ජනවසභ දෙවියන්
බුදු රදුන් ලංකාවේ බව පවසන සාක්ෂි වල මිත්‍යාව අංක 11.
බුදු රදුන් ලංකාවේ බව පවසන මොවුන් ප්‍රචාරය කරමින් යන තවත් මතයක් නම්
1. බිම්බිසාර රජතුමා මරණයෙන් පසු යක්ෂ ගෝත්‍රික මනුෂ්‍යයෙක් ලෙස ඉපදුන බවත්.
2. වෛශ්‍රවණ හා විරුල්හ යනු මනුෂ්‍ය රජවරුන් බවත් සතරවරම් දෙවිවරු නොවන බවත්.
3. ඒ බව ජනවසභ සූත්‍රයේ සඳහන් වන බවත් ය.
මේ කරුණු ගැන ජනවසභ සූත්‍රය ඇසුරින් විග්රහ කර බලමු.
ත්‍රිපිටක දීඝ නිකායේ මහාවග්ග පාළියේ ජනවසභ සූත්‍රය අඩංගු වෙයි. එහි ආරම්භයේ ආනන්ද හිමිට ඇතිවන පැනයක් බුදු රදුන් ගෙන් විචාරීම ගැන සඳහන් වේ.
එනම් මියගිය බිම්බිසාර රජු වැනි බුදු රදුන් ළඟින්ම සිට සත්කාර කළ, තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හා මගධයේ අනිත් මියගිය තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් නැවත උත්පත්තිය ලැබූ ස්ථාන ගැනයි.
ආනන්ද හිමි විචාල ඒ පැනයට බුදු රදුන් දේශනා කළ කරුණු මේ සූත්‍රයේ අඩංගු වෙයි.
එහිදී බුදුරදුන් මේ පිරිසේ කර්ම හා උත්පත්ති ගැන මෙනෙහි කරමින් සිටින අවස්ථාවක එහි පහළ වූ ජනවසභ දෙවි ගැන හා ඔහු පැවසූ කරුණු ආනන්ද හිමියන්ට විස්තර වශයෙන් දේශනා කරනු ලබයි.
එහිදී ජනවසභ යනු මනුෂ්‍යයෙක් නොවන බව පැහැදිලි වන කරුණු රාශියකි.
1. ජනවසභ මනුෂ්‍යයෙකු ලෙස මෙම සූත්‍රයේ කිසිම තැනක හදුන්වා නොමැති අතර "ජනවසභ යක්ඛ" නමින් හඳුන්වා ඇත. යක්ඛ යන පදයේ තේරුම අනුව දෙවියා/ යක්ෂයා යන අරුත මිස මනුෂ්‍ය බව නොයෙදෙයි.
2. එසේම බුදු රදුන් ජනවසභ දෙවි පළමුව අදෘශ්‍යමානව සිට "භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ වෙමි" යනුවෙන් පවසා අනතුරුව බුදු රදුන් ඉදීරිපිට පහලවූ බව දේශනා කරනු ලබයි.
3. අදෘශ්‍යමානව සිට කතා කිරීමත් අනතුරුව බුදු රදුන් ඉදිරිපිට පහළ වීමත් මනුෂ්‍යයන්ට කළ නොහැකිය.
4. එසේම ජනවසභ දෙවි බුදු රදුන් බැහැදැකීම පිණිස හේතු වූ කරනු දෙකක් දක්වයි.
a) බුදු රදුන් මියගිය බිම්බිසාර රජු ඇතුළු මගධ වැසියන් ගැන, කර්මයන් හා නැවත උත්පත්ති ගැන මෙනෙහි කරමින් වැඩ සිටින බැව් දැන එතනට පැමිණි බව.
b) වෛශ්‍රවණ දෙවියන් එම මගධ පින්වතුන් ගැන ජනවසභ දෙවි හට පැවසූ කරුණක් මේ අවස්ථාවේ බුදු රදුන්ට සැල කිරීම සුදුසු යැයි සිතීම.
එසේම ජනවසභ දෙවි බුදු රදුන් මේ කරුණු ගැන මෙනෙහි කරමින් වැඩ සිටින බව දැක ඇත්තේ වෛශ්‍රවණ දෙවි විසින් ඔහුට පැවරූ කටයුත්තක් සඳහා විරුල්හ දෙවියන් වෙත යන අතරතුරදීය.
5. මෙහිදී ජනවසභ දෙවි විසින් බුදු රදුන් මෙනෙහි කරමින් සිටි කරුණු දැන එතනට පැමිණි බව සඳහන් කරන අතර එනම් බුදු රදුන් මෙනෙහි කරන දේ තම සිතින් දැන ගැනීමේ හැකියාව ඔහුට තිබූ බවයි.
6. මේ කරුණ ජනවසභ දෙවි හට පෙර විසූ ජාති පිළිවෙල දැකිය හැකි බව සූත්‍රයේ සඳහන් කරුණ සමග ගැලපේ.
7. එයින් පැහැදිලි වන්නේ ජනවසභ දෙවි විශේෂ ඥාන ශක්තීන් ඇති දෙවි කෙනෙකු බවයි.
8. එසේම මෙහෙදි සැලකිල්ලට ගත යුතු තවත් ප්‍රධාන කරුණක් ඇත. එනම් බිම්බිසාර රජු මියගියේ බුද්ධ පරිනිර්වාණය ට වසර 8 කට පෙර බව මූලාශ්‍ර වල දක්වා ඇති බවයි.
9. එසේ නම් මේ හමුව සිදුවන්නේ බිම්බිසාර රජු මියයෑමත් බුද්ධ පරිනිර්වාණය ත් අතර කාලයේදී වන බවයි.
10. එසේ නම් බිම්බිසාර රජු ජනවසභ ලෙස උපත ලබා වසර 8 කට වඩා අඩුවිය යුතු බවයි.
11. එනම් ඔහු මනුෂ්‍යයෙක් නම් වයස වසර 8 කට වඩා අඩු කුඩා දරුවකු වන බවයි.
12. එබැවින් ඔහු මනුෂ්‍යයෙකු ලෙස ගතහොත් හා වෛශ්‍රවණ, විරුල්හ දෙවියන් මොවුන් කියන ආකාරයට මිනිස් රජවරු නම් වෛශ්‍රවණ රජු කිසියම් කටයුත්තක් සඳහා විරුල්හ රජු වෙත යවන්නේ කුඩා දරුවෙකි.
13. එසේම එම කුඩා දරුවා පෙර විසූ ජාති පිළිවෙල දන්නා, පරසිත් දැන ගත හැකි ඥාන බල ඇති බලවතෙක් වන්නේය.
14. රජවරුන් තම කටයුතු සඳහා වයස අවුරුදු 8 වත් නැති කුඩා දරුවෙකු තනිව යැවූ බව කිම විහිළුවක් නොවන්නේද.
15. එසේම සූත්‍රයේ ඉදිරියට ඇති කරුණු අනුව ජනවසභ දෙවි තව්තිසා දිව්‍ය ලෝකයේ ඇති දේව සභාවට සහභාගී වෙයි. ජනවසභ දෙවි අවුරුදු 8 ක් වත් වයස නැති මිනිස් දරුවෙකු නම් තව්තිසා දිව්‍ය ලෝකයේ දේව සභාවට සහභාගී වන්නේ කෙසේද???.
16. එසේම මෙම තව්තිසා දිව්‍ය ලෝකයේ දේව සභාවට සතර වරම් දෙවි රජ වරුන් වන වෛශ්‍රවණ හා විරුල්හ දෙවිවරුන් තම පිරිවර සමග සහභාගී වූ බව සූත්‍රයේ සඳහන් වීමෙන් ඔවුන් මිනිස් රජවරු නොව සතරවරම් දේව රජවරුන් බව තහවුරු වෙයි.
17. මේ ඉහත පෙන්වූ ජනවසභ සූත්‍රයේ සඳහන් කරුණු අනුව ජනවසභ යනු යක්ෂ ගෝත්‍රයේ උපන් මනුෂ්‍යයෙකු නොවන බවත් දෙවියෙකු බවත් පැහැදිලිවම තහවුරු වේ.
18. මෙසේ තහවුරු කළ පසු මොවුන් රැගෙන එන කරුණ නම් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය වැරදි බවයි. එම කරුන පල රහිත වන්නේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය පාලි භාෂාව හා බුදු දහම පිළිබඳ හසල දැනුමක් ඇති ලංකාවේ ප්‍රසිද්ධ විද්වත් මණ්ඩලයක් විසින් සකස් කර ඇති බැවින් හා මේ වනතුරු මේ පරිවර්තන වැරදි බව පවසන අය පාළි භාෂා හා බෞද්ධ මූලාශ්‍ර ඇසුරින් මේ පරිවර්තන වල දෝෂයක් පෙන්වා නොමැති බැවිනි.
19. එසේම පාළි හා සිංහල ත්‍රිපිටක ඕනෑම අයෙකුට සසඳා බැලිය හැකි අතර පරිවර්තනය දෝෂ සහිත නම් අදාල මූලාශ්‍ර සමග දැක්විය හැකිය.
20. එමෙන්ම ත්‍රිපිටක සූත්‍ර මොවුන්ගේ පටු අරමුණු වලට නොගැළපෙනවා නම් එම සූත්‍ර වැරදි බව ප්‍රකාශ කිරීමට තරම් මොවුන් ධර්ම විකූර්ථිකයන් වි ඇත. මෙහි කියන දහම ඔවුනගේ විකෘති ධර්මය මිස සත්‍ය බුදු දහම නොවන අතර එම විකෘති දහමට නොගැළපෙන සූත්‍ර වැරදි බවත් පවසමින් බෞද්ධයන් මුලා කරමින් සිටියි.
මෙලෙස ත්‍රිපිටකයේ අඩංගු බුද්ධ දේශිතය පවා විකෘති කරමින් ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගැනීමට යොදා ගන්න අය හෙළ බෞද්ධයන් විය හැකිද??
ඔවුන් බුදු දහම සහ මේ බෞද්ධ රට රැක ගන්න අය විය හැකිද??
සැබෑ හෙළ බෞද්ධයන් හට නුවනින් විමසීම පිණිස......
තෙරුවන් සරණයි.
මනෝජ් කුමාර.

ආටා නාටිය සුත්‍රයෙ සතරවරම් දෙවියන්ට ඇයි චත්තාරෝ මහා රාජා ලෙස සදහන් කර ඇත්තෙ. ආටා නාටා කියන පාලි වචනයෙහි අර්තයකුමක්ද? යක්කු ඉර්දි බල සම්පන්නනම් අලව් යකා ගැන කුමක්ද කියන්නෙ. යක්කුන්ට සොවාන් විය හැකිනම් ඇයි යක්කුන්ට ගිනිතියල බුදුරජානන් වහන්සෙ විසින් එලවන්නෙ, බුදුවරයෙක් තිරිසනෙකුටවත් එහෙම කරයිද? මෙහි විශාල වරදක් ඇත,තමාගෙ මතය නොදරන අයට විකුර්ති යක් කීම කොතරම් සාදාරනද?
ReplyDeleteආටානාටිය සූත්‍රයේ විතරක් නෙවෙයි තවත් සූත්‍ර වල සතරවරම් දෙවි රජවරු කියන නම භාවිතා වෙනවා. ඒ වගේම ආටානාටිය සූත්‍රය සඳහන් කරන්නේ අම්නුෂ්ය්යන් ගැන බව හොඳටම පැහැදිලියි.
Deleteයක්කුන්ට සෝවාන් විය නොහැකි බව සඳහන් තැනක් ත්‍රිපිටකයේ තියෙනවද???
සතරවරම් දෙවි රජවරු නොවෙයි රජවරු පමනයි.
ReplyDeleteනැ, යඛ්ක යනු මනුශ්‍ය කොටසකි
පෝස්ට් එක හරියට කියවන්න 😂😂😂 මේ තර්කය එහි බිඳලා තියෙන්නේ. එකම ආයේ කියන්න එපා 😂😂😂
Delete