave in which the Budda once dwelt" යන්නයි. 

එහි තේරුම නම් බුදු රදුන් වරක් වැඩ සිටි ගුහාවක නමක් යන්නයි.

ඒ හැර එතුමා මේ ගුහාව බුදු රදුන් වැඩ සිටි ඉන්දසාල ගුහාව බව කිසිසේත් නොපවසයි.

එසේම එතුමා බුදු රදුන් ඉන්දියාවේ සිට ලංකාද්වීපය ට වැඩම කළ බවට සාක්ෂි නැතැයි පැවසූ කෙනෙකි.

එසේ පවසන එතුමා මේ ගුහාවේ බුදු රදුන් වැඩ සිටි බව පැවසීම කිසිසේත් නොකරයි.

මෙවැනි ව්‍යාජ සත්‍ය විකෘති කළ විහිළු හැර මොවුන්ට ඉදිරිපත් කිරීමට වෙනත් සාක්ෂි නැද්ද??


ඉංග්‍රීසි ජාතික හෙන්රි චාර්ල්ස් මහතා විසින් රචිත Ceylon and the Cingalese නැමැති පොතේ පිටුවක් උපුටා දක්වමින් එහි දඹදිව කොළඹට 57km නැගෙනහිර දිශාවේ ඇති බව සඳහන් කර ඇති බව කියති.




එතුමාගේ පොතේ එවැනි සටහනක් ඇති බව සත්‍යය. 


මේ කුමක්ද යන්න මදක් විමසා බලමු. මේ සටහන පිළිමතලාවේ අධිකාරම හා ඉංග්‍රීසි නිලධාරීන් අතර හමුවක් ගැන සඳහනක් වෙයි. 1803 මැයි මස තුන් වනදින දඹදිව රාජ මාළිගා පරිශ්‍රයේදී එම හමුව පැවැත් වූ බව සඳහන්ය. 

කුමක්ද මේ දඹදිව එතකොට?? 


මේ 1803 මැයි මස තුන් වනදින පැවැත් වූ හමුව ගැන තවත් ඉංග්‍රීසි නිලධාරියෙකු වන මේජර් ජොනතන් ෆෝර්බ්ස් මහතා Eleven years in Ceylon නැමැති කෘතියේද සඳහන් කර තිබේ. ඔහුගේ පොතේ මෙම හමුව දඹදෙණියදී සිදුවූ බව (පිටු අංක 26) සඳහන් කර තිබේ. 




ඉතින් මෙම කොළඹට නැගෙනහිරින් සැතපුම් 57 දුරින් පිහිටි දඹදිව ලෙස අක්ෂර වැරදීමකින් හෙන්රි මහතාගේ පොතේ සටහන් වී ඇත්තේ දඹදෙණිය බව පැහැදිලිවේ. 

එසේම මේ පොත් දෙකේම බුදු රදුන් ඉපදුන ස්ථානය නිවැරදි ලෙස උතුරු ඉන්දියාව බව පවසා ඇත.

ඉතින් බුදු රදුන් උපන් දඹදිව ලංකාව බව පෙන්වීමට මෙවැනි පොතක ඇති අකුරු වැරදීමක් භාවිතා කිරීමට තරම් මොවුන් පෙළඹී ඇත්තේ ඇත්තටම සත්‍ය සාක්ෂි නොමැති නිසා නේද...


Petrus Bertius මහතා විසින් 16 වන සියවසේ අදින ලද ලෝක සිතියම් අතරින් ලංකාව හා දකුණු ඉන්දියාව දක්වා ඇති සිතියමේ ලංකාව තුල Capelo ලෙස සඳහන් කර ඇති සඳහන කපිලවස්තු පුරය ලෙස හඳුන්වන මොවුන් එය බුදු රදුන් මෙරට සිටි බවට මහා සාක්ෂියක් කොට දක්වති.




නමුත් ඔවුන් නොපෙන්වන කරුණ නම් මේ සිතියමේ හලාවත( chilaw), මීගමුව ( Nigambo), කොළඹ ( Colombo) හා ගාල්ල (Galle) වැනි නූතන නගර එම නමින්ම සටහන් කර ඇති බවයි. 

එසේ නම් හලාවත, මීගමුව, කොළඹ ගාල්ල සමග තිබූ කපිලවස්තු නගරය කෝ??  

අවුරුදු 2500 සිටි සිංහල රජවරු, හෙළ බෞද්ධයන් නොදුටු බුදු රදුන් වාසය කළ කපිලවස්තු නුවර Petrus Bertius මහතා සොයා තම සිතියමේ ලකුණු කර ඇති බවද???? 

ඒ මහතා ලකුණු කළ වහාම මේ ලංකා භූමියෙන් සලකුණු නොතබාම අතුරුදහන් වී ඇති බවද මේ මොවුන් පවසන්නේ??

එසේම එතුමා විසින් වෙනම ඇඳ ඇති ලංකා සිතියමේ කිසිදු තැනක කපිල වස්තු නුවරක් ගැන සඳහනක් නැත.




එසේනම් මේ capelo යන සටහන කුමක් විය හැකිද?? Capelo යන වචනයේ අර්ථය සැලකීමේදී තුඩුව, අර්ධද්වීපය හා ගොඩබිම් ප්‍රදේශය යන අර්ථයෙන් ද භාවිතා කර ඇත. එසේම ඕලන්ද පරිපාලන ප්‍රදේශයක් හැඳින්වීමටද වරක් මෙම වචනය යොදාගෙන ඇත. එබැවින් ඒ වැනි අර්ථයක් ලෙස මෙම capelo යන වචනය Ceylon යන වචනය සමග යොදන්නට ඇති බව කිව හැක.


බුදු රදුන් ලංකාවේ බව ඔප්පු කිරීමට සැබෑ සාධක සාක්ෂි ඇත්නම් මෙවැනි විහිළු සාක්ෂි හුවාදක්වන්නේ ඇයි??? 

මෙවැනි විහිළු මගින් තහවුරු වන්නේ සත්‍ය සාක්ෂි නොමැති බවත් මෙවැනි විකෘති මඟින් බෞද්ධයන් මුලා කර ගොඩයෑම ඔවුන්ගේ අරමුණ බවත් නොවේද.....

බුද්ධියෙන් විමසා බලන්න ...

Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?