ගංගා නම් ගඟ ලංකාවේ ද?

බුදු රදුන් ලංකාවේ බව පවසන පිරිස ඉදිරිපත් කරන සාක්ෂි වල මිත්‍යාව- (01කොටස)

පහත ඉදිරිපත් කර ඇති ඡායාරූපය.


එහි සඳහන් පරිදි ඔවුන් ගංඟා නම් ගග පිළිබඳව සංයුක්ත නිකායේ ගංඟා නදී සූත්‍රයේ සඳහනක් සහ ග්‍රීක පඬිවරයෙකු වන ටොලමි විසින් ඇඳ ඇති සිතියමක් භාවිතා කරයි.
ඔවුන් මෙහෙදි තහවුරු කිරීමට අදහස් කරන්නේ ගංඟා නම් ගඟ ලංකාවේ පිහිටා ඇති මහවැලි ගඟ වන බවයි.

සංයුක්ත නිකායේ සඳහන් වන පරිදි පෙරදිගට නැමී, පෙරදිගට හැරී පෙරදිගට බරව ගමන් කරයි යන විස්තරය ලංකාවේ මහවැලි ගඟට ආදේශ කිරීමයි.

නමුත් මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණ නම් මහවැලි ගඟ ගලන්නේ ඊසාන දෙසට නැමී ඊසාන දෙසට හැරී ඊසාන දෙසට බරව වන බවයි.
    
    


එසේම ගංඟා නම් නදිය පෙරදිගට නැමී, පෙරදිගට හැරී පෙරදිගට බරව ගමන් කරන බව ඔවුන් ඉදිරිපත් කරන පොටෝ එකේද පැහැදිලිව පෙනේ.



එමගින් ඔවුන්ගේ තර්කය බිඳී යයි.

ඔවුන් ඉදිරිපත් කරන අනිත් තර්කය නම් ටොලමි ගේ ශ්‍රී ලංකා සිතියමේ gange යන්න ලෙස හඳුන්වා ඇත්තේ ගංඟා නම් නදිය වන බවයි.

නමුත් ටොලමි විසින් ඇඳ ඇති සිතියම් දැනට සොයාගැනීමට නොමැති අතර විවිධ අය විසින් එම මුල් සිතියම් වල ලබාගත් පිටපත් පමණක් ඉතිරි වී ඇත.

එම සිතියම් අතරින් ඔවුන් ආසියාවේ අංක 12 නැමැති සිතියම ඉදිරිපත් කර ඇත.
නමුත් ඔවුන් ඉන්දියාව සඳහන් අංක 10 සහ 11 මෙන්ම ඔහුගේ සම්පූර්ණ ලෝක සිතියම ද ඉදිරිපත් නොකරයි.
එම සිතියම් තුනේම ගංඟා නම් ගඟ පැහැදිලිව ඉන්දියාවේ සටහන් කර ඇත.





එසේම ටොලමි ගේ සිතියම් වල පිටපත් වල පැරණිම පිටපත් වල මේ ලංකාවේ ඒ්වැනි සඳහනක් නැත.



මේ පිරිස මෙවැනි විකෘති කළ හා සත්‍ය වසන් කරමින් නිර්මාණය කළ මෙවැනි සාක්ෂි ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු පවරන බව පවසයි.

මේ බොරු විකෘති කළ සාක්ෂි මගින් හෑල්ලු වන්නේ අපේ රට ජාතිය හා ආගම නෙවෙයිද..

මේ නැති කරන්නට යන්නේ ගෞතම බුදු රදුන් හා අපේ හෙළ බෞද්ධ ඉතිහාසය නෙවෙයිද??

සත්‍ය සාක්ෂි තිබේ නම් මේ බොරු විකෘති මොකටද??

කුමක්ද මේ කුමන්ත්‍රණය?? පාවාදීම??

Comments

  1. ඉතා වැදගත් blog එකක්.

    ReplyDelete
  2. ඔබට තෙරුවන් සරණයි මහත්මයා අවැසි මොහොතක මේ ඉෂ්ඨ කරනා ශාසනික මෙහෙවර වෙනුවෙන්....

    ReplyDelete
  3. දිගටම මෙවන් හරවත් දෑ පල කිරීමට ඔබට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයත් සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන්වහන්සේලාගේ පිහිටාරක්ෂාවත් ලැබේවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

ෆාහියන් හිමියන් තරණය කල කාන්තාරය යනු මහවැලි ගඟ ද

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්