නේපාලයේ බුදු වරු පහළ නොවන්නේද? පූජාවලිය ඇසුරින්.

බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව. අංක 12

පූජාවලිය කොටසක් ඉදිරිපත් කරමින් එහි සඳහන් වන බුදු වරයන් පහළ නොවන දේශයන් වලට නේපාලය ද අයත් වන බව පවසා බුදු රදුන් උපත ලද ලුම්බිණිය නේපාලයේ තිබිය නොහැකි බව මොවුන් පූජාවලියේ එම කොටස සාක්ෂියක් ලෙස ඉදිරිපත් කරයි.




මේ පිළිබඳව සත්‍ය කුමක්ද යන්න මූලාශ්‍ර ඇසුරින් විමසා බලමු.

මුලින්ම නේපාල ඉතිහාසය මදක් සොයා බලමු. 

නේපාලය නමින් මේ දැන් හඳුන්වන රට බිහි වන්නේ 18 වන ශතවර්ෂයේ දී ප්‍රිත්වි නාරායන් ෂා රජු විසින් කැබලි තුනකට පැවති කුඩා රාජ්‍යයන් තුනක් හා තවත් ගෝත්‍රික කණ්ඩායම් එක්සේසත් කිරීමත් සමගයි.

ඊට පෙර නේපාලය නමින් හඳුන්වන කොටස වූයේ කත්මණ්ඩු මිටියාවතේ පිහිටි කුඩා රාජ්‍යයකි.
බුද්ධ කාලයේ පටන් මේ කත්මන්ඩූ මිටියාවතේ කුඩා රාජ්‍යයක් ලෙස නේපාලය පැවති ඇති අතර එහි රාජාවලිය පිළිබඳව ගෝපාල රාජවම්ශාවලි (Gopalarajavamsawali) නම් නේපාල වංශ කථාවේ සඳහන් වේ. 
එහි මුල්ම රජු ලෙස Yalambar රජු ( මහාභාරත කෘතියේද සඳහන් වෙයි) හැඳින්වෙයි.
එයින් පසු ඔහුගේ රාජවංශය මෙන්ම ලිච්චවි හා තවත් නේපාල රාජ වංශ කත්මන්ඩූ මිටියාවත පාලනය කරනු ලබයි. 
අනතුරුව ප්‍රිත්වී නාරායන් ෂා රජු යටතේ බිහිවන නේපාලය තම වටා පිහිටි ප්‍රදේශ අයත් කරගනිමින් වර්ධනය වූ අතර එය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම සමග ඇතිවූ යුද්ධය පරාද වීමත් සමග අවසන් විය. 
මෙහිදී කපිලවස්තු ඇතුළු ශාක්‍ය ජනපද අයත් බුට්වාල් ප්‍රදේශය හා තවත් ප්‍රදේශ ගණනාවක අයිතිය හා දේශසීමා ගැටළු මත මෙම යුද්ධය ආරම්භ විය.

එහිදී නේපාලය යුද්ධය පැරදී සිය නැගෙනහිර සහ බටහිර ප්‍රදේශ රාශියක් අහිමිවීමේන් පසු පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම සමග 1815 දී අත්සන් කළ සුගෞලි ගිවිසුම ( treaty of sugauli ) මගින් වර්තමාන නේපාලයේ දේශසීමාවන් නිර්ණය විය.



මීළඟට වෙනත් මූලාශ්‍ර වල බුදු රදින් උපත ලද ස්ථානය පිළිබඳව සලකා බලමු.

1. ත්‍රිපිටකය - ත්‍රිපිටකයේ විවිධ ස්ථාන වල බුදු රදුන් උපත ලද ශාක්‍ය ජනපදය, කිඹුල්වත් පුරය ගැන සඳහන් වුවද ඒ කිසිම තැනක ශාක්‍ය ජනපදය කිඹුල්වත් පුරය ගැන මිසක් නේපාලය ගැන කිසිඳු සඳහනක් නොකරයි.

2. ත්‍රිපිටකයේ මහපදාන සූත්‍රය, මහාසමය සූත්‍රය, පබ්බජ්ජා සූත්‍රය, දේවදහ සූත්‍රය වැනි සූත්‍ර වල ශාක්‍ය ජනපදය හා කෝසල රාජධානිය හා කිඹුල්වත් නුවර ගැන සඳහන් වන සූත්‍ර කිහිපයකි. නමුත් මේ කිසි තැනක මේ ශාක්‍ය ජනපදය හෝ කිඹුල්වත් නුවර නේපාලයේ බවක් සඳහන් නොවේ.






3. එසේම කෝසල රාජධානිය හිමාලය අසල පිහිටා ඇති බව මෙම සූත්‍ර වල පවසා තිබීමෙන් මේ ජනපද ලංකාවේ පිහිටා ඇති බවට ගෙන එන තර්කය ද පුස්සක් බවට පත් වේ.

4. එබැවින් ත්‍රිපිටකය අනුව බුදු රදුන් උපත ලද්දේ කෝසල රාජධානියට අයත් ශාක්‍ය ජනපදයේ බවත් එම අතීත කාලයේ කපිලවස්තු පුරය දෙව්දහ පුරය ඇතුළු ශාක්‍ය ජනපදය නේපාලය ට අයත් නොවන බවත් ත්‍රිපිටක දේශනා අනුව තහවුරු වෙන අතරම මේ ජනපද ඉන්දියාවේ හිමාලය අසල තිබු බව තහවුරු වෙයි.

5. මීළඟට අශෝක රජුගේ ලුම්බිණි ටැම් ලිපියේ සඳහන් ආකාරයට අශෝක රජු විසින් ලුම්බිණි ග්‍රාමය අයබදු වලින් අටෙන් එකක් දක්වා නිදහස් කර ඇති බැවින් මේ ප්‍රදේශය එකල මගධ රාජධානියට අයත් බව තහවුරු වෙයි. 

6. එසේම මේ ලුම්බිණිය වෙත කළ ගමනේදී අශෝක රජු ඉන් පසුව නේපාලය වෙත ගමන් කර ඇති බව ත් එහිදී රජුගේ දියණියක් වූ චාරුමති කුමරිය නේපාල කුමාරයෙකු හා විවාහ වූ බවත් සඳහන් වෙයි. 

5. එබැවින් අශෝක රාජ සමය වන විටත් ශාක්‍ය ජනපදය නේපාලය ට අයත් ප්‍රදේශයක් නොවන බව තහවුරු වෙයි.

6. මීළඟට ක්‍රී ව 1-2 සියවස් වල ආශ්වගෝෂයන් ලියූ බුද්ධ චරිත මහා කාව්‍යයේ කපිලවස්තු පුරය හා එහි අධිපති ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා බුදු රදුන් උපත ලද ලුම්බිණිය ගැන සඳහන් වන අතර මේ කිසිවක් නේපාලය ට අයත් බවක් හෝ නේපාලය ගැන කිසිඳු සඳහනක් එහි නොකරයි.



7. එබැවින් එම කාලය වන විටද කපිල වස්තු පුරය ඇතුළු ශාක්‍ය ජනපද පිහිටි ප්‍රදේශයන් නේපාලය ට අයත් නොවන බව පෙනීයයි.

8. අනතුරුව ක්‍රිව 4 වන සියවසේ ඉන්දියාව හරහා සංචාරය කළ ෆාහියන් හිමියන්ගේ වාර්තාවේ ද උන් වහන්සේ කපිලවස්තු පුරය ට ගිය ගමන හා ශාක්‍යයන් ගැන සඳහන් වුවද නේපාලය ගැන සඳහන් නොවන බැවින් මේ කාලය වන විටද ශාක්‍ය ජනපදය නේපාලය ට අයත් නොවන බව තහවුරු වන්නේය. 



9. එසේම ක්‍රිව 7 වන සියවසේ ඉන්දියාවේ සංචාරය කළ හියුං සැන් හිමියන්ගේ වාර්තාවේ ඊටත් වඩා කදිමට කපිලවස්තු නගරය හා ලුම්බිණිය ගැන විස්තර කරන අතර, කපිලවස්තු හා ලුම්බිණිය පසු කර නේපාලය ට වෙනම ගමන් කළ ආකාරය එහි පැහැදිලිව සඳහන් වී ඇත. 
එමෙන්ම ඒ වන විට නේපාලය වට ප්‍රමාණය ලි 4000 වන කඳු හා මිටියාවත් වල පිහිටි කුඩා රාජ්‍යයක් බව පැහැදිලිව සඳහන් කර ඇත. 
එබැවින් මේ කාලය වන විට ද නේපාලය කත්මණ්ඩු මිටියාවතේ පිහිටි කුඩා රාජ්‍යයක් බවත් කපිලවස්තු, ලුම්බිණි හා ශාක්‍ය ජනපද නේපාලය ට අයත් නොවන බවත් පැහැදිලිව තහවුරු වෙයි.



10. එබැවින් මේ කරුණු අනුව බුදු රදුන් ඉපදුන ශාක්‍ය ජනපදය අයත් ප්‍රදේශය නේපාලය යටතට පත්වන්නේ ප්‍රීත්වි නාරායන් ෂා රජු විසින් මේ ප්‍රදේශ එක්සේසත් කිරීමෙන් පසුව හා පෙරදිග ඉන්දියා සමාගම සමග සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව තහවුරු වන්නේය. 

11. එබැවින් 13 වන සියවසේ පූජාවලිය රචනා කරන විට කත්මණ්ඩු මිටියාවතේ කුඩා රාජ්‍යයක් ව පැවති නේපාලය ට බුදු රදුන් උපන් ශාක්‍ය ජනපදය අයත් නොවූ බව පැහැදිලිව තහවුරු වෙයි.

12. එබැවින් නේපාලයේ බුදු වරුන් පහළ නොවන බව පවසන කතාව පූජාවලිය ලියූ සමයේ කත්මණ්ඩු මිටියාවතේ තිබූ කුඩා රාජ්‍යයට මිස අද මේ පවතින ශාක්‍ය ජනපදය ද ඇතුළත් විශාල රාජ්‍යයට අදාළ නොවන බව පැහැදිලි විය යුතුය.

13. මෙසේ සත්‍ය ඉතිහාසය වසන් කරමින් නේපාලය බුදු වරුන් නූපදින රටක් බව පවසා නේපාලයේ ලුම්බිණියේ බුදු රදුන් ඉපදුන බව අසත්‍යක් බව හැඟවීමට මේ විකුර්තිකයන් පූජාවලිය වැනි පුරාණ ග්‍රන්ථ භාවිතා කරමින් ගෙනයන වැඩ පිළිවෙල හෙළ බෞද්ධයන් වෙනුවෙන් ද???

නුවනින් සිතන්නට යමක්...



Comments

  1. මෙහි සදහන් සියලුම වචන එක් පසකට පමනක් වාසි දායක ලෙස යොදා ඇත උදා, හිමවත- හිමාලය, නේපාලය කුඩා නගරයක් ලෙසගෙන ඇත, මෙහි නෙපලය චීනය ඇතුලු ස්තාන 42 ක් සදහන් වෙනවා,

    ReplyDelete
    Replies
    1. නේපාලය කුඩා නගරයක් බව පවසා ඇත්තේ කොහෙද???

      Delete
    2. Nepal කියන නම එන්නේ ඉතිහාසේ ඉඳලා.

      Delete
  2. එමෙන්ම ඒ වන විට නේපාලය වට ප්‍රමාණය ලි 4000 වන කඳු හා මිටියාවත් වල පිහිටි කුඩා රාජ්‍යයක් බව පැහැදිලිව සඳහන් කර ඇත.
    එබැවින් මේ කාලය වන විට ද නේපාලය කත්මණ්ඩු මිටියාවතේ පිහිටි කුඩා රාජ්‍යයක් බවත් කපිලවස්තු, ලුම්බිණි හා ශාක්‍ය ජනපද නේපාලය ට අයත් නොවන බවත් පැහැදිලිව තහවුරු වෙයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඔතන නගරයක් බව කියලා තියෙනවා ද??? නගරයක හා රාජ්‍යයක් කියන වචන දෙකේ වෙනස දන්නේ නැද්ද???

      Delete
  3. මිත්‍යාවට එරෙහිව ගෙන යන සටන ප්‍රශංසනීයයි...ළඳබොළඳ තර්ක ඉඳිරිපත් කරමින් බුද්ධ චරිත කතාවේ පටන් ධර්මයම වනසන්නට දරන උත්සාහයට කදිම පිළිතුරු දීමකි...ලංකාවේ බුදුන් උපන්නේයැයි පවසමින් ගෙන යන මිත්‍යාව නිසා අනාගතයේදී ත්‍රිපිටක ධර්මය පවා හෑල්ලුවීමේ අවදානමක් පවතී..එමනිසා මිත්‍යාවට එරෙහිව ඔබගේ කරුණු දැක්වීම ඉතා අගනා කටයුත්තකි...මහනුවර යුගයට අයත් විහාර අස්න නම් අස්නෙහි ලංකාවේ විහාරාරාම අතර කපිලවස්තු,පිරිනිවන් මංචකය ආදී විහාරද සඳහන් බවත් එබැවින් ඒවාද ලංකාවේම පිහිටි බවත් තවත් මිත්‍යා කරුණු දැක්වීමක් සිදු කරන ආකාරය මම දුටිමි.විහාර අස්නේ ඉන්දියාවේ පවතින ස්ථාන මෙන්ම දක්ෂිණ සිරිපා සටහන ඇති මක්කම පුදබිම ගැන පමණක් නොව තව්තිසා දෙව්ලොව පිහිටා ඇතැයි පැවසෙන සිළුමිණ සෑය පිළිබඳව පවා සඳහන්‍ බව කිව යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.

      Delete
    2. නිකන්ම කියවන්නේ නැතුව හොයල බලන්න.

      Delete
  4. Nepal කියන නම එන්නේ ඉතිහාසේ ඉඳලා.තනිකරම බොරු නේ මේකේ කියන්නේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්