රත්නප්‍රාසාදය යනු පූර්වාරාමය ද?

 හෙළ බුදුන් කල්ලියේ තවත් බේගලයක අවසානය.


වර්තමාන අනුරාධපුරය යනු බුදු රදුන් වැඩ සිටි සැවැත් නුවර යන බවට ව්‍යාජ මතයක් සමාජ ගත කරන හෙල බුදුන් කන්ඩායම ඒ සඳහා ප්‍රධාන සාක්ශියක් ලෙස අනුරාධපුරයේ පිහිටි රත්නප්‍රාසාදය යොදාගෙන ඇත.


රත්නප්‍රාසාදය යනු විශාකා මහ උපාසිකාව විසින් ඉදිකර බුදු රදුන් ප්‍රමුඛ මහා සංඝයාට පූජා කල පූර්වාරාමය බව කිසිදු සාධකයක් සාක්ශියක් රහිතව මේ පිරිස හඳුන්වා දි ඒ නිසා වෙන් අනුරාධපුරය යනු සැවැත් නුවර ලෙස හුවා දක්වයි.


රත්නප්‍රාසාදය පිලිබඳව ඉතිහාසය නොසලකා හැරියද එය බුදු රදුන්ට පූජා කල පූර්වාරාමය නොවන ආකාරය ඉතා සරල කාරනාවක් ඇසුරින් පෙන්වා දීමට මිස්සක කමලසිරි හිමියන් පසුගිය දිනයක කටයුතු කරන ලදි.


විශාකා උපාසිකාව ඉදිකල පූර්වාරාමයට ඒ නම ලැබුනේ සැවැත් නුවරට නැගෙනහිරින් හෙවත් පූර්ව දිශාවෙන් පිහිටා ඇති නිසාය. ඒ බව ද්වයතානුපස්සනා සූත්‍ර වර්ණනාවේ මෙසේ සඳහන් වෙයි.


~~පුබ‍්බාරාමෙති සාවත්‍ථිනගරස‍්ස පුරත්‍ථිමදිසායං ආරාමෙ. මිගාරමාතු පාසාදෙති එත්‍ථ විසාඛා උපාසිකා අත‍්තනො සසුරෙන මිගාරෙන සෙට‍්ඨිනා මාතුට‍්ඨානෙ ඨපිතත‍්තා “මිගාරමාතා”ති වුච‍්චති.~~


~~ පුබ්බාරාමෙ සැවැත් නුවරින් නැගෙනහිර දෙසින් පිහිටි අරමයි. මිගාරමාතුපාසාදෙ විසාඛා උපාසිකාව තම මයිලණුවන් වූ මිගාර සිටුවරයා විසින් මවු තනතුරෙහි තබන ලද බැවින්, ‘මිගාරමාතා’ යැයි හැඳින්වූවාය.~~


මේ අනුව පූර්වාරාමය යනු රත්නප්‍රාසාදය නම් ද සැවැත් නුවර යනු වර්තමාන අනුරාධපුරය වන්නේ නම් ද ඉහත අටුවාවේ සඳහන් වන අකාරයට රත්නප්‍රාසාදය අනුරාධපුරයට නැගෙනහිර දෙසින් පිහිටා තිබිම අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වෙයි.


නමුත් රත්නප්‍රාසාදය පිහිටා ඇත්තේ අනුරාධපුරය ට වයඹ දිසාවෙන් බැවින් එය කිසිම ආකරයකින් පූර්වාරාමය විය නොහැකි බව ඉතාම සරලව පැහැදිලි වෙයි. එයින්ම අනුරාධපුරය යනු සැවැත් නුවර යන මොවුන්ගේ විකෘති මතය ද අවලංගු වෙයි.



මේ ආකාරයට ඉතා සරලව පෙන්විය හැකි කරුනු පවා විකෘති කරමින් හෙල බුදුන් සංගමය බෞද්ධ ඉතිහාසයට සිදු කරන විනාශය අති මහත් වන්නේ අනාගත පරපුර මේ විකෘති ඉතිහාස මත වල ගොදුරු බවට දැනටම පත් වි ඇති අවාසනාවන්ත ආකරය දැක ගත හැකි බැවිනි.


සාමාන්‍ය ජනයා පමනක් නොව භික්ෂුන් වහන්සේලා සහ පාසල් ගුරුවරුන් පවා මේ විකෘති වල ගොදුරු බවට පත් වී කටයුතු කිරිම කිසිසේත් නොසලකා හැරිය යුතු කාරනයක් නොවන බව මගේ වැටහිමයි.


මනොජ් කුමාර 



Comments

Popular posts from this blog

මහාවංසයෙන් හෙළිවන යොදුන

යොදුන පිළිබඳව දීපවංසය ඇසුරින්

ගෝතම ශ්‍රමණ යනු බුදු රදුන් ද?