මහාසම්මත හා මනු රජු එක් අයෙක්ද? දෙදෙනෙක්ද? මහාසම්මත මනු රජු යන ඒ යෙදුම බහුලව භාවිතා වන බැවින් ඒ ගැන සත්‍ය කුමක්ද යන්න සොයා බැලීම මෙහි අරමුණ විය. පුරාණ ලිඛිත මූලාශ්‍ර උපයෝගී කරගෙන සිදුකරන මෙමෙ විග්‍රහයේ දී පහත කරුණු සලකා බලනු ලැබේ. 1. මහාසම්මත රජු 2. මනු රජු 3. මේ දෙදෙනා එක් අයෙක්ද? මහාසම්මත රජු පිළිබඳ ලිඛිත මූලාශ්‍ර ගණනාවක සඳහන් වන අතර එකින් ඒක සලකා බලමු. 1. ත්‍රිපිටකය. ත්‍රිපිටකයේ අග්ගඤ්ඤ සූත්‍රයේ ලෝකය නිර්මාණය වීම හා සත්වයන් පහළ වීම ගැන විස්තර කරන අතර එසේ මුලින්ම ඕපපාතිකව පහළ වූ සත්වයන් අතර සම්මතයෙන් ඔවුන්ගේ පාලනය පිණිස පත් කරගත් පළමු පාලකයා/ රජු මහාසම්මත රජු විය. (ඡායාරූප අංක 01 හා 02) වාසෙට්ඨය, එසේ මහජනයා විසින් සම්මත කරණ ලද්දේය යන අර්ථයෙන් මහාසම්මතය, මහාසම්මතයයි කියා පළමුවන නාම (ව්‍යවහාර)ය ඇතිවිය ( අග්ගඤ්ඤ සූත්‍රය, මහාසම්මත රාජා. 130) මෙසේ මහාසම්මත රජු ගැන සඳහන් කරන ත්‍රිපිටකය මනු රජෙකු ගැන හෝ මහාසම්මත මනු රජෙකු ගැන සඳහන් නොකරයි. 2. මහාවංශය. මහාවංශයේ දෙවන පරිච්ඡේදය ආරම්භයේදී කල්පාරම්භයේදි සිටි මහාසම්මත නාරෙන්ද්‍රයා ගැන සඳහන් කරන අතර ( අංක 3 ඡායාරූපය) එහි...