මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව

මධ්‍ය ලක්ෂයේ මිත්‍යාව.....

බුදු රදුන් ලංකාවේ බව හා බුදු වරුන් හා සක්විති රජවරුන් පහළ වන්නේ මේ ශ්‍රී ලංකාවේ බව පවසන අය උපුටා දක්වන්නේ NASA ආයතනය මගින් එළිදැක්වූ පෘථිවියේ ගුරුත්ව සිතියම කී.
එම සිතියම ඉතාම වැරදි ආකාරයට අර්ථකථනය කරමින් හිරිවඩුන්න පිහිටි බෝ ගසක් ලෝකයේ ගුරුත්වය අඩුම ස්ථානය හෙවත් මධ්‍ය ලක්ෂයේ පිහිටා ඇති බව පවසමින් එය බුදු රදුන් මෙරට සිටි බවට මහා සාක්ෂියක් කර දක්වති.

නමුත් එම සිතියම පරීක්ෂා කර බැලීමේදී ගුරුත්වය අඩු ප්‍රදේශ ඉතා විශාල ප්‍රමානයක් හඳුනා ගත හැකි අතර එසේනම් පෘථිවියට මධ්‍ය ලක්ෂය විශාල ප්‍රමාණයක් ඇත.

එබැවින් ඔවුනගේ තර්කය අනුව ඒ සෑම ස්ථානයක්ම බුදු වරුන් පහළ වීමට සුදුසු ස්ථාන වන්නේය.

එසේම ශ්‍රී ලංකාව අවට පිහිටි අඩු ගුරුත්ව කලාපයේ මධ්‍ය ලක්ෂය ශ්‍රී ලංකාවට නිරිත දිගින් මුහුදේ පිහිටා ඇත.
එමෙන්ම ගෝලයක මධ්‍ය ලක්ෂයක් ඇතැයි පැවැසීම කෙසේ පිළිගත හැකිද??
මෙවැනි බොරු මිත්‍යා මත මගින් බුදු රදුන් මෙරට සිටි බව තහවුරු කිරීමට යාමෙන් බිඳී යන්නේ බුදු දහම හා බුදු රදුන් පිළිබඳ සත්‍ය නොවේද.......
NASA ආයතනයේ එම වීඩියෝ ලින්ක් එක..
https://svs.gsfc.nasa.gov/11234






Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?